නිවාඩුවට.. වැව් අද්දරින්! ලංකාවෙ ලස්සනම ලක්ෂරි ‘ලේක් හෝටල්’ 6ක්.

මේ ටික නම් අතේ සල්ලි තියෙන උදවියට තමයි යාළු. මොකද සුපිරි සුවපහසු, වැව් අද්දර ලස්සන ලොකේෂන්වල පිහිටපු, තරු පන්තියෙ හෝටල්නෙ මේවා..

1. Water Garden (Sigiriya – 0664 933000)

වැව් අද්දර කිව්වට ඉතින් පළවෙනි එකම.. වැවක් අද්දර නම් නෙවෙයි. හැබැයි මේක මැද්දෙ පුංචි පුංචි වැව් වගේ පොකුණු තොගයක් තියෙනව. ඒ වගේම පොකුණු වටේට අපූරු තෙත් බිම්, තණ බිම්, විල්ලු.. හරිම ලස්සනයි ඈ. ඊටත්.. ඒවා ස්වභාවිකව නිර්මාණය නොවුනු ඒවා වෙලත් පෙනුමෙන් හරිම අපූරුවට තියෙන්නෙ. ඒ නිසාමද මන්දා හතර වටේ.. දවස පුරා.. කුරුලු කොබෙයියොත් පිරිලා. කොහොමද ඒ වගේ තැනක.. විව් එක කෙලින්ම තියෙන්න, ඉස්සරහ වීදුරුවෙන් නිමවුනු, ලක්ෂරි කාමරයක දවසක් ගත කරනකොට?

(2 person, B&B: 30000lkr)

2. Tri Hotel (Koggala – 077 7708177)

කොග්ගල වැව් ඉස්මත්තේ.. සුපිරි සුවපහසුවට ලී වලින් නිමවුනු, වීදුරු බිත්ති වලින් වටවුනු සුන්දර නවාතැනක්.. කොච්චර වුනත් මෙතන ඉන්න ඔ්න ඉර බහින වෙලාවට.. ෂැහ්! වචන නෑ ආ කියන්න. ඒ වගේම තමයි මෙයාලගෙ, හැන්දෑවට එළිමෙහනෙ ලෑස්තිවෙන ලන්තෑරුම් එළි සාදය, රෑ කෑමවේල..

කතා ඔ්න නෑ, ගිහිල්ලම බලන්නකො..

(2 person, B&B: 35000lkr)

3. Kalundewa Retreat (Dambulla – 077 5205475)

දඹුල්ල, නුවර පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යනකොට තියෙන කලුන්දෑව ගමේ.. පුංචි වැව් පොඩ්ඩක ඉස්මත්තට වෙන්න, වැවට එන ඔය පාරයි, වතුරෙන් යටවුනු ලොකු ඉවුරයි.. කලුන්දෑව රිට්‍රිට් එකේ නිර්මාණ භූමියයි. ඇත්තටම මෙතනට යනව කියන එකත් රිට්‍රිට් වගේ තමයි. මොකද හතර වටින්ම කුඹුක්ගස් වලින් පිරුණු කැලේ. පාමුල වතුර විලේ. කොටේජ නිර්මාණය කරල තියෙන්නෙ වතුරෙන් උස් වෙන්න කණු උඩට නග්ගලා, මුලුමනින්ම වීදුරු සහ ලී වලින්. ඉන්ටීරියර් එක ෆුල් ලක්ෂරි. වැඩිය ඔ්න නෑ, මෙයාලගෙ ලන්තෑරුම් එළි රෑ කෑමට.. එක පාරක් වාඩිවුනා නම් ආයේ..

ජීවිතේට අමතක වෙන්නෙ නෑ හොඳේ ඒ අත්දැකීම!

(2 person, B&B: 20000lkr)

4. Wild Grass Nature Resort (Dambulla – 077 1788487)

කණ්ඩලමට අල්ලපු වැටේ.. ලොකු පන්ගාලක් එක පැත්තකට වෙන්න, අනික් පැත්තෙ තනි කැලෑව, ඉස්සරහින් පුංචි වැව් පොඩ්ඩ, ඊට එපිටින් මහ වැව.. 

කොහොමද ඔය සේරම මැදි වෙන්න කණු උඩ උස්සල නිර්මාණය කරපු, බිත්ති සියල්ල වීදුරු සහ බිම ලී වලින් නිමවපු ලස්සන කොටේජයක.. දවසක් ගතකරද්දි? ඒ විතරක්මත් නෙවෙයි ඔයාලට ඒ ගමේ ඇවිදින්න යන්න, හේන් බලන්න, කැළේ වෝකින්ග් සෆාරි දාන්න.. ඔය ඔක්කොම කරලා ඇවිල්ලා හැන්දෑවට, නිදහසේ පොඩි ෂොටක් වුනත් දාන්න බැල්කනියට වෙලා හෙමින්සැරේ…

(2 person, B&B: 35000lkr)

5. EKHO Lake House (Polonnaruwa – 0272 222299)

පොළොන්නරුව වටදාගය පේන මානයේ.. බැඳිවැව ඉවුරේ කුඹුක් ගස් හෙවණේ..

මේකත් වැවේ විව් එක එලෙසින්ම තියෙන්න වීදුරුවලින් නිමවපු ප්ලේස් එකක්. හැබැයි ඉන්ටිරිටර් එකේ තියෙනව අනිත් විලා වලට වැඩිය පොඩි වෙනසක්. ම්.. ටිකක් ඇන්ටික් ලුක් එකක් වගේ. ඒකයි ඉංග්‍රීසි පෙනුමකුත් නැත්තෙම නෑ. හැබැයි සියල්ල ලක්ෂරි.. 

ඔක්කොමත් හරි මෙතන පූල් එකයි, ඩයිනින්ග් එකයි තියෙන අපූරුවනෙ.. හප්පා..!

(2 person, B&B: 20000lkr)

6. Lake View Cabanas (Yala – 077 2926129)

තිස්ස යෝධවැව් කණ්ඩියෙ.. සුවපහසුව ඉදුවුණු කූඩාරම් කොටේජ ටිකක්. ලී වලින් තමයි අපූරුවට වැරෙන්ඩාව එහෙම තියල වැඩේ නිමකරල තියෙන්නෙ. ඒ වගේම ටෙන්ට් ඇතුලත් නොම්මර එකටම තියෙනව. කොහොම වුනත් කුරුල්ලො බලන කෙනෙක්ට, නැත්නම් නිදහසේ පරිසරය රස විඳින්න ආපු කෙනෙක්ට නම් කියාපුම තැන.. ඒ හැරුනාම මෙතන හැන්දෑවට පොඩි ගිණිමැලයක් ගහලා, බාබකියු එකක් එහෙම වුනත් දාලා විනෝදවෙන්න බැරිත් නෑ හොඳද.

(2 person, B&B: 12000lkr)

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Honored with Agoda Gold Circle Award 2024

Bhagya Manjula (Manager – Housekeeping), Mangala Hemananda (Hotel Manager), and Irfan Iqbal (Front Office Manager)

Trending

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide