1. ඉඳි ආප්ප රැප්ස්
මේකට හොඳම පාන් පිටි ඉඳි ආප්ප. හැබැයි හීනියට, ලොකුවට වත්කරගන්න ඔ්න. සාමාන්‍යයෙන් ගෝදම්බා රොටියක් සයිස් එකට වගේ වත්කරගන්න පුලුවන් නම් මරු. එහෙම වත්කරලා තම්බන්න ඉඳි ආප්ප වට්ටි නැති නිසා පන් වට්ටියක් පාවිච්චි කලා නම් හරි. ඊට පස්සෙ වෙනමම හදාගන්න ඔ්න බීෆ් හරි, පෝර්ක් හරි සැමන් හරි තෙල් දැමුමක්. හැබැයි ඒ තෙල් දැමුම හදද්දී.. මස් සියල්ල පොඩියට කපලා, ඒක පෑන් ෆ්‍රයි කරගන්න ඔ්න මුලින්ම. පදමට පෑන් ෆ්‍රයි වෙද්දි ඒකට ඉඟුරු, සුදුලූණූ, පොඩියට කපපු රතු මිරිස්, කොච්චි හෝ අමු මිරිස්, ලූණු, සෝයා සෝස් දාලා සුවඳ ගහගෙන එද්දි දාන්න අමු තුනපහ ටිකක් සහ අබ පේස්ට් පෑන් එකේ තියෙන තෙලෙන් බැදෙන්න. මතක තියාගන්න ඒවා බැදුනට පස්සෙ තමයි මස් එක්ක කලවම් කරන්නෙ. අන්තිමටම අර ඉඳි ආප්පෙ හොඳ හැටි බටර් ගාලා හෝ චීස් තට්ටුවක් අතුරලා, මස් තෙම්පරාදුව එලලා, රවුම් කරලා, දිග ඉරටුවකින් අමුණලා, අර පෑන් එකේම බටර් වලින් ෆ්‍රයි කරලා ගන්න..
2. ඉඳි ආප්ප පුඩිං
මේකටත් හරියන්නෙ පාන් පිටි ඉඳි ආප්පම තමයි. හැබැයි අපි වෙනමම ඉඳි ආප්ප තම්බන්නෙ නෑ. කරන්නෙ ඉඳි ආප්ප පිටි මිශ්‍රණයට අයිසින් සුගර්, බිත්තර, බේකින් පවුඩර්, වැනිලා දාලාම කලවම් කරලා මෝලිය හදාගන්න එක. ඊට පස්සෙ වෙනමම හදාගන්න ඔ්න කුකින්ග් චොක්ලට් සහ බටර් එකට උණු කරලා දියාරුවක්. අන්තිමටම බේකින්ග් ට්‍රේ එකක යටට ඇලුමිනියම් ෆොයිල් එකක් දාලා, ඒකෙ බටර් සහ බිත්තර සාරු කලවමක් ගාලා, ඇති තරමක් ඝනකමට ඉඳි ආප්ප වත් කරන්න. ඊට පස්සෙ ඒ උඩින් චොක්ලට් මෙල්ට් එකත් වත් කරන්න. ඒ විදියට ඔ්න තරම් ලේයර්ස් දාන්න පුලුවන්. කොහොමහරි කේක් එක විනාඩි 20ක් විතර සෙල්සියස් 150-170 බේක් කරලා එලියට ගත්තට පස්සෙ, කෑමට ගන්න කලින් එක්කො වැනිලා අයිස් ක්‍රීම්, නැත්නම් පෙති කපපු කෙසෙල්, එහෙමත් නැත්නම් ස්ට්‍රෝබෙරි එහෙමත් පංකාදුයි ඈ..
3. ඉඳි ආප්ප පීසා
පිටි මෝලිය අනන්න ඔ්න පාන් පිටි සහ ඔලිව් ඔයිල් වලින්. ඒ අතරට කෝන් ෆ්ලා පොඩ්ඩක්, යීස්ට් චුට්ටක් එහෙමත් දාලා උණු වතුරෙන් මෝලිය හදාගන්න. හදලා පිපෙන්න අරින්න පැයක් විතර. ඊට පස්සෙ මහත හිල් තියෙන ඉඳි ආප්ප වංගෙඩියකින්.. ලොකු රොටියක් හැඩේට, ඝනේට ඉඳි ආප්ප වත් කරන්න පාන් පිටි ගාපු තැටියක් උඩට. වත් කරලා ඒකට මුලින්ම තක්කාලි, ලුණු සහ ඔලිව් ඔයිල් ග්‍රයින්ඩ් කරලා හදාගත්ත පේස්ට් එකක් ගාන්න ඔ්න. ඊට පස්සෙ ඇති හැටියට මොසරැල්ලා, ඒ උඩින් මස්, සොසේජස්, හැම්, බේකන්, පෙපරෝනි.. තව චීස්, ඔලිව්, තක්කාලි පෙති, බට්න් මෂ්රූම්..
හිතේ හැටියට දාලා අවන් එකේ බේක් කරගන්න!
4. ඉඳි ආප්ප බිරියානි
බාග වෙලාවට කට්ටිය ඉන්ඩියන් රෙස්ටුරන්ට් වලින් කාලා එහෙමත් ඇති මේක. ඒකට කාරි නෑ. කොහොම වුනත් හදන්න හරි ලේසියි. ඉස්සෙල්ලාම හදාගන්න ඔ්න හාල් පිටි ඉඳි ආප්ප. ඒ අතරට වෙනමම හදන්න මට්න් හරි, බීෆ් හරි, චිකන් හරි කරියක් ඉන්ඩියන් ස්ටයිල් එකට. ඉඟුරු, සුදුලූණූ, කුරුඳු, කරපිංචා, කරාබු, එනසාල්, බේලීෆ්, සේර, කොත්තමල්ලි කොල, දුරු, මිරිස් කුඩු, ලුණු, අමු තුනපහ, රතු මිරිස් දාලා දිය කිරෙන් තම්බලා, මිටි කිරෙන් නටවලා අරගෙන. අන්තිමටම ඒකෙ කෑලි සියල්ල අර ඉඳි ආප්ප එකට දාලා, අබ, ගම්මිරිස් එහෙමත් පොඩ්ඩක් දාලා ඉඳි ආප්ප ටික ගී එක්ක ලාවට පෑන් ෆ්‍රයි කරන්න, හැබැයි හැන්දකින් හොඳට පොඩි වෙන විදියට හැඳි ග ගා. කරලා එලෙසින්ම කෑමට ගන්නත් පුලුවන්, නැත්නම් තව දියකිරි ටිකක් දාලා, මසාලා එහෙම තියෙනව නම් කලවම් කරලා හින්දලා අරගෙන කෑමට ගන්නත් පුලුවන්