පුංචි දෙයයි කියන්න තියෙන්නෙ..
අද හෙටවත් මේවයෙ ඇවිදලා කරලා, වටේ තියෙන ඉඩකඩම් ටිකට ෂොට් එක දෙන්නෙ කොහොමද කියලා නෙවෙයි.. මේ කපාගෙන යන කැපිල්ල නවත්තන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අඩුම තරමෙ අනාගතයටවත් වටීවි!
1. Muthurajawela
වත්තල පහුකරලා උස්වැටකෙයියාවෙ පටන්ගැන්මත් එක්කම තියෙන විසාල තෙත්බිම. ලංකාවෙ ලොකුම රැම්සාර් තෙත්බිම් වලින් එකක් වගේම, ලංකාවෙ ලොකුම කුණු ගබඩාවලිනුත් එකක්.. අවාසනාවට! කොහොමවුනත් ඒකෙ අපූර්වත්වය නම් උදේට වගේම හැන්දෑවටත් තියෙනවා. කුරුලු කොබෙයියන්ගෙ, උරග, උභය ජීවින්ගෙ තෝතැන්නක් වෙච්ච මේ වටිනා තෙත්බිමේ.. ඔයාලට ඔ්න නම් බෝට්ටු සවාරියක් වුනත් යන්න පුලුවන් හොඳද.
2. Labugama – Kalatuwawa
පාදුක්ක, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, ඉංගිරිය ට වටවුනු පහතරට තෙත්කලාපීය පුංචි පහේ වනාන්තරය.. රැම්සාර් තෙත්බිමක් නම් නෙවෙයි. හැබැයි ජෛව විවිධත්වය අතින් උපරිම, අපි කොයි කවුරුත් එක පාරක් හරි රවුමක් ගහල තියෙන්න ඔ්න ලස්සනම තැනක්. මේ කැලෑවට පාදක වෙලා තියෙන්නෙ ලබුගම ජලාශය සහ පෝෂක ප්‍රදේශ. ඒ හැරුනාම සිංහරාජයෙ අවශේෂ කැලෑවල ආභාෂයත් ටිකක්, ටිකක් වගේ කලටුවාව කැලේට මුහුවෙලා තියෙනවා.
3. Thalangama lake
හරියටම කිව්වොත් කොළඹ ඇතුලෙ. පැලවත්ත ආමි කෑම්ප් එක පිටිපස්සට සෙට්වෙන්නෙ. පුංචි පහේ වැවකුයි, පුංචි පහේම පෝෂක ප්‍රදේශයකුයි. හැබැයි ජෛව විවිධත්වය, විශේෂයෙන්ම ජලාශ්‍රිත කුරුල්ලො, උරග, උභය ජීවින්ගෙන් පිරිලා. මේ වැවෙත් ඔ්න කෙනෙක්ට බෝට්ටු සවාරියක් යන්න පුලුවන්. ම්.. නාන්න කරන්නත් හොඳයි. හැබැයි මඩ පිරිලා නිසා බලාගෙන හොඳද!
4. Aththidiya
ගොඩ දෙනෙක් දන්න කියන, හැබැයි ලොකු අවධානයක් යොමු නොවෙන නිසා ටිකෙන් ටික විනාස වෙලා යන තෙත් බිමක්. විශේෂයෙන්ම කොළඹ ඇතුලෙ සංචාරක කුරුල්ලො නරඹන්න මීට අවුරුදු 10කට විතර කලින් තිබ්බ හොඳම තැනක් කිව්වොත් හරි. ඒ විතරක් නෙවෙයි ජලාශ්‍රිත ජීවීන් ගොඩක් මේ කලාපය අවට අදටත් දැකගන්න පුලුවන්. වැඩේ තියෙන්නෙ අත්තිඩියෙ දැන් ලොකූ බෝට්ටු සවාරි නම් යන්න දෙන්නෙ නෑ ඉතින්.
5. Diyasaru park
දැනට කොළඹ තියෙන හොඳම තෙත් බිම් උද්‍යානය කිව්වොත් හරි. ප්‍රමාණයෙන් ටිකක් පොඩි වුනාට මෙතන ජෛව විවිධත්වය අතින් නම් උපරිමයි. ඒ විතරක් නෙවෙයි, උදේට හැන්දෑවට වටපිටාවෙ ලස්සන. අනික මෙතන කුරුල්ලො බලන්න යන එන අයටත් අවශ්‍ය සියලුම පහසුකම් සපුරලා තියෙනවා. ඉතින්.. බාග වෙලාවට ගහක් කොලක් යටට වෙලා නිදහසේ කාලය ගත කරන්න වුනත්, දියසරුව නම් කියාපුම තැන හොඳේ!
6. Beddagana wetland park
දියසරුවට විතරක් දෙවනි තවත් සුන්දර තෙත් බිම් උද්‍යානයක්. කොළඹ තෙත්බිම් උද්‍යාන නිර්මාණනයෙ හොඳ ආරම්භයක් විදියටත් මේ තැන හඳුන්වන්න පුලුවන්. ජලජ ජෛව විවිධත්වයකට විතරක් සීමා නොවුනු මේ බැද්දගාන උද්‍යානය අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේදි පවා සතා සීපාවා හොඳහැටි නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසාම.. වනජීවි ඡායාරූප ශිල්පීන්ට නම් මේක අපූරු තෝතැන්නක්.