සුප්‍රසිද්ධ මනී හයිස්ට් කතා මාලාව ගැන අප්‍රකට කරුණු 7ක්...

මනී හයිස්ට් කියන්නෙ මෑත කාලේ ටීවී සීරීස් නරඹන්නන්ගේ සෑහෙන ආකර්ෂණයට ලක් වුණ ස්පාඤ්ඤ කතා මාලාවක්. ඒකට හේතු ගොඩක් තිබුණත් මූලික ම හේතුව මේක එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට බලාගෙන බලාගෙන යද්දි දැනෙන ඉවසගන්න බැරි කුතුහලය. ආකර්ෂණය ලැබෙන තරමට ම අනෙක් අතට හුඟක් ගල්මුල් විවේචනත් මේ කතා මාලාවට එල්ල වුණා. වැඩි දෙනෙකුගේ අදහස තමයි සීසන් 1 සහ සීසන් 2 වල තිබුණු ඔරිජිනල් ගතිය සීසන් 3 සහ සීසන් 4 වල දකින්න ලැබෙන්නෙ නෑ කියන එක.

කොහොම වුණත් එක එක්කෙනාගේ රස එක එක විදිහයි නේ. ඉතින් හොඳ නරක දෙක විමසල බලන එක ඕගොල්ලන්ට බාර කරලා, ස්පොයිල් නොකර දැන් අපි කියන්න හදන්නෙ මනී හයිස්ට් ගැන ඕගොල්ලො මෙතෙක් නොදැන හිටපු දේවල් 7ක්..

නගරවල නම්

මේ කතාවේ ප්‍රධාන චරිතවලට දාල තියෙන්නේ ලෝකේ විවිධ රටවල ප්‍රධාන නගරවල නම් කියල ඕගොල්ලො දන්නවනේ. හැබැයි ඒක හිතාමතා ප්ලෑන් කරලා කරපු වැඩක් නෙමෙයි කියල දැනගෙන හිටියද? ඒ අදහස ඉතා ම අහම්බෙන් ආපු එකක් ලු.

මනී හයිස්ට් නිර්මාතෘ වෙන ඇලෙක්ස් පිනා දවසක් ඇඳගෙන ආව ලු ‘Tokyo’ කියල ගහපු ටීෂර්ට් එකක්. ඒක දැකල තමයි නිෂ්පාදක ජේසුස් කොල්මෙනාර්ට අදහසක් පහළ වෙලා තියෙන්නේ ප්‍රධාන චරිතවලට නගරවල නම් දෙන්න ඕන කියල. ඉතින් ඊළඟ විනාඩි පහළොව ඇතුළත කට්ටිය එකතු වෙලා මොස්කව්, ඩෙන්වර්, බර්ලින් ආදී වශයෙන් චරිතවල නම් ටික දාල ඉවර කළා ලු.

බෙලා චාඕ

බෙලා චාඕ කියන්නෙ මනී හයිස්ට් කතා මාලාව තුළ කීප සැරයක් ම වාදනය වෙන ගීතයක්. මේක මේ සීරීස් එකේ තේමා ගීතයක් කියල හිතෙන තරමට ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා. හැබැයි ඇත්තට ම මේක දෙවැනි ලෝක යුද කාලයේ ඉතාලියේ ෆැසිස්ට් විරෝධීන් විසින් තමන්ගේ රැලි සඳහා පාවිච්චි කරපු ගීතයක්. යම්කිසි කැරැල්ලක ජය සැමරීමේ සංකේතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්.

ඩාලි මාස්ක්

මනී හයිස්ට් එකේ පාවිච්චි වෙන මාස්ක් එක, නැත්තං වෙස්මූණ සාමාන්‍ය එකක් නෙමෙයි. මේ වෙස්මූණට පාවිච්චි කරලා තියෙන්නේ සුප්‍රකට ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී සැල්වදෝර් ඩාලිගේ මූණ. ඇත්තට ම ඔහුට ප්‍රණාමය පළ කිරීමක් විදිහටයි මේ මූණ පාවිච්චි කරල තියෙන්නේ. ඒත් මේ මූණ යොදාගන්න අවශ්‍ය අවසරය තමන්ගෙන් ලබාගත්තෙ නෑ කියලා සැල්වදෝර් ඩාලි පදනමෙන් මනී හයිස්ට් වෙත විවේචනයකුත් එල්ල වුණා ලු.

ද හවුස් ඔෆ් පේපර්

මේ කතා මාලාවට මනී හයිස්ට් කියන නම දුන්නේ නෙට්ෆ්ලික්ස් එකෙන්. ඊට කලින් මේකේ ස්පාඤ්ඤ නම La Casa De Papel. ඒකෙ අර්ථය The House of Paper කියන එක. ‘සල්ලි කියන්නේ කොළ කෑලි’ කියල කියවෙන මේ සීරීස් එකේ සමස්ත අදහසත් එක්ක බලද්දි ඒක නිර්මාණාත්මක නමක්. ඒ නම එහෙම ම ඉංග්‍රීසියට පරිවර්තනය නොකර, කතාව ගැන කෙළින් ම කියවෙන Money Heist වගේ නමක් දාපු එක නම් අපරාදයක් කියල නොකියම බෑ.

නෙට්ෆ්ලික්ස් නිසා

La Casa De Papel මුලින් ම විකාශය වුණේ 2017 මැයි මාසේ, Antena 3 කියන ස්පාඤ්ඤ රූපවාහිනී නාලිකාවේ. මුලින් ම විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තට පස්සෙ එය ක්‍රමයෙන් සෑහෙන පසුබැසීමකට ලක් වෙලා තියනවා. නිර්මාපකයන් මේ කතා මාලාව ගැන බලාපොරොත්තු අත ඇරලා තියන වෙලාවකයි නෙට්ෆ්ලික්ස් ඔවුන්ට අත දෙන්නෙ. ඒ අනුව නෙට්ෆ්ලික්ස් විසින් මෙය මිල දී ගෙන ජාත්‍යන්තර තලයට ගැලපෙන විදිහට නමත් වෙනස් කරනවා.

ඒ අනුව නෙට්ෆ්ලික්ස් නිසා මනී හයිස්ට් ලොව පුරා ම විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. ප්‍රංශය, ඉතාලිය, බ්‍රසීලය, පෘතුගාලය, චිලී, ආජන්ටිනාව වැනි රටවල 2019 වසරේ වැඩි ම ප්‍රේක්ෂක පිරිසක් නරඹල තියෙන කතා මාලාව මනී හයිස්ට්. හැබැයි සීසන් 3 සහ සීසන් 4 නිර්මාණය වෙන්නේ මෙය නෙට්ෆ්ලික්ස් විසින් මිල දී ගැනීමෙන් පස්සෙයි. ඒ එක්ක කතාවේ ගුණාත්මක බව අඩු වුණ බව තමයි ප්‍රේක්ෂකයන්ගේ අදහස. 

ලොකේෂන්

සීසන් 1 සහ සීසන් 2 සම්පූර්ණයෙන් ම රූගත කරලා තියෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වල. මුලින් මේකේ නිර්මාපකයන්ට ඕන වෙලා තියෙන්නෙ රූගත කිරීම්වලට ස්පාඤ්ඤ ආර්ථික සහ ව්‍යාපාර අමාත්‍යාංශය යටතේ පාලනය වෙන රෝයල් මින්ට් එක ම පාවිච්චි කරන්න. මොකද කතාවට ඇත්තට ම පදනම් වෙන ස්ථානයත් රෝයල් මින්ට් එක නිසා. හැබැයි ඒ අවසරය ලබාගන්න බැරි වුණ නිසා, ඒ පෙනුමට සමාන පෙනුමක් සහිත ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ කවුන්සිලයේ ගොඩනැඟිල්ල මීට යොදාගන්න ඔවුන් තීරණය කරලා තියනවා.

කොහොම වුණත් ඔවුන්ට ඕන වෙලා තියෙන්නෙ ගොඩනැඟිල්ලෙන් පිටත රූපරාමු රූගත කරගන්න විතරයි. රෝයල් මින්ට් එක ඇතුළත දර්ශන රූගත කරල තියෙන්නේ රූගත කිරීමේ මැදිරිවල සහ තවත් තැන් කීපයක.

ඒ වගේ ම මේ කතා මාලාව නෙට්ෆ්ලික්ස් විසින් අත්පත් කරගත්තට පස්සේ ඉතා ම ලොකු බජට් එකක් ලැබුණ නිසා, සීසන් 3 සහ සීසන් 4 වෙනුවෙන් ස්පාඤ්ඤයෙන් බැහැරව රූගත කිරීම් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව එංගලන්තය, තායිලන්තය, පැනමා, ඉතාලිය ආදී රටවල විවිධ කොටස් රූගත කරල තියනවා.

ඇත්ත ලෝකෙට…

මනී හයිස්ට් කොච්චර ප්‍රේක්ෂකයන් වැළඳගත්ත ද කියනව නම්, මේකෙන් ඉන්ස්පයර් වෙලා කරපු මුදල් මංකොල්ලකෑම් කීපයක් ගැනත් වාර්තා වෙනවා. එකක් සිද්ධ වෙලා තියෙන්නේ අපිට ළඟ ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. කියවෙන විදිහට එස්. මුරුගන් නමැත්තා ඇතුළු මනී හයිස්ට් රසිකයින් රංචුවක් එකතු වෙලා සැලැස්මක් හදලා රන්භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කාල තියනවා. මුරුගන් නමැත්තා කොච්චර මේ කතාවට ආසයි ද කියනව නම්, ඔහු කවදාහරි දවසක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් කැමැත්තෙන් ඉන්නව ලු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Trending.

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Hilton Colombo Presents ‘A Middle Eastern Flair’

Hilton Colombo invites guests on a gastronomic journey through the heart of the Middle East

Trending

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide