2021 අගෝස්තු මාසේ අපට හමු වුණ.. රසම කෑම තියන හොඳම තැන් 5.

හෙටින් ඉවර වෙන අගෝස්තු මාසේ අපි ට්‍රයි කරපු ක්ලවුඩ් කිචන් සහ රෙස්ටොරන්ට් අතරින්, අපේ වඩාත් ම සිත් ගත් තැන් 5 තමයි මේ. මේ හැම තැනක් ම ලොක්ඩවුන් එක අතරෙත් ඕගොල්ලො ඉන්න තැනට ම කෑමබීම ඩිලිවර් කරනවා.

Lago Italian Bistro

අපිට රසට පිට්සා සහ රිසෝටෝ කන්න අවස්ථාවක් ලැබුණා අලුතෙන් ඕපන් කරපු ලාගෝ ඉටැලියන් බ්‍රිස්ටෝ එකෙන්. ජනප්‍රිය Il Gelato,  Park Street Trattoria සහ Il Caffé කරන අයගෙම සහෝදර අවන්හලක් වෙන මේක පිහිටලා තියෙන්නේ කලම්බු සිටි සෙන්ටර් එකේ බිම් මහලේ.

නැපොලිටානා ස්ටයිල් එකේ පිට්සා තමයි මෙතන විශේෂත්වය. ඒ අතින් මේ අය උපරිමයි. පිට්සා ක්‍රස්ට් එක හොඳ ක්‍රිස්පි. මැද තුනීයි. ටෙක්ස්චර් එකත් මරු. හොඳ සරුවට ටොපින්ග්ස් ටිකක් එහෙමත් දාල තිබුණා.

මෙතන වාතාවරණය ගැන කිව්වොත්, ලංකාව වගේ ම ඉතාලියත් මතක් වෙන විදිහට මලින් වැලින් ගැවසුණ හරිම අලංකාර සහ සුවපහසු වටපිටාවක් තමයි තියෙන්නේ. 

මේගොල්ලො ලොක්ඩවුන් එක අතරෙත් ඩිලිවර් කරනවා. ඇණවුම් කරන්න 0112083332 අංකය අමතන්න.

The Vade Story

උණු තේ කෝප්පයක් එක්ක උණු උණු ක්‍රිස්පි වඩේ එකක් ගලපගන්න හොඳ තැනක් මේ. වසර ගණනක් පැරණි වට්ටෝරුවකට අනුව හදන රස ම රස මසාලා වඩේ සහ උළුඳු වඩේ තමයි ද වඩේ ස්ටෝරි එකේ තියෙන්නේ. මේවට හරි යන රස චට්නි කීපයකුත් ඒ අයගෙන් ලැබෙනවා.

වැඩිපුර ම අපේ හිතට ඇල්ලුවේ උළුඳු වඩේ සහ කොච්චි චට්නි ගැලපුම. පිටතින් යාන්තම් ක්‍රිස්පි ගතියට සහ ඇතුළතින් මෘදු වෙන්න හදල තිබුණ උළුඳු වඩේ රන්වන් පාටට බැදිලා. හොඳ ස්පයිසි රසකුත් දැනුණා. කොච්චි චට්නි කියන්නෙ අර සුපුරුදු පොල්වලින් හදන කොළ පාට චට්නි එකට ම කොච්චි ඉන්ෆියුස් කරල හදපු චට්නියක්. පොල් සහ කුළුබඩු රසට වඩා මේකෙන් හොඳට ඉස්මතු වෙන්නේ කොච්චි රසයි සැරයි.

මෙයාලගෙ ක්‍රිස්පි මසාලා වඩේ එකත් ට්‍රයි කරන්න ම ඕන කෑමක්. ඕඩර් කරන්න ඉන්ස්ටග්‍රෑම් මැසේජ් එකක් දාන්න. නැත්තං 0706777324 අංකයට කතා කරන්න.

Secrets by Ayana

මේ වාද්දුවේ තියන ජනප්‍රිය සීසයිඩ් විලා එක, Ayana Sea එකට අයිති ක්ලවුඩ් කිචන් එකක්. වැඩියෙන් ම අපේ හිත ගත්තේ මෙයාලගේ ඩෝනට්ස්. හොඳට ම ක්‍රීමි පේස්ට්‍රි ක්‍රීම් එකකින් පුරවලා ආපු බොස්ටන් ක්‍රීම් ඩෝනට් එක මාර රහයි.

මෙතන පංකාදු බීෆ් සැන්ඩ්විච් එකක් තියනවා. ජූසි බීෆ් ස්ටේක් එකක්, මොසරැල්ලා, මෂ්රූම්, අච්චාරු, ලූනු එහෙම නීට් එකට හෝම්මේඩ් චබටා පාන් මැදට දාල තමයි එන්නේ. 

වැඩි විස්තර දැනගන්න සහ ඇණවුම් කරන්න 0770570570 අමතන්න.

Poke 65

සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ විචිත්‍රවත් පොකේ බෝල්ස් සකසන Poke 65 ක්ලවුඩ් කිචන් එකක්. වියට්නාම්, ජපන්, තායිලන්ත ආදී විවිධ ආහාරවලින් මේ අය ආභාසය ලබාගන්නවා.

උදාහරණයක් විදිහට Saigon බෝල් එක ගත්තොත්, වියට්නාම් සහ තායි රසවලින් තමයි මේක සමන්විත වෙන්නෙ. රයිස් නූඩ්ල්ස්, ඊට උඩින් හීනියට ලියපු පාට පාට එළවළු (කැරට්, සුකිනි, ගෝවා සලාද කොළ සහ මිංචි කොළ), මින්ස්ඩ් චිකන් ගොඩක්, ඊට උඩින් ඉහපු රටකජු කෑලි සහ Poke 65 එකට ම විශේෂ වුණ කෑලි කපපු ස්ප්‍රින්ග් රෝල්ස් තමයි මේකට එන්නේ. මේගොල්ලන්ගේ ස්පයිසි Saigon සෝස් එකත් ඒකට ම ගැලපෙනවා. ඒකෙන් බිංදුවක් ගෑවුණත් ඇති මේ ඔක්කොම කාල ඉවර කරන්න. 

Mai Globe Travels කණ්ඩායම තමයි මේක කරන්නේ. ඔබේ ඇණවුම් 0772990565 අංකයට වට්ස්ඇප් කරන්න.

Loukoumades

තුර්කිය / ග්‍රීසිය පැත්තේ ප්‍රකට රසකැවිල්ලක් තමයි Loukoumades කියන්නෙ. ලංකාවෙන් මේවා ගන්න පුළුවන් එක ම තැන දෙහිවල තියන Loukoumades එක වෙන්න ඕන. ඩීප් ෆ්‍රයි කරපු, ක්‍රිස්පි බවින් අනූන, ෂුගර් සිරප්වල දවටපු පේස්ට්‍රි බෝල්ස් එක්ක හොඳ හොඳ ටොපින්ග්ස් ජාතිත් එනවා.

බිස්කොෆ්, නටෙලා සහ රොචර්ස් කියන ජාති දෙක තමයි අපි ඕඩර් කළේ. දෙක ම සුපිරි. ඕගොල්ලොත් ඕඩර් කරන්න කැමති නං එයාලට ඉන්ස්ටග්‍රෑම් මැසේජ් එකක් දාන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide