මීතොටමුල්ලට එන්න එපා! උදව්කරන්නේ මෙහෙමයි.

ඡායාරූපය: asianmirror.lk

(අවසාන යාවත්කාල කිරීම 2017 අප්‍රේල් 16 ප.ව. 10.40)

මොකක්ද වෙලා තියෙන්නේ?

මුළු කොළඹ නගරෙම කුණු බැහැර කරන මීතොටමුල්ල කුණු කන්දේ විශාල කොටසක් සිකුරාදා (14) හවස නායගියා; අලුත් ම නිළ සංඛ්‍යාලේඛණවලට අනුව මේ වන විට මිය ගිය ගණන 26ක්. අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව නායයාම නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් හානියට පත් වී ඇති අතර පවුල් 228කට අයත් පුද්ගලයන් 980ක් අවතැන් වී සිටිනවා. 

වර්තමාන තත්ත්වය

මේ වෙද්දී යුධ හමුදා නිලධාරීන් 600ක් පිරිසක් තවත් පිරිස් යටවී සිටිනවාදැයි සෝදිසි කිරීමේ මෙහෙයුම් සහ බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතවෙනවා. මේ සිදුවීම නිසා අවතැන්වෙලා සිටින පිරිස 600කට වැඩියි. ඔවුන් මේ වෙද්දී කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයේ නවාතැන් අරගෙන ඉන්නවා. ඔවුන්ට ආහාර ලබාදීම මේ වෙද්දී පොලීසිය, හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මඟින් සිදුකරනවා.

ඡායාරූපය: army.lk

මේ කුණු කොළඹ නගරයේ අපිම බැහැර කරපු කුණු. ඒක නිසා මේ සිදුවීමට අපි හැමෝගෙම දායකත්වයක් තියෙනවා.

අපිට මොනවාද කරන්න පුළුවන්?

ඡායාරූපය: cherylthomas.com

පළවෙනි දේ තමයි මේ පිරිසට අවශ්‍යකරන අනෙකුත් දේවල් ටික ලබාදෙන එක. මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය වෙන්නේ මේවායි.

මදුරු දැල්
පිරිමි ඇඳුම්
කාන්තා ඇඳුම්
ළමා ඇඳුම්
පිරිමි හා කාන්තා යට ඇඳුම්
කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය
වතුර බෝතල්
බෙහෙත්

කොහොම වුණත් මේ ලැයිස්තුව නිතරම වෙනස්වෙන නිසා දේවල් ගෙනිහින් දෙන්න කලින් පහළ තියෙන අංකවලට කතාකරලා  මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය මොනවද කියල බලන එක හොඳයි.

මේ දේවල් කෙලින්ම

  • කොළොන්නාවේ ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලය

විදුහල්පතිනිය, – 0714484213
නි. විදුහල්පතිනිය, – 0727 397 902

එහෙම නැත්නම්  Kindness Collective ආයතනය විසින්

  • ඇනිමේට්, තිඹිරිගස්යාය

0772 431 831

  • වර්චුසා, දෙමටගොඩ

0114 605 500

පිහිටුවා ඇති එකතුකිරීමේ මධ්‍යස්ථානවලට බාරදෙන්න පුළුවන්. මේ දේවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා අවශ්‍ය පුද්ගලයන්ට ලබදෙන්න මේ වෙද්දී කටයුතු සූදානම් කරලා තියනවා.

ඊගාව දේ තමයි නායගියපු එක බලන්න යන්නේ නැතිව ඉන්න එක. අපි හැමෝම ඔතනට ගියාම වෙන්නේ සහන සේවා සපයන නිලධාරීන්ට ඒක කරන්න අමාරුවෙන එක.

මේ ගැන වැඩිදුර තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 011 213 6136 දුරකථන අංකය ඔස්සේ දැනගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Celebrate the Season with The Kingsbury’s Festive High Tea Buffet at Churros

Celebrate the most wonderful time of the year with a Festive High Tea Buffet at

Trending

A Limited-Edition Christmas Masterpiece: Hazelnut & Passion Yule Log Train by Shangri-La Colombo

This festive season, Shangri-La Colombo unveils an exclusive culinary treasure - the Hazelnut & Passion

Trending

Colombo’s Most Anticipated Holiday Sing-Along Is Back in Town!

This December, the festive spirit is set to hit a high note as Christmas Crescendo,

Trending

Cook, Dine, and Celebrate the Season with Tabletop Teppanyaki at Tenkū

This Christmas, Tenkū offers a one-of-a-kind dining experience that puts you in control of the

Trending

A Taste of the Atlantic at The Kingsbury’s Ocean

This festive season, Ocean, The Kingsbury’s celebrated seafood restaurant, invites you to embrace a world

Trending

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

Yamu Guide.

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide