අපි හිතමුකො ඔයා ඉන්නෙ ඔෆිස් එකේ කියල. සමහර විට හොඳටෝම වැඩ ඇති. සමහර විට ඇති වැඩකුත් නැතුව කම්මැලිකමට ඉන්නව ඇති. කොහොම වුනත් මේ අවස්ථා දෙකේදිම අපි එක තැනකට වෙලානෙ ඉන්නෙ.
අන්න එහෙම ඉන්නකොට ඔයාගෙ අනිත් වැඩ ටිකට නම් යාළුවන්ගෙන් හරි පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්. ඒත් කවුද කෑම එකක් මේසෙ ලඟට ගෙනල්ල දෙන්නෙ. හිතන්න එපා, කෑම එක මේසෙ ලඟට ගෙනල්ල දෙන යාළුවොත් ඉන්නව. කරන්න තියෙන්නෙ එක දෙයයි. ඕන කෑම ජාතියයි ඒ කෑම ජාතිය තියෙන කඩෙයි කියල මෙයාලගෙන් එක්කෙනෙක්ට කෝල් කරන්න. වැඩි වෙලාවක් නොගිහින්ම කෑම එක මේසෙ ලඟට ඒවි.
1. Delivery Malli (077 4327777)
YAMU අපි දන්න හොඳම ඩිලිවරි සේවාව තියෙන්නෙ මෙයාල ලඟ. කෑම බීම නම් කොළඹ ඇතුලෙ හැරුණාම ලඟ පාත තැන්වලට විතරයි ඩිලිවර් කරන්නෙ. ඒ වගේම තමයි කෑම ඇණවුම් කරද්දිත් මතක තියාගන්න කොළඹ ඇතුලෙ කඩ වලින් ඇණවුම් කරන්න. එතකොට ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඒත් ඩිලිවරි ගාස්තුව නම් රු. 200ක් 300ක් වගේ වෙනව.
2. Speedee.lk (0112 794794)
මෙයාලගෙ සේවාවත් හරිම වේගවත්. ගාණත් සෑහෙන්න අඩුයි. රු. 100ක් 150ක් වගේ. ස්පීඩි, කොළඹ ඇතුලෙ වගේම වටපිටාවෙ ටිකක් දුරට යනකම්ම; කඩුවෙල, මහරගම, රත්මලාන වගේ පැති වලටත් කෑම ඩිලිවරි කරනව. හැබැයි එතකොට නම් රුපියල් තුන්හාරසීයක් විතර වියදම යනව. කොළඹ ඇතුලෙ කෑම බීම ටික පැයකින් වගේ එන නිසා පාඩු නෑ.
3. Quickee.lk (0117 324325)
ඇත්තටම හරිම ක්වික්. පැය භාගෙ, විනාඩි හතලිස්පහ තමයි මෙයාලගෙ ඩිලිවරි වෙලාව. දුර ටිකක් වැඩි වුනොත් තමයි පැයකට කිට්ටු වෙන්නෙ. කොළඹ ඇතුලෙ මෙයාලගෙ ගාස්තුව රු. 100යි. ඒ හැරුණාම අනිත් බෙදාහැරීම් කටයුතු සිද්ධ වෙන්නෙත් කොළඹට කිට්ටුව පාත පැති ටිකට විතරයි. ඒවයෙ ගාස්තුවත් රුපියල් දෙතුන්සීයකට වැඩි වෙන්නෙ නෑ. අනික කෑම කඩ දෙක තුනකින් ඕඩරේ දැම්ම කියල ගාණ වැඩි වෙන්නෙත් නැති නිසා සෑහෙන්න ලාභයි.
4. Foodie.lk
මෙයාලනම් කෑම විතරමයි ඩිලිවරි කරන්නෙ. ගාස්තුවත් ටිකක් වැඩියි. ගන්න වෙලාවත් ටිකක් වැඩියි. කොළඹ ඇතුලෙයි ලඟපාතම තැන් ටිකෙයි, ඒ කියන්නෙ රාජගිරිය, නුගේගොඩ, දෙහිවල වගේ ඇතුලෙ කෙරෙන මෙයාලගෙ ඩිලිවරි වලට සාමාන්‍යෙයන් රු. 150ක් 200ක් වගේ අය කරනව.
5. Yamu Delivery
YAMU අපිත් ඔයාලට කෑම ගෙනල්ල දෙනව. ඔයාලට කරන්න තියෙන්නෙ Yamu Delivery පේජ් එකට ගිහින් ඔයාට කෑම ගන්න ඕන කඩේ තෝරගෙන ඒ කඩේ මෙනුව බලල කෑම ඇණවුම් කරන්න විතරයි. ලඟදි පටන් ගත්තු නිසා කොළඹ ඇතුලෙ කෑම බෙදන්න නම් අපිට පැයක් විතර යනව. ඩිලිවරි ගාස්තුව Foodie.lk එකේ වගේමයි. රු. 150ක් 200ක් විතර.
6. Nic Nac (077 2366874)
ලඟදි පටන් ගත්තු හොඳ සේවාවක්. කොළඹ ඇතුලෙ නම් වැඩේ ටිකක් ඉක්මන්. කොළඹින් පිට, ටිකක් ලඟ පාත පැති වලටත් ඩිලිවරි කරනව. රු. 100 ඉඳන් තමයි මෙයාලගෙ ගණන් තියෙන්නෙ. පැයක් ඇතුලත කෑම පාර්සලේ අතට ලැබෙනව කියල නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.
7. OrderFood.lk (0114 444111)
හරි ලස්සනට වගේම පිළිවෙලට තියෙන වෙබ් සයිට් එකක්. දැක්කාම කෑම ඕඩර් කරන්න හිතෙන ගාණයි. මුළු ලංකාවම කවර් වෙන විදියට තමයි මෙයාලගෙ ඩිලිවරි සේවාව තියෙන්නෙ. ප්‍රධාන නගර ගොඩක කෑම කඩවල්, ඔර්ඩර් ෆුඩ් සයිට් එකේ තියෙනව. ඉස්සෙල්ලම, ඔයාට කෑම ගෙන්න ගන්න ඕන කඩේ නම උඩ කඩේ ක්ලික් කරන්න. එතකොට කෑම මෙනුව ඕපන් වෙයි. එතනින් ඔයා ආස කරන කෑම ටික ඕඩර් කරන්න. කොළඹ ඇතුලෙ නම් උපරිම පැයයි යන්නෙ කෑම ටික ලඟට එන්න. ගාස්තුව රු. 100ක් 200ක් වගේ නිසා පොකට් එකටත් ලොකු අවුලක් නෑ.
8. LetsEat.lk (0112 547076)
පට්ට සයිට් එක. කොළඹ කිට්ටුව පාත තැන් වලට විතරයි කෑම ඩිලිවරි කරන්නෙ. ඒ වුනාට බලන්න එපැයි මෙයාලගෙ සයිට් එකේ තියෙන වැඩ කෑලි ටික. ස්මා්ර්ට් ෆෝන් වලට වෙනමම අැප්ලිෙක්ෂන් එකකුත් තියෙනව. කෑම ඕඩර් කරන්නත් හරිම ලේසියි. සර්ච් බාර් එකේ ඔයාල ඉන්න තැන ටයිප් කලාම කඩ ටික එනව. ඒ කඩ වල මෙනු බලල අාස කෑම ජාතියක් ඕඩර් කරන්න පුළුවන්. විශේෂත්වය තියෙන්නෙ මෙයාලට කෑෂ් වලින් වගේම කාර්ඩ් වලිනුත් ගෙවන්න පුළුවන්. අනික ඩිලිවරි ගාස්තුවත් උපරිම වුනොත් රු. 100ක් 200ක් වෙයි.
9. Menu.lk (0114 386678)
ඕඩර් ෆුඩ් එක, ලෙට්ස් ඊට් එක තරම් නැති වුනත් මේකත් කෑම ඕඩර් කරන්න මරු වෙබ් සයිට් එකක් තමයි. එකම අවුල, මෙයාලගෙ සයිට් එකේ තියෙන්නෙ කොළඹ පැත්තෙ කඩවල් විතරයි. ඒ වුනාට කෑම ඕඩර් කරන්න නම් හරිම ලේසියි. සයිට් එකට ගිහින් සර්ච් බාර් එකේ ටයිප් කරල ඔයාට ඕන කෑම කඩේ හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙනු බලල කෑම ඕඩර් කරන්නත් පුළුවන්. කොහොම කෑම ඕඩර් කලත් ඩිලිවරි ගාස්තුව රු. 100ත් 200ත් අතර නිසා කිසි අවුලක් නෑ.
අපි දන්න කියන විදියට තියෙන්නෙ ඔය ඩිලිවරි සේවා ටික විතරක් වුනාට අළුතෙන් පටන් ගත්තු ඒවත් ඇති. ඔයාල දන්න ඒව තියෙනව නම් අපිටත් කියන්න.