හැබැයි එකක් මතක තියාගන්න. මොන විදියට බිව්වත්, කෑවත්.. අත කට හෝදගෙන පරිස්සමට ඉන්න තැන්වලට ගැලපෙන්න.
නැත්නම් සූර්, මයිසූර් වෙලා වළට යන්න වෙන්නෙ!
1. Angel Walk
පුටු මේස ටිකක් පිළිවෙලට දාලා, ඒසී. කාමර එහෙමත් තියෙන ප්ලේස් එක. සර්විස් එකත් මරු. කටට සැරට රස පදමට හැදෙන බයිට් යන්නෙත්.. පෝර්ක් ඩෙවිල් රු. 650යි, හොට් බටර් කට්ල් ෆිෂ් රු. 700යි වගේ. ඊටත් බීර බෝතලේ රු. 450න්. එහෙම නැත්නම් රු. 400 වගේ ඉඳන් ෂොට් එහෙමත් තියෙනවා.
2. Government Service Sports Club
ටොප් එළිමහන් ප්ලේස් එක. පොඩි පොඩි හට් ටිකක් වටේට පුටු දාලා.. සේවක මිත්රයොත් හරි හරියට ගෙස්ට්ලව බලනවා.. අනික පංකාදු පහට හැදෙන බයිට් ටික! හැඳැල්ලො එකක් රු. 450යි, පෝර්ක් ස්ටු රු. 650යි, වැඩේ කියන්නෙ මික්ස් රයිස් එක යන්නෙත් රු. 550න්නෙ. ඒ නිසා ඉතින් අතේ තියෙන ගාණට අඩියකුත් ගහලා ඩිනර් එකත් බඩට දාගෙනම එන්න පුලුවන්, හ්ම්..!
3. New Thisara Restaurant
හිටපු ගමන් සර්විස් එක අවුල්. ඒකට හේතුව ඇවිල්ලා අද ඉන්න සේවකයා නෙවේනෙ හෙට ඉන්නෙ!
කොහොම වුනත් යාලු.. මෙතනින් රු. 300-400න් උඩ ෂොටක් දෙකක් දාගත්තා කියන්නෙ රඹටි හැලෙනවා. අනේ මන්දා මාර වැදිල්ලක් වදින්නෙ. හැරත් ඒ ෂොටටම, ලෙසටම කැපෙන.. මිරිස්, ගම්මිරිස් මදි නොකියන්න දාලා හදාපු බයිට්ස්.. හොට්බටර් කට්ල්ෆිෂ් රු. 600යි, ස්පෙෂල් රයිස් රු. 750යි, පෝර්ක් ඩෙවිල් රු. 700යි.. පට්ට සාධාරණයි ඈ..
4. Hawai Restaurant (Koswatta)
ලී මේස, පුටුවලින් හැඩ වුනු අවන්හලේ භෝජනාගාරය පැත්තට වෙන්න පොඩි වේදිකාවකුත් තියෙනව, සිංදු එහෙම කියන්න. එතකොට.. ටිකක් අඳුරු ප්ලේස් එක වුනාට ඩිම් ලයිට් දාලා.. සේවාවත් දශමෙට තිතට. බොන ජාති වලත් ඒ හැටි ගණන් වැඩියක් නෑ. රු. 400 ඉඳන්ම වගේ ෂොට් තියෙන්නෙ. අනික බයිටුත්.. රස වගේම, දෙන්නෙක්ට ඇති වෙන්න, පිඟානක් පිරෙන්න.. ඩෙවිල් පෝර්ක් රු. 700යි, ස්පෙෂල් චොප්සි රු. 750යි..
5. Ceylon Anglers Club
හරියටම.. රීගල් එකට පාරෙන් අනික් පැත්තෙ. පොඩි පඩිපෙලක් බැහැල යන්න තියෙන පරණ ගේ පොඩ්ඩක්. හැබැයි ඉතින් ඇතුලට යන්න හම්බවෙන්නෙ නෑ, හිනාවක් දාගෙන සේවක මල්ලියෙක් එතන. මෙයාලගෙ බයිට් තියෙන්නෙ, කඩල කොත්තු රු. 650යි, තලපත් ඩෙවිල් රු. 650යි වගේ.. ම් බීර එහෙමත් රු. 100කින් වගේ තමා වැඩි. ඒ් මොක වුනත් අවුලක් නෑනෙ අරක්කු ෂොට් තියෙනවනෙ රු. 300 ඉඳන්.
6. Blue Sky
ම්.. මහරගම ටවුමෙම තියෙන හරි බිසී ප්ලේස් එකක්. එකම වාසිය තියෙන්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙනවා ඒසී කරපු ටිකක් සුවපහසු ප්ලේස් එකක්. ඒත් ඉතින් සේවාව නම් එච්චරටම කොලිටි නෑ. මං හිතන්නෙ සෙනඟ වැඩි නිසාමද දන්නෙත් නෑ. ම්.. ඒ හැරුනාම අරක්කු, බියර් සියල්ල රු. 400 වගේ ඉඳන් තියෙනවා. බයිට්ස්.. හොට් බටර් කට්ල්ෆිෂ් රු. 750න්, මික්ස් චොප්සිය රු. 650න්, චිකන් ඩෙවිල් රු. 700න් වගේම, ලොකු බැදපු මාළුවෙක් රු. 150න් වගේ යන්නෙ. හැබැයි රසවල්.. එච්චරටම නෑ හොඳේ..