හරියට අපේ සරිත් වගේ. මසක් මාළුවක් බිත්තරයක් නැත්නම් බත් එක අත ගගා ඉන්නව. එහෙම ඉඳල ඉඳල හැන්දෑවට ගොඩ වෙනව කොහේ හරි කඩයකට. ගොඩවෙලා කනව කෑමක්, මස් කෑලි තොගයයි, සෝස් මයොනීසුයි, ෆ්රෙන්ච් ෆ්රයිසුයි… අනේ මන්දා ඉතින්.
එහෙමයි කියල වැරැද්දක් කියන්නත් බෑනෙ. මොකද දත් ඇති කාලෙ මස් කන්නෙ නැතුව කවදා කන්නද? අනික ‘මීට් නැතුව කෑම එපා’ කියන අයත් ඕන තරම් ඉන්වනෙ.
ඔය සිද්ධිය නිසා මම කල්පනා කලා, අපේ මීට් ෆෑන්ස්ලට, අතේ තියෙන ගාණට කටට, රහට මීට් රස බලන්න පුලුවන් මීට් ෂොප් ටිකක් කියන්න. එදා වේලට විතරක් නෙවෙයි, පාර්ටියකට වුනත් මේ තැන්වලින් මස් ඕඩර් කරන්න පුලුවන්. අනික රස තොගයකින් හැදෙන එක එක ජාතියෙ මස් කෑම තියෙන නිසා හිතේ හැටියට තෝරල බලල ගන්නත් පුළුවන්.
එහෙනම් කියවල බලන්නකො. සමහර විට මේ වීක්එන්ඩ් පාර්ටියට වුනත් වැඩක් ගන්න බැරිවෙන එකක් නෑ.
1. Hulftsdorp Street Food
පෝර්ක් හැර වෙන ඕන මසක් ගන්න, යන්න හැන්දෑවෙ 6 කිට්ටු කරල අලුත්කඩේ පැත්තට. චිකන්, බීෆ්, කිංග් සෝසේජස් බාබකියු වැඩ කෝටියයි. ඒ අතරට කටට සැරට, රස පදමට හදපු ජැෆ්නා මට්න් කරි, ක්රැබ් කරි එහෙමත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මෙතන බීෆ් ඉස්ටුයි, ලිවර් කරියි තියෙනව, පට්ට රසට හදපු. හොඳට ගම්මරිස් තුනපහ දාලා, කිරෙන් හින්දල නිසා තලු මර මර කෑ හැකි. තව ඕන නම් රෝස්ට් චිකන්, වින්ග්ස්, ලෙග්ස්, බීෆ්, ලොකු මාළු කූරි එහෙමත් තියෙනව. වැඩේ කියන්නෙ ඔය කොයි කෑල්ලත් රු. 100-300ට ගන්න පුළුවන් නිසා පොකට් එකටත් වාසියි.
4. Backyard BBQ
බිෆ්, පෝර්ක්වලින් වැඩ දාන, යාර්ඩ් එකේ බාබකියු කඩේ. පිහිටල තියෙන්නෙ අත්තිඩිය, ගැමුණු මාවතේ. රු. 600-1000 අතර ගණන්වලට රස වෑහෙන බාබකියු තොග ගණන් ගන්න කියාපු තැන. ඕන නම් කලින් ඕඩර් කරල ගෙදරටම වුනත් ගෙන්න ගන්න පුලුවන්. සැර ගතියෙ අඩු වැඩියත් කෝල් එකෙන්ම කිව්ව නම් හරි. වැඩිය ඕන නෑ දෙන්නෙක්ට, බඩ පැලෙන්න කන්න මස් තියෙනව එක පිඟානක. උණු උණුවෙන්ම රස බැලුව නම් පාන් ගෙඩියක්, රොටි 7,8ක් ගේමක් නෑ කියයි!
6. Al-Mass
බම්බ, මරීන් ඩ්රයිව් එකේ අල්මාස් කිව්වාම මීට් ෆෑන්ස්ල නම් නොදැන ඉන්න විදියක් නෑ. වැඩ කිඩ ටික යන්නෙ බීෆ්, චිකන්වලින් විතරක් වුනාට මෙයාලගෙ මික්ස්ඩ් ග්රිල් එක නම් මාළු, ඉස්සො, බිෆ්, චිකන්වලින් පිරිලා. රසට ගැලපෙන්න රෝස්ට් පොටැටෝස් එහෙමත් තියෙනව. රු. 1100ට කොහෙත් පාඩු නෑ. අනික බයිට් එකටත් කියාපු භාණ්ඩෙනෙ.
7. Grill Corner
මේ කඩේ තියෙන්නෙ වැල්ලවත්ත, මරීන් ඩ්රයිව් එකේ. අවසානාවට මෙතනත් පෝර්ක් නම් නෑ. ඒත් ග්රිල් කරපු, බාබකියු කරපු චිකන්, බීෆ් කෑම තොගයක් තියෙනව. ෆ්රෙන්ච් ෆ්රයිස්, සෝස් මයොනීස් ටිකක් එක්ක මේසෙට ආවාම හොඳ හැටි දෙසාබාන්න පුලුවන්. අනික හැම පොර්ෂන් එකක්ම වගේ රු. 500ට අඩු නිසා පොකට් එකටත් අවුලක් නෑනෙ.
ඒ හැරුනාම ඉතින් අපි දන්න තව කඩ 2,3ක් තියෙනව. හැබැයි ඒවයෙ ගණන් වැඩයි. ඒ නිසා ඔයාලා දන්න, ගණන් අඩු කඩ ටිකක් අපිට කියන්න. ගිහින් කාලා බීලා, විස්තරෙත් ඔයාලට කියන්න පුළුවන්