1. Ella Retreat (071 2465783)
ඇල්ල රොක් බෑවුම් පැත්තට වෙන්න පුංචි කැලෑවක් මැද්දෙ, ලස්සන විව් එකකට මුහුණලා ඉදිවුනු අපූරු නවාතැනක්. හරියටම කිව්වොත් මේක ග්ලැම්ප් එකක්. ඒ කියන්නෙ සෙමි ලක්ෂරි කෑම්ප් එකක්. ලීයෙන් නිමවපු ලොකු වේදිකාවක් උඩ, අපූරු ටෙන්ට් එකක් ගහලා.. ඩෙක් එකේම ඉස්සරහ ඉඩ තියලා ලස්සනට විව් එක පේන විදියට ඉස්තෝප්පුවක් වගේ.. පිටිපස්සෙ සුවපහසු බාත්රූම් එක. ඒ විතරක් නෙවෙයි, මෙයාලගෙ කෑම බීම, සේවාව එහෙමත් සුපිරිලු. වියදම දෙන්නෙක්ට රැයකට රු. 13500යි.
2. Hideout Cabins (Nuwara Eliya – 077 5540023)
සඳතැන්න මායිමේ, සීතලේ, තණ යායේ.. මැද්දට වෙලා සුන්දර ලී කොටේජයක නිවාඩුවක් ගත කරන්න.. යන්න මෙතනට. සුපිරි සුවපහසු ඉන්ටීරියර් එකක් වගේම ‘හයිඩ්අවුට්’ එකේ වටපිටාවත් හරිම ලස්සනයි. ම්.. කෑම බීම සහ සේවාව ගැන නම් ගියපු අයගෙ ලොකු තක්සේරුවක් නෑ. ඒත් ඉතින් පිටින් කාලා වුනත් ඉන්න නම් කියාපුම ප්ලේස් එක.
3. Redwood Hollow Cabin (Nuwara Eliya – 071 2927329)
නුවරඑළිය, සඳතැන්න පේන මානයේ.. ලස්සන විව් එකක් තියෙන්න සම්පූර්ණයෙන්ම ලී වලින් හදපු කොටේජ් එකක්. ඒකත් නිකම් නෙවෙයි ‘ස්විස් කොටේජ්’ ටයිප් එකට. ඒකෙ ඉන්ටීරියර් එකත් හරිම අමුතුයි.. ටිකක් ෆැන්සි හොල්මන් ටයිප් එකක්. හරියටම බලාගන්නකො පහල ෆොටෝ එකෙන්.. ඒ කොහොම වුනත් හැබැයි සුවපහසුව නම් ටොප් එකටම. මෙතනත් දෙන්නෙක්ට රැයකට යන්නෙ රු. 9000ක් වගේ.
4. Raintree Dambulla (077 0497793)
කලුන්දෑවෙ පුංචි විල් පොඩ්ඩක් මැද්දෙ හදාපු ලස්සන ලී කොටේජයක්. හැබැයි මේක සම්පූර්ණ ලී නෙවෙයි, බාගයක් විතර. කොහොම වුනත් ඇතුල සුපිරි සුවපහසුයි. ඊටත් විල නිසා කොයි වෙලෙත් පොඩි සීතල ගතියක් තියෙනවා. ම්.. වටපිටාවත් උණ පඳුරු වලින්, රූස්ස ගස්වලින් හෙවණ වෙලානෙ. ඉතින්.. මේ නිදහස් නවාතැනේ රැයක් ගත කරන්න යන ඔයාගෙ වියදම වෙන්නෙ දෙන්නෙක්ට රු. 10000ක් වගේ.
5. Happy Laugh (Ella – 077 2636387)
රු. 2000කට ෆුල් නිදහසේ රැයක් බැරි නම් දෙකක් ගත කරන්න. විව් එක මල් හතයි, කෙලින්ම කඳු පන්තියයි! තියෙන්නෙ ඇල්ල, පස්සර පාරෙ කිලෝමීටර 3ක විතර දුරින්. හැබැයි මතක තියාගන්න මේක හොස්ටල් එකක්. ඒ වගේම බැක්පැකින්ග් කෑම්පින්ග් එහෙමත් තියෙනවා.