ලෝන්ග් වීක්එන්ඩ් එකේ.. ගමන් බිමන් යන්නෙ නැති අයට,
මෙන්න අපෙන්..
ගෙදරට වෙලා, ගෙදර කට්ටියත් එකතු කරගෙන ඇති පදමට පංකාදු බිරියානි තොගයක් රස බලන්න.. සුපිරිම තැන් ටිකක්.
1. Persian Cove
මෙයාලගෙ ‘මක්ලුබා’ රයිස් එක..
ඇරපු අතක් නෑ බිරියානිම තමයි. හැබැයි ඊට වැඩිය රසයිද මන්දා. මොකද ස්ටොක් වලින් තම්බල, ඇති හැටියට තුනපහ අඩුම කුඩුම දාලා, ඒකටම මස් අඩුපාඩු සියල්ලමත් දාලානෙ උයන්නෙ. ඊටත් උයල ඉවරවෙලා බතට ගලපන රෝස්ට් චිකන්, තම්බල බැදපු බිත්තර තොගේ…
කතා ඔ්න නෑ.. 7, 8 දෙනෙක්ට ඇතිවෙන්න තියෙන මක්ලුබා සවානක් රු. 5000-6000 වෙන්නෙ. අරගෙන කාලම බලන්නකො.
2. Diner's Delight
පංකාදු.. තන්දුරි චිකන්, මට්න් බිරියානියක් රු. 400-600 අතරෙ!
බාග වෙලාවට දෙන්නෙක්ටත් ඇති ගාණයි. මදි නොකියන්න බිරියානි මික්ස් අඩුම කුඩුම ටිකත් එක්ක හොඳ රසම් හොද්දකුයි, අල්ලක් සයිස් තඩි තන්දුරි චිකන් පලුවක් හරි දෙකේ දෙකේ මට්න් කෑලි 4, 5ක් හරි එක්ක.. ආයෙ බඩ පැළෙන්න කෑහැකි ඈ..
3. Saveira Indian Restaurant
මෙයාලගෙත් සුපිරිම..
ඉන්දියන් බිරියානි ජාති 2, 3ක්ම තියෙනව මේං කියල කිසිදේකින් අඩු නැතිව හැදෙන. විශේෂයෙන්ම හයිඩ්රාබාද් මට්න් බිරියානිය, තන්දුරි චිකන් බිරියානිය එහෙම..
ෂැහ්! කාලාම බලන්න ඔ්න ඉතින්.. මස් පිරිච්ච, බිරියානි අඩුම කුඩුම සුවඳින් රස නහර පිනායන..
ගණනුත් රු. 500-700 අතරෙ නිසා පොකට් එකටත් අවුලක් නෑනෙ.
4. The Bearded Chef
හප්පේ.. චිකන්, බීෆ්, මට්න් බිරියානි විතරක් නෙවෙයි සුපිරි වටලප්පමකුත් එක්කම එන නොම්මර එකේ සවානක්. රු. 5000-6000 අතරෙ ගණන් යන්නෙ. පැහැදිලිවම 7, 8 දෙනෙක්ට ඉස්මුරුත්තාව එනකම්ම කන්න පුලුවන්. ස්ටොක් වලින් තම්බපු බතට, සවලෙන් දාලා වගේ තොගේට මස් දාලා, ෆ්රයිඩ් මස් ටිකක් එක්ක තව තම්බල බැදපු බිත්තර, අල සියල්ලමත් උඩින් තියල…
වැඩක් නෑ ඉතින් කියල, හ්ම්…!
5. Sulthan Palace
ඉන්දියන් ශ්රී ලංකන් මික්ස් වගේ බිරියානියක්. චිකන්, මට්න් ඔ්න එකකින් ගන්න පුලුවන්. අර එකම වෙනස තමයි ඒකට පාවිච්චි කරල තියෙන බිරියානි මික්ස් අඩුම කුඩුම ටික සියල්ලම වගේ ලංකාවෙ කුළුබඩු වලින් හදපු පාටයි. මොකද ඒ රස එන්නෙ. හැබැයි ඉතින්.. එහෙමයි කියල නෑ වැඩේ පටන් ගත්තාම. අල්ලක් සයිස් තඩි තන්දුරි චිකන් කෑල්ලත් එක්ක..
ආයෙ කාලම බලන්න ඔ්න, රු. 500-600ට.
6. Biriyani Bite
නොම්මර එකේ ඉඳිආප්ප බිරියානියක් කන්න පුලුවන් සුපිරිම තැනක්. සයිස් එකත් ආයෙ දෙන්නෙක්ට මදි නොකියන්න ගානයි. මසුත් තියෙනව බිරියානියටත් දාලා, උඩින් තව රෝස්ටඩ් පලුවකුත් තියල. රස අඩුම කුඩුමත් යහමින් දාලා නිසා ඒකට එන හොද්දත් එක්ක..
ෂැහ්.. පිස්සු ආ..
රු. 500න් වගේ යන්නෙත්.
7. The Biryani Restaurant
ලොකු වැල්වටාරම් ඔ්න නෑ..
මල් හතයි, තරු පහයි මෙතන බිරියානි. රු. 400-600 අතරෙ යන්නෙ. චිකන්, මට්න් ඔ්න එකකින් ගන්න පුලුවන්. ජාතිත් 4, 5ක්ම තියෙනව..
තනි වචනෙන් ආයෙත් කියනව නම්..
‘මෙන්න ප්ලේස් එක’!