කාලයක් අපට නැතුව ම බැරි ව තිබුණු සමහර දේවල් දැන් නම් මොකට තියෙනවද කියල හිතෙන තරමට වැඩකට නැති දේවල් වෙලා. ඒත් ඒවා තාමත් තියෙනවා! ඒත් මොකටද?
බැංකු පොත්
ඉස්සර අපි පොඩි කාලෙ අපේ අම්මල එහෙම බැංකු පොත් පරිස්සම් කරන්නෙ පණ වගේ. ඇයි ඉතිං අමාරුවෙන් ඉතුරුකරපු සල්ලි ටික ඔක්කොම ඒකෙනේ. දැන් නම් ගොඩක් ප්‍රයිවට් බැංකුවල බැංකු අප කැමති නම් පොත් නැති ගිණුමක් පටන්ගන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ අනිත් ගිණුම් වර්ගය (බැංකු පොත් තියන ගිණුම්) තාමත් තියෙන්නෙ ඇයි කියන එක.
සාමාන්‍යයෙන් කාඩ්, ඔන්ලයින් බැන්කින් වගේ දේවල් පාවිචිකරන කෙනෙකුට මේ දවස්වල මුහුණ දෙන්න වෙන මරු ම වැඩේ තමයි මොකක් හරි හේතුවකට බැංකුවට ගිහින් පාස්පොත අප්ඩේට් කරන එක. පොත මැෂිමට දාපු ගමන් ඒටීඑම්වලින් සල්ලි ගත්ත එව්වයි, කඩවලින් බඩුගත්ත එව්වයි ඔක්කොම ටික අප්ඩේට් වෙලා පොත් එකක් නෙවෙි දෙක තුනක්ම අරන් තමයි ගෙදර යන්න වෙන්නෙ.
පිටු ගණන් ලියාගන්න දෙන නෝට්
පිටු ගණන් සටහන් දෙන එක සහ ඒ සටහන් කඩපාඩම් කරන එක තාමත් අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අංගයක්. කොයි කාලෙ වුණත් මේක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි තමයි. ඒත් දැන් අවුරුදු 15-20කට කලින් නම් මේ විදියට එක එක අයගෙ නම්, අවුරුදු වගේ දේවල් මතක තියාගන්න එක ටිකක් වැදගත් කියල අදහසක් අපි ගොඩක් දෙනෙකුට තිබුණා; මොකද හදිසියට ඕන වුණොත් පොත් හොය හොයා ඉන්න බෑනේ. ඒත් ඕන දෙයක් ගූගල් කරන්න පුළුවන් මේ කාලේ යම් දෙයක් ගැන තියෙන අවබෝධය මිසක් මේ වගේ ඉලක්කම්, නම් වගේ දේවල් මතක තියාගෙන ඉන්න එකේ තේරුම මොකක්ද? විභාගේ පාස්වෙලා ඇවිත් ඊළග පරම්පරාවටත් විභාගයට ඒ සටහන් ම උගන්නල විභාග පාස් කරල දෙන එක ඇරෙන්න මේ පිටු ගණන් දෙන සටහන්වලිනුත් තියෙන වෙන ප්‍රයෝජනයක් නම් හිතාගන්න බෑ.
ෆොටෝ ස්ටුඩියෝ
ඉස්සර අපේ ආච්චිලාගේ සීයලාගේ ෆොටෝ එකකට කියල තියෙන්නෙ පවුල පිටින් ස්ටුඩියෝ එකකට ගිහින් ගත්ත කළුසුදු ෆොටෝ එකක් තමයි. අපේ අම්මලගෙ වුණත් වෙඩින් ෆොටෝ එක කියන්නෙ අනිවාර්යයයෙන් ම ස්ටුඩියෝ එකක කළුපාට කර්ටන් එකක් ඉස්සරහා ඉඳන් ගත්ත එකක්. අපි පොඩි කාලෙ වෙද්දි රීල් දාලා ෆොටෝ ගන්න කැමරාවක් හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් වුණේ නෑ; ඒ වගේ කැමරාවක් තියෙන අයියලට/ මාමලාටත් ඒ කාලෙ සෑහෙන සැලකිලි. මොකද හරියට බෙල්ල කැපෙන්නෙ නැති විදියට ෆොටෝ ටික අරන් ස්ටුඩියෝ එකට දීල සුද්ද කරවල දෙන එකත් ටිකක් ලොකු වැඩක් නේ.
ඒත් 90 ගනන්වලින් පස්සේ ඩිජිටල් කැමරා ඇවිත්, ඊට පස්සෙ ෆෝන් කැමරා ඇවිත්, ෆෝන් එකෙන් ෆිල්ම් පවා ගහන මේ කාලෙ පරණ ස්ටුඩියෝවලට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොකක්ද කියල හිතා?ගන්න බෑ. ඒත් ඉතිං තාමත් තැනින් තැන මේ පරණ ස්ටුඩියෝ නම් තියෙනවා.
ලස්සන අත්අකුරු
පෑන, පැන්සල හරියට අල්ලලා රවුමට ලස්සනට අකුරු ලියන එක ඉස්කෝලෙ දි පොඩි කාලෙ ඉඳන් කණ මිරික මිරිකා උගන්වන දෙයක්. පොඩි කාලෙ පෑන පැන්සල හරියට හසුරුවන්න අත හුරු වෙන එක වැදගත් තමයි. ඒත් පෑනට වඩා කීබෝඩ් එක වැදගත් වෙන මේ කාලේ අත්අකුරුවලට දීල තියෙන වැදගත්කම හොඳටම වැඩියි.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්
දැන් කාලෙ නම් ගොඩදෙනෙක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිචිකරන්නෙ අලුතින් වින්ඩෝස් දාපු කොම්පියුටරයකට ගූගල් ක්රෝම් හරි ෆයර්ෆොක්ස් ඩවුන්ලෝඩ් කරගන්න විතරයි. ඒත් මතකද කාලයක් තිබුණා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් නැතුවම බැරි?
ඒ කාලෙ අපි දන්න වෙබ් බ්‍රව්සර් හැටියට තිබුණෙ නෙට්ස්කේප් නැවිගේටර් එකයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකයි විතරයි. ඒකෙනුත් නෙට්ස්කේප් එක ගොඩදෙනෙක් දැකල තිබුනණ පොත්වල විතරයි. මොකද ඒ කාලෙ තිබුණ ඩයල්අප් කනෙක්ෂන්වලින් බ්‍රව්සරයක් ඩවුන්ලෝක් කරනව කියන එකත් ටිකක් ලොකු වැඩක්.
හැබැයි දැන් වෙද්දි නම් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිචි කරන කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. ඉතිං ඇයි තාමත් මයික්‍රෝසොෆ්ට් එකෙන් මේක හදන්නෙ. අර කලින් කිවත් වගේ අලුතින් වින්ඩෝස් දාපු කම්පුයිටරයකට අනිත් බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්නත් ඉතිං ඉන්ටර්නෙට් එකට යන්න බ්‍රව්සරයක් ඕනනේ. ඒත් දැන් වින්ඩෝස් 10 එකේ නම් ie එකට අමතර ව එජ් කියල අලුත් බ්‍රව්සරයකුත් එන නිසා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකට ඒ රස්සාවත් නැති වෙන පාටයි.
මංගල යෝජනා
අපි පොඩි කාලේ, ඒ කියන්නෙ අපේ මාමලා බාප්පලා කසාද බඳින කාලෙ, එයාලට තමන්ගෙ සහකාරයාව තේරාගන්න තිබුණේ ක්‍රම කීපයයි. එක්කෝ තමන් ආස කොල්ලෙක්/ කෙල්ලෙක් එක්ක ලවු එකක් පටන්ගන්න ඕන; එහෙම නැත්නම් මගුල් කපුවෝ; ඒත් බැරිවුණොත් ඉතිං පත්තරේ මංගල යෝජනා තමයි. ෆේස්බුක් එකේ ඉඳන් (ලංකාවෙ එච්චර ජනප්‍රිය නැති වුණත්) ඔන්ලයිඩ් ඩේටින් ඉඳන් ටින්ඩර් දක්වා සහකාරයෙක් හොයාගන්න ඕනතරම් ක්‍රම තියෙන මේ කාලෙ, තාමත් පත්තරවල මංගල යෝජනා තියෙන්න කොහොමද කියන එකත් ටිකක් හිතාගන්න අමාරු දෙයක්. ටින්ඩර් වගේ දේවල් පාවිචි නොකරන “හැදිච්ච ළමයින්ට” (ඔව්, ලංකාවෙ කසාද බඳින ගොඩදෙනෙක් ළමයි නේ) වුණත්, වචන ගාණට සල්ලි ගන්න පත්තරේ ලුහුඬු දැන්වීමකට වඩා සවිස්තරාත්මක ෆ්‍රොෆයිල් එකක් හදලා, තමන්ට අවශ්‍ය විදියට ෆිල්ටර්කරලා සහකාරයෝ හොයගන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙද්දිත්, ඉරිදා පත්තර ඇතුලේ තමන්ගේ අනාගත සැමියා/ බිරිඳ හොයන මිනිස්සුන්ව නම් ටිකක් තේරුම්ගන්න අමාරුයි.
මේ දේවල් තාමත් තියෙන්නෙ ඇයි කියල කියන්න තර්කානුකූල හේතුවක් නම් හොයගන්න අමාරුයි. ඒත් අපි ලොකුවට හිතන් හිටියට සාමාන්‍යයෙන් මිනිස්සු කරන දේවල්වලින් 90%ක් විතර ම කිසිම තර්කානුකූල හේතුවක් තියෙන දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ මොළේ වැඩකරන විදිය. නෑ කියලද හිතන්නෙ/ එහෙනම් නිකමට හිතල බලන්නකෝ ඔයා දැන් මේක කියවන්නෙ ඇයි කියලා.