බය වෙන්න එපා යාළු. මීටත් වඩා අඩුවට සුපිරි ප්ලේස් තියෙනවා. ඒ නිසා කොළඹ ඉන්න බැරිම වුනොත්..
යමු!
1. Riverside Camping (Udawalawe – 0472233317)
උඩවලව හංදියෙම.. පොඩ්ඩක් ඇඹිලිපිටිය පාරෙ ඉස්සරහට ගනිද්දි වම් පැත්තෙ. මායිම් වෙලා තියෙන්නෙ ජලාශයෙන් පිට දාන ගඟේ අතු ගංගාවකට. ඒකත් නිකම්ම නෙවෙයි පුංචි කැලෑබද ප්ලේස් එකක. සියල්ලම ලී අට්ටාල උඩ ගහපු සුවපහසු කූඩාරම් නිසා අත්දැකීම අතිනුත් මරු. ඊටත් කියන්න ඔ්න නෑනෙ ඔය පැත්තෙ කෑම බීම ගැන. කටට සැරට, තුනපහ පදමට.. කොහොමද ඉඳලා හිටලා වැව්මාලු ටිකකුත් එද්දි. ඒ විතරක් නෙවෙයි, කම්මැලියි වගේ නම් වනෝද්‍යානයේ සෆාරියක් යන්නත් පුලුවන්නෙ. හැන්දෑවට නම් ඉතින් කොහොමත් ගිණිමැල පාර්ටි තමයි, හ්ම්..
2. Kamatha Eco Lodge (Habarana – 0724063449)
හබරණ හංදියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න..
ලස්සන කුඹුරු යායක් මැදින් ගිහිල්ලා ගොඩ වෙන්න තියෙන ඇත්තම කමතක්. මැටියෙන් හදපු නවාතැන් කීපයක්ම එහෙමත් තියෙනවා මෙතන. ඒ හැරුනාම වටපිටාවත් ගහකොලින් පිරිලා. මින්නේරිය සෆාරි යන්නත් තියෙන්නෙ පොඩි දුරයි. ඊටත් හවසට හවසට අලි ඇත්තු එහෙම එන්නෙ ඔය කිට්ටුවටම. කොහොම වුනත් ගමේ රහට ටොප් කෑම ටිකක් කාලා, වැවක නාලා කරලා බෝට්ටු සවාරියක් එහෙමත් ගිහිල්ලා, නිදහසේ නිස්කලංකේ දවස් ගාණක් වුනත් ගත කරල එන්න නම් මෙතන කියාපු තැන.
3. Nature Hub (Koslanda – 0777755177)
දියළුම ඇල්ල පේන මානයෙ..
දවසක් දෙකක් නැත්නම් හිතේ ඇති තරම් කාලයක් ඉන්න, අපූරු නවාතැනක්. පුංචි තේ වත්තක මැද්දෙ, මැටි පෙනුම තියෙන්න හදපු මේ විලා එකේ සුවපහසුවත් හොඳ හැටියට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වභාවික විදියට හදපු ලස්සන නාන තටාකයකුත් තියෙන්න. ඉතින් දවල්ට රස්නෙ වේගෙන එද්දි ඒකෙ බැහැලා ඉඳලා.. හැන්දෑවට මිදුලට සෙට්වෙලා පොඩි බොංගො, ගිටාර් ටිකක් එක්ක සැර ජාතියකුත් ලංකරගත්ත නම්..
4. Hilltop Cabanas by Swell House (Komari – 0765539910)
හුදකලා වෙනව නම් මෙන්න තැන්. කෙලින්ම රටේ අනික් පැත්ත කෙලවරේ..
මේ ප්ලේස් එක තියෙන්නෙ යාළු සංගමන් කන්ද පේන දුරින්, සුන්දර කෝමරි වෙරළ තීරයට මුහුණලා. වටපිටාව පොල්, තල්, වැටකෙයියා වගේ ගස් වලින් පිරිලා. ඉස්සරහින් තියෙන පුංචි ගල් තලාවත් මේ කබානා එකට ගේන්නෙ අමුතුම ලස්සනක්. හැරත් හැන්දෑවට, හිතේ හැටියට, රිලැක්ස් වෙන්න වගේම.. මුහුදෙ බැහැලා පීනලා, නාලා කරලා විනෝද වෙන්නත් කියාපුම තැන.
5. Gallene Gala Nature Resort (Kitulgala – 0362287164)
කිතුල්ගලින් පොඩ්ඩක් ඇතුලට වෙන්න. කොට්ටම්පිටිය කඳු බෑවුමක. අපූරු ඔය පාරක් අයිනෙ, මහකැලේ මැද්දෙ.. සුපිරි සුවපහසුවටම හදපු තැනක් නම් නෙවෙයි. හැබැයි සොබාදහමෙ ආශ්වාදයත් එක්ක අපූරු නිවාඩුවක් ගත කරන්න නම් කියාපුම. කට්ටියට කියන විදියට මෙතන කෑම බීම එහෙමත් හොඳ රහට තියෙනවලු. කොහොම වුනත් තනිකරම ගල් සහ ගල් ලෙන් වලින් පිරිච්ච තැනක්. කාමර එහෙමත් ඉදිවෙලා තියෙන්නෙ ඒ ආශ්‍රිතව නිසා මට නම් හිතෙන්නෙ මෙතන භාවනා කරන්න වගෙත් සෑහෙන්න හොඳ තැනක් වෙයි කියලා.
6. Bogala Village Eco Resort (Kegalle – 0354935656)
කෑගල්ලට ටිකක් මෙහායින් කොටියාකුඹුරට යද්දි, මග හමුවෙන්නෙ. ටොප් කියන්නෙ ටොපේ ටොප් විව් එකක් තමයි මෙතන තියෙන්නෙ. ඊටත් මේක සුපිරි සුවපහසුවට හදපු විලා එකක්. පූල් එකක් එහෙමත් තියෙනවා කෙලින්ම කඳු පන්ති අතරින් ඈත පේන්නෙ ඈ..
ම්.. කෑම බීම, සේවාව ගැනත් මෙයාලාගෙ තක්සේරුව හොඳටම හොඳයි. එකම අවුල තියෙන්න අර උඩින් කියපු තැන් වලට වඩා මෙතන ටිකක් ගාණ සැරයි, ඒකයි!