ඇඳිරි නීතිය අතරෙ වුණත්.. පුංචි උපන්දින සැමරුමක්! කේක් ගෙන්නගන්න තැන් මෙන්න.

කොරෝනා නිවාඩුව අපි ප්ලෑන් කරගෙන හිටපු හුඟක් දේවල් වෙනස් කළා. හැම අවුරුද්දෙ ම දාන පාටි, සැමරුම් වගේ දේවල් මේ පාර කැන්සල් කරන්න සිද්ධ වුණාම කාට වුණත් පොඩි දුකක් ඇති වෙනව නේ. අනික සමහර පුංචි පුංචි සැමරුම් අවලංගු කරන්න බැරි තරම් අපිට වටිනවා. ඒ නිසා, වෙනද වගේ ලොකුවට නොවුණත්, පවුලේ අයත් එක්ක විතරක් පුංචි උපන්දින සාදයක්/ සංවත්සර සාදයක් පවත්වන්න ඕන කියල ඕගොල්ලො හිතනව ඇති. මේ අඳුරු කාලේ අඳුර පහ වෙලා යන්නත් එක්ක එහෙම සතුට දැනෙන දෙයක් කරන එක වරදකුත් නෙමෙයි.

ඉතින් මේ පහළ ලැයිස්තුවේ තියෙන්නෙ පාටියක් වුණත් නැතත්, ඕගොල්ලන්ගෙ ඕන ම කේක් අවශ්‍යතාවකට හරි යන්න, කේක් එකක් ගෙදරට ම ගෙන්නගන්න ඩිලිවරි පහසුකම සලසලා දෙන තැන් කීපයක් ගැන විස්තර..

Java Lounge

වර්ග කීපයක ම නෝමල් කේක් වගේ ම චීස් කේකුත් ඩිලිවර් කරන්න ජාවා ලෝන්ජ් එක ලෑස්තියි. හැබැයි මතක ඇතිව දවසකට කලින් ඇණවුම බාර දෙන්න.

  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: කොළඹ 03,04,05,07,08, නාවල, රාජගිරිය, නුගේගොඩ.
  • පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතයි.
  • අමතන්න: 0711407536 (වට්සැප්)

Monkeybean Cafe

මංකිබීන් එකේ රස ම රස කැරට් කේක් එක රස බලන්න මේක තමයි හොඳ ම වෙලාව. ඒගොල්ලන්ගෙ චීස් කේක් ගැනත් අපි සෑහෙන රස කතා අහල තියනවා.

  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: කොළඹ 02-08 සහ ඒ අවට.
  • පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතයි.
  • කෑෂ් ඔන් ඩිලිවරි සහ කාඩ් මඟින් ගෙවීම් කළ හැකියි.
  • අමතන්න: 0115877501/ 0773432071 (වට්සැප්)

Bakes By Bella

බේක්ස් බයි බෙලා එකේ රසින් වගේ ම පෙනුමෙනුත් උපරිම කේක් ගැන නොදන්නෙ කවුද? ඔන්න දවසකට කලින් ඇණවුම බාර දෙන්න අමතක කරන්න එපා.

  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: කොළඹ 01-08
  • පෙ.ව. 11.00 සිට ප.ව. 7.00 දක්වා විවෘතයි.
  • අමතන්න: 0777445449

Sweet Surrender

ස්වීට් සරෙන්ඩර් කිව්ව ගමන් අපේ හිතට එන්නෙ ඒගොල්ලන්ගෙ ගින්දර වගේ කකුළු කරිය. ඒකට මොකද ඒගොල්ලන්ගෙ කේක් වුණත් නරක නෑ. විශේෂයෙන් රෙඩ් වෙල්වට් කේක් එක එහෙම.

  • ඇණවුම බාර දෙන දිනයේ ම ඩිලිවරි කරගන්න පුළුවන්.
  • පෙ.ව. 11.00 සිට ප.ව. 7.00 දක්වා විවෘතයි.
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 2000
  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, රාජගිරිය, නාවල, කෝට්ටේ.
  • ඩිලිවරි ගාස්තු: ත්‍රීවිලරයක සාමාන්‍ය මීටර් ගාස්තුව (අවම රු. 200)
  • අමතන්න: 0114365783/ 0769384229/ 0773770707 (වට්සැප්)

Butter Boutique

ඩබල් චොක්ලට් ෆජ්, සෝල්ටඩ් කැරමල්, රේන්බෝ, ලෙමන් කර්ඩ්, රෙඩ් වෙල්වට්, ටිරාමිසු, බ්ලූබෙරි ක්‍රීම්, කුකී බටර් වැනිලා කියන කේක් වර්ග බටර් බුටික් එකෙන් ඕගොල්ලන්ට ලබාගන්න පුළුවන්.

  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: රාජගිරිය, නුගේගොඩ, නාවල, බත්තරමුල්ල, මාලබේ, තලාහේන, කෝට්ටේ, කොළඹ 04-06.
  • අමතන්න: ඉන්ස්ටග්‍රෑම්/ 0117040028

 The English Cake Company

ඉංග්ලිෂ් කේක් කම්පනි එකේ කර්ෆිව් මෙනු එකේ චොක්ලට්/ පලතුරු/ කුකීස්/ කෝපි.. මේ හැම රසකින් ම හදපු කේක් ඇතුළත්. දවසකට කලින් ඇණවුම ලබාදෙන්න ඕන.

Mitsi's Delicacies

මේගොල්ලොත් ඇඳිරි නීතිය අතරෙ ඔයාගෙ ගෙදරට ම කේක් ගෙනත් දෙන්න ලෑස්තියි.

  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: කොළඹ 02-07 (ඩිලිවරි ගාස්තු නෑ), කොළඹ 01, කොළඹ 08-15, දෙහිවල, ගල්කිස්ස, නාවල, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල, නුගේගොඩ, කොහුවල.
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 3000 (කොළඹ 03), අනෙකුත් ප්‍රදේශ: රු. 4000
  • පෙ.ව. 9.00 සිට ප.ව. 8.30 දක්වා විවෘතයි.
  • කෑෂ් මඟින් හෝ බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් ගෙවීම් කළ හැකියි.

Hyve Dessert Bar

රස ම රස අතුරුපස වේලකට මෙතනින් ඕඩර් කරල බලන්නකෝ. පැය 48කට කලින් ඕඩරය බාර දුන්නොත් ඒගොල්ලො වෙලාවට ගෙදරට ම ගෙනල්ල දෙනවා.

  • මෙනු එක
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 1500
  • ඩිලිවරි පහසුකම සපයන ප්‍රදේශ: කොළඹ 01-08, නාවල, රාජගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ, කොහුවල. 
  • කෑෂ් මඟින් හෝ බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් ගෙවීම් කළ හැකියි.
  • අමතන්න: 0773043968 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide