ගෙදර හදන කෑමවලට අපි හැමෝම කැමතියි. හැබැයි දිගින් දිගට ම ගෙදර කෑම කෑවම ඉඳල හිටල වෙනසකට වගේ එළියට ගිහින් කන්නත් අපිට ඕන වෙනවා. කොහොම වුණත් මේ දවස්වල නං එළියෙන් කෑම කන්න යන එක එච්චර නුවණට හුරු වැඩක් නෙමෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක හැමෝම වගේ ගෙවල්වල ඉන්න නිසා, මේ ටිකේ කට්ටිය ගෙදර කෑමවල රසය හොඳහැටි විඳිනවා ඇති. ඒ අතරේ හැමදාම කන කෑම අතරට, හැමදාම හදන්නෙ නැති අලුත් අලුත් කෑම ජාතිත් එකතු කරගෙන, ගෙදර ඉන්න දවස් ටික රසවත් කරගන්න අමතක කරන්න එපා.
අපි මේ කියන්න යන්නෙ, ගෙදර ඉඳන් හදාගන්න පුළුවන් ඒ වගේ කෑම ජාති කීපයක් හදන විදිහ. ඔයාගෙ ඉවුම් පිහුම් හැකියාව උරගා බලන්න වගේ ම, ගෙදර කට්ටිය පුදුම කරන්නත් මේ රෙසිපි ටික පාවිච්චි කරල බලන්නකෝ..
ෆිෂ් බිරියානි
මස් වෙනුවට තෝර මාළු ආදේශ කරල බිරියානි බතක් උයමු ද? සුවඳින් වගේ ම රසෙනුත් පංකාදු පහයි. ට්‍රයි කරල බලන්නකෝ. ඔය තියෙන්නෙ හදන විදිහ..
පැණි රොටී
හවසට තේ කෝප්පයක් එක්ක රහ බලන්න කියාපු කෑමක්. දිය කරපු කිතුල් හකුරු (හෝ සීනි), සව් සහ ගාපු පොල්වලින් හදපු මිශ්‍රණයක් ඇතුළට දාල, පැටිස් හැඩේට හැඩ කරල පෑන් එකක පුච්චලා ගන්න පැණි රොටීවලට, ඕන නං කුරුඳු පොත්තක් දෙකක් දාල තව ටිකක් රස කරල ගන්නත් පුළුවනි.
හොට් බටර් කට්ල්ෆිෂ්
ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමකට මරු ශ්‍රී ලංකන් ක්‍රමේ සයිඩ් ඩිෂ් එකක් තමයි හොට් බටර් කට්ල්ෆිෂ් කියන්නෙ. දැල්ලො, බටර්, ලූනු, සුදු ලූනු, මිරිස්, වියළි මිරිස්, කුළුබඩු තමයි ඕන වෙන්නෙ. ඊට අමතරව බැටර් එක හදාගන්න පිටි ඕන වෙනවා.
ඉස්සො වඩේ
ඉස්සො වඩේ නං ගෝල්ෆේස්, ගෝල්ෆේස් නං ඉස්සො වඩේ! ගෝල්ෆේස් එකයි ඉස්සො වඩෙයි අපේ ජීවිත එක්ක බැඳිල තියන අමතක කරන්න බැරි මතකයක් නේ. ඉතිං දෙහිවල පැත්තෙ ඉන්න ඉස්සො වඩේ වෙළෙන්දෙක් ඉස්සො වඩේ හදන විදිහ අපිට කියල දෙන්න එකඟ වුණා. වඩේ ටික රස වෙන්න උඩින් දාන සැර පේස්ට් එක හදාගන්න විදිහත් එයා අපිට කියල දුන්නා.
බේකන් ෆ්‍රයිඩ් රයිස්
අපේ ඔෆිස් එකේ කට්ටිය අතරෙ නං මේ ෆ්‍රයිඩ් රයිස් එක නැඟල ගියා. එක එක පාටින් වර්ණවත් වගේ ම, සැරෙන් රසෙන් පිරුණ ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේක. බේකනුත් තියනකොට ඉතිං, තව මොන කතා ද!
චුර්රෝස්
කුරුඳු කුඩුවලින් රස වෙලා, චොකලට් සෝස්වල දැවටිලා එන චුර්රෝස් කියන්නෙත් කරස් ගාල හැපෙන රහ කෑමක්. ඒවා හදාගන්න විදිහත් ඕගොල්ලො හිතනවට වඩා ලේසියි.
බීෆ් සමෝසා
මේකත් හැන්දෑවේ තේ වෙලාව රස කරන්න පුළුවන් තවත් කෑමක්. රන්වන් පාටට බැදුණු, ෆිලිං එකකින් පිරුණු සමෝසා කටකට කැමති නැත්තෙ කවුද? මේ ෆිලිං එකඇතුළට අපි දැම්මෙ බීෆ්, ලූනු, සුදු ලූනු සහ කොත්තමල්ලි. ඇරබියන් නයිට්ස් එකේ ස්ටයිල් එකට බීෆ් සමෝසා හදන විදිහයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.
නූඩ්ල්ස් කොක්ටේල් මික්ස්
ක්ෂණික නූඩ්ල්ස් කියන්නෙ ඕන වෙලාවක ඕන ගෙදරක නිතර හොයාගන්න පුළුවන් ජාතියක්. මේ දවස්වල ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩවල යෙදිල ඉන්න අයට, වැඩ කරන ගමන් හපන්න නූඩ්ල්ස් කොක්ටේල් මික්ස් එක හදල බලන්න.
බෆලෝ චිකන්
ගෙදර හදපු බෆලෝ සෝස්වල පොඟවපු චිකන් වින්ග්ස්! මේක රසයි වගේ ම කටට හරි ම සුමුදුයි. අවශ්‍ය කරන්නෙ යෝගට්, විනාකිරි, කුළුබඩු, හොට් සෝස් සහ චිකන් ටිකක් විතරයි.
ෆ්ලා ලස් චොක්ලට් කේක්
පිටි කෑම කන්නෙ බර වැඩි වෙයි කියල බයෙන් බයෙන් ද? හැබැයි මේ කේක් එක කන්න නං බය වෙන්න දෙයක් නෑ. මොකද මේක පිටි නොදා හදන චොක්ලට් කේක් එකක්! එහෙම කියල රසේ අඩුවක් එහෙම නෑ. දැක්ක නෙ පෙනුම..