1. බුල්සායි වඩේ
මුලින්ම උඳුපිටි හුමාලයෙන් තම්බගන්න. ඊට පස්සෙ ඒකට දාන්න හීනියට ලියපු රතුලූණූ, අමුමිරිස්, අබකුඩු, ගම්මිරිස් කුඩු, පදමට ලුණු. දාලා හොඳට අනන්න මෝලිය ඝනේට සෙට්වෙන්න. ඊටත් පස්සේ.. වරු බාගයක් විතර පිපෙන්න ඇරලා.. අල්ලෙන් බාගයක විතර ගුලි අරගෙන මැද හිල ලොකුවට තියෙන්න රෝල් කරගන්න. ඒ රෝල් කරද්දි මතක තියාගන්න අතේ පොල්තෙල් ටිකකුත් ගා ගන්න. කොහොමහරි අන්තිමට වඩේ ගැඹුරු තෙලේ බැදලා පාට වැටීගෙන එනකොටම බාන්න. බාලා කපන්න දෙකට. කපලා.. පෑන් එකක බටර් ටිකක් රත් වෙන්න තියලා, වඩේ බාග තිබ්බා, බිත්තරයක් කඩලා දැම්මා, ලුණු ගම්මිරිස් චුට්ටක් දැම්මා, හාෆ්බොයිල් වේගෙන එද්දිම අනිත් පලුව උඩින් තියලා බෑවා..
2. ස්පයිසි ස්මෝක්ඩ් පෝර්ක්
මේකට හරියන්නෙ පෝර්ක් චොප් එකක් හරි රිබ් එකක් හරි. හොඳට හෝදලා කරලා අරගෙන අඟලෙන් අඟලට ඉරි ගහලා, ගාන්න මිශ්රණයක් කොච්චි, රතු මිරිස්, ගම්මිරිස්, ලුණු, සියඹලා, ඉඟුරු, සුදුළූණු, කරපිංචා එකට අඹරලා විනාකිරි වලින් දියකරපු. ගාලා තියන්න වරුවක් විතර හොඳහැටි පදම් වෙන්න. ඊට පස්සේ.. දර ලිපක් අවුලලා.. ඒකෙ අඟුරු උඩින් තියන්න පෝර්ක් පලුව දිග කම්බියක ගහලා. (දැලක් පාවිච්චි නොකර ඉන්න පුලුවන්න නම් හොඳයි) කොහොමහරි තෙල් ටික බේරිලා මස හයියට තැම්බුනාට පස්සෙ.. දෙසන්නයි තියෙන්නෙ සැන්ඩ්විච් එකකට වගේ මැද්දට තියාගෙන.
3. කර්ඩ් සැමන්
සැමන් කෑලි හොඳට හෝදලා.. පදම් කිරිල්ලක් තියෙන්නෙ. ඒ පදම් කරන මිශ්රණයට තමයි ඔ්න මීකිරි, මිරිස්, ගම්මිරිස්, කහ, බැදපු තුනපහ, මස්කරි පවුඩර්, අබ පේස්ට්, දෙහි. ඒ හැරුනාම ඉතින් කොච්චි එහෙමත් අඹරලා දැම්මට අවුලක් නෑ. කොහොමහරි සැමන් කෑලි ටික වරු බාගයක් විතර පදම් වුනාට පස්සෙ.. ග්රිල් කරලා ගන්න පුලුවන් නම් තමයි නොම්මර එක..
4. හකුරු කිරි රොටි
ගන්න ඔයා කලින් දවසෙ ගෙනාපු පාන්ගෙඩිය ඉතුරු හරිය. අරගෙන.. ඒකට හාල්පිටියි, සීනියි, පොල්වතුරයි දාලා හොඳට අනලා වරු 2ක් විතර පිපෙන්න අරින්න. ඊට පස්සෙ ඒකටම දාන්න ලුණුයි, පොල් ගෙඩියක මිටි කිරියි. දාලා, ආයෙ අනලා.. තව වරු බාගයක් විතර තියෙන්න අරින්න. එහෙම තිබ්බට පස්සෙ ඔයාට පුලුවන් මේ මිශ්රණයෙන් වාටි නැති ආප්ප හදන්න. ඒ හදන අතරට ඔයා තව හදාගන්න ඕන හකුරු බෑයක් හිනියට ලියල අරගෙන, ඒකට හාල්පිටි මේස හැන්දකුයි, ලුණු ටිකකුයිත් දාලා ලිපේ උණු කරල හදපු දැවටුමක්. අන්න ඒ දැවටුමේ.. අර උණු උණු රොටි ගිල්ලල තියල කොහොමහරි ලා රස්නෙත් එක්කම වගේ.. බලන්න කෙහෙල් ගෙඩියකුත් කිට්ටු කරගෙන!
5. බේකන්, හැම් චිලි කරි
ඒ වේළපු හැම්, බේකන් වලින්ම හදන්න.. මැටි ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා, ඒකට සුදුළූණු ටිකක් බැදෙන්න දාලා, ඒ එක්කම ලූණු, මිරිස් කුඩු, කොච්චි, අමුතුනපහ, රම්පෙ කරපිංචාත් දාලා, බේකන්, හැම් එක්ක දියකිරි දාන්න.. දාලා දියකිරි හිඳෙන්න ඔන්න මෙන්න තියලා බාලා ගන්නකො.. රතුබතකට වගේ නම්..