ඔයා හොයන්නෙ මීගුරන් ද, ජින්ජර් බියර් දාපු නාරං ජූස් ද, ක්‍රැබ් කරියක් ද, ස්මූදි බෝල් එකක් ද…? මේ ඕන එකක් තියනව මේ ලිස්ට් එකේ. කියවල බලන්නකො. මේ තමයි මේ වීක්එන්ඩ් එකේ කන්න යන්න අපි තෝරන හොඳ ම තැන් ටික!
Revolution Colombo (Trillium Boutique City Hotel)
ට්‍රිලියම් බුටික් සිටි හොටෙල් එකේ රූෆ්ටොප් එකේ තියන රෙවලූෂන් කලම්බෝ කියන්නෙ පොඩි මෙක්සිකන් ටච් එකක් තියන රස කෑමබීම ගොඩක් සර්ව් කරන අවන්හලක්. අපි මෙතනින් ලැබුවෙ හැම අතින් ම පරිපූර්ණ මතක හිටින අත්දැකීමක්. ඒ නිසා අපෙන් තරු පහ ම ගන්න මේගොල්ලො සමත් වුණා. මෙතන තියන පොලේ චිකන් එක වගේ ම නාරන්ජ බියර් එක එහෙමත් සුපිරි!
Lau Pa Sat (One Galle Face)
සිංගප්පූරු කෑමවලට ආස අයටයි මේ හෝඩුවාව. වන් ගෝල්ෆේස් එකේ තියන මේ රෙස්ටොරන්ට් එක අපිට මුළුමනින් ම සිංගප්පූරු අත්දැකීමක් දෙන්න සමත් වුණා. විශේෂයෙන් ම ඒගොල්ලන්ගෙ ඉස්සො දාපු සැර මීගුරන් එක! ඒ වගේමයි සෝල්ටඩ් එග් යෝක් ප්‍රෝන්ස් ඩිෂ් එකත්. අතුරුපසට අපි තෝරපු Goreng Pisang and Vanilla Ice cream කියන ඩෙසට් එක අපේ කෑම වේලට රස ම රස නිමාවක් දුන්නා. ඒ නිසා ඒකෙ රසත් අමතක කරන්න බෑ.
The Willow
ඔයත් කෑම කන්න ගියාම සෑහෙන ශරීර සෞඛ්‍යය ගැන හිතනවද? එහෙනම් ද විලෝ එකට ගිහින් බලන්නකෝ. රස ගුණ පිරුණ එයාලගෙ ස්මූදි බෝල් එකකින් සප්පායම් වෙන්න පුළුවන්. පේනව නේ, දැක්කත් බඩ පිරෙන ගාණයි. ඉතිං රස ගැන අමුතුවෙන් කියන්නෙ මොකටද?
Big Daddy's BBQ
නමෙන් කියවෙන විදිහට ම මෙතන විශේෂත්වය වෙන්නෙ බාබකිව්වලට මුල් තැන දෙන එක. හැබැයි අපිට මෙතෙන්ට හිත ගිය හේතුව ඒක විතරක් නෙමෙයි, රෝස්ට් පානුයි පොල් සම්බෝලයි එක්ක මේගොල්ලො ළඟ තියනවා ලංකාවෙ ක්‍රමයට හදපු ක්‍රැබ් කරියක්! රස නහර පිනා ගිහින් රෝස්ට් පාන් ටික ඔක්කොම ඉවර කරලයි අපි පස්ස බැලුවෙ.
Paan Paan (Dehiwala)
පාන් පාන් එකේ අලුත් ම අවුට්ලට් එකක් විවෘත කළා දෙහිවල. ඉතිං අපි ගිහින් බැලුවා ඒ පැත්තේ අලුත් විස්තර මොනවද කියල. එයාලගෙ පාන්, බන්ස් වගේ ජාතිවල නම් සුපුරුදු නැවුම් බව එහෙම ම තියනවා. ෆිලිංග්ස් ගැන තව ටිකක් හිතුව නං හොඳයි කියලත් අපිට හිතෙනවා. හැබැයි ඉතිං හදිස්සියකට ගොඩ වෙලා බඩ කට පුරවගන්න කියාපු තැනක්!
ඔයාට මේ රෙස්ටොරන්ට්ස් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් නම උඩ ක්ලික් කරන්න. එහෙනං වීක්එන්ඩ් එක හැමෝට ම සතුට පිරුණ, රස ඉතිරෙන එකක් වෙන්න කියල අපි විෂ් කරනවා…