1. Pizza Napolitana (Moratuwa)
රු. 1400-1800 අතරෙ දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න, තඩි පීසා එකක් ගෙන්න ගන්න.
හොඳ සොෆ්ට් එකට හැදුනු බේස් එකක් උඩින් තක්කාලි සහ කුළුබඩු තිතට දාලා හදාපු සෝස් එකක් ගාලා, ඒ උඩ ඇති හැටියට මොසරැල්ලා අතුරලා.. ආයෙ, ‘මීට් ලවර්ස්’ නම් බේකන්, ග්‍රවුන්ඩඩ් පෝර්ක්, ග්‍රිල්ඩ් චිකන් තොගයයි! ඒ හැරුනාම පෙපරෝනි පිසා වගේ ගත්තොත් ටොප් කොලිටි ඔ්ස්ට්රෙලියන් පෙපරොනියක් එන්නෙ, හොඳහැටි ඔලිව් එහෙමත් දාලා.. අනිත් එක ඔය කෝක ගත්තත් රස පදමට තක්කාලි, ඔලිව්, පිකල්, බැසිල් කොල සියල්ල එක්ක, රිකොට්ටා, පාමෙසාන්, බ්ලු, බෆලෝ වගේ චීස් ජාතිත්?
2. Shiraz Sri Lanka
හුම්මුස් රු. 250යි. හොඳහැටි ඔලිව් ඔයිල් දාලා ධාන්‍ය පිටි වලින් හදපුවා. එතකොට.. පිටා බ්‍රෙඩ් රු. 100යි. තව තියෙනවා පිටා බ්‍රෙඩ් වගේ ඊට තුනී රොටියක ඔතලා හදපු පංකාදු බීෆ් කෙබාබ්. මෙලෙක් මස, දුම් රසත් පදමට එන්න.. කුළුබඩු රසත් නූලට තිතට තියෙන්න!
ඔක්කොමත් හරි චිකන් ෂවර්මා එක? නොම්මර එකට ස්මෝක් වෙලා ග්‍රිල් පදමට හැදුනු චිකන් පොඩි පොඩියට කපලා, එළවළු සහ සෝස් එක්ක සැලඩ් කරලා. ආහ්.. මෙයාලගෙ බෆ් බර්ගර් එකත් මල් හතයි ඈ.. පැටි එක එහෙම තනි කුළුබඩු රසින් පදම හැදුනු බීෆ්..
3. Indian Affair
බීෆ් බිරියානි රු. 1200ක් වුනාට, හයිද්‍රාබාද් ස්ටයිල් එකට හැදෙන සහ 3 දෙනෙක්ට විතර බඩකට පැලෙන්න කන්න පුලුවන් සයිස් එකට තියෙන නිසා ලොවෙත් පාඩු නම් නෑ. අනික ටොප් කොලිටි කුළුබඩු අඩුම කුඩුම වලින්ලුනෙ මේක රස වෙන්නෙත්. බීෆ් කෑලිත් සවලෙන් දාලා වගේ එක තොගයයි. ආයෙ මෙයාලගෙ ඇම්බට් ටික් චිකන් එක රු. 1150යි. හැබැයි දෙන්නෙක් කෑවත් වේල් 3ක් විතර කන්න පුලුවන්. චිකන් කෑලි නම් ගණන් කරන්න බැරි තරම්. සැරත් තියෙනවා දුවන්න. කුළු බඩු රසයෙනුත් අනූනයි යාළු. ඊටත් ඒකටම හරියන නාන් රොටි මෙයාලගෙ රු. 100 ඉඳන් උඩට තියෙනවා හොඳද.
4. Oh Donuts
බඩ කට පිරෙන්න පීසා, ඉන්ඩියන්, මිඩ්ල්ඊස්ට් කාලා..
ඩෙසට් එකට ඔන්න.. ටොප් ඩෝනට්ස් ටිකක්. ජාති 30කට වඩා තියෙනවා. චොකලට් ග්ලේස්, කිවි ජෙලි, ස්ට්‍රෝබෙරි ක්‍රීම් (රු. 180), නටෙලා බර්ස්ට් (රු. 290), ඔරියෝ ලොජික් (රු. 210), ස්නයිකර්ස් (රු. 200), ටිරාමිසු (රු. 220).
බය වෙන්න දෙයක් නෑ පට්ට සොෆ්ට් බන් එක. පිරවුමත් දෙපැත්තෙන් දෝර ගලන්න හ්ම්..
5. Pot Biriyani
4 දෙනාගෙ, 8 දෙනාගෙ පැක් තියෙනවා රු. 2500-6000 අතරෙ. සම්බා හාලෙ බතට චිකන්, මට්න්, ප්‍රෝන්ස්, කට්ල්ෆිෂ්, බීෆ් ඔ්න ජාතියකින් දාලා, බිරියානි මික්ස්, කුළුබඩු අඩුම කුඩුම සියල්ලමත් එක්ක.. ස්ටොක් එකෙන්ම තැම්බෙන විදියට තමයි හදල තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි පංකාදුවටම, මසට මසාලා රස අල්ලන්න පදම් කරලා, ෆ්‍රයි කරපු මස් ලොකුවට කපලා.. ඔක්කොමත් හරි බතෙත් අඟලක් අඟලක් නෑර මස්නෙ.
6. Twister (Colombo 03)
මෙතන මිඩ්ල් ඊස්ට් කෑම තමයි හොඳට යන්නෙ. සබ්මැරීන්, ෂවර්මා වගේ.. ඒ හැරුනාම පැස්ටා, රයිස් වගේ ඒවත් තියෙනවා හැබැයි එච්චර කොලිටි නෑ. කොහොම වුනත් රු. 500-800 අතරෙ තමයි සියල්ලම. බීෆ්, චිකන්, ටර්කි වගේ මස් වර්ග වලින් රස වුනාට මෙයාලා හොඳ හැටියට සෝස්, මයො එහෙමත් දානවා කෑම වලට. ම්.. හැබැයි අනිවා.. මෙයාලගෙ කෙබාබ් එක කන්න, ඒක නම් ටොප් චොයිස් එකක් වෙයි.