ගිය අවුරුද්දෙ මේ කාලෙ වෙද්දි අපි ගොඩදෙනෙක් වැඩිය අහලවත් නොතිබුණු (අහල තිබුණත් ලොකු උනන්දුවක් නොතිබුණු) වර්ක් ෆ්‍රොම් හෝම් හෙවත් ගෙදර ඉඳන් වැඩකරන එක මේ වෙද්දි බඩේ බත් ගානට අපට හුරුවෙලා. ඔෆිස් එකේ අය, යාළුවෝ කවුරුත් මුනනොගැහී ගේ අස්සට ම වෙලා ඉන්න එක, ගෙදර සද්දබද්ද, කලබලත් එක්ක වැඩවලට අවධානය යොමුකරගන්න තියෙන අමාරුව, නිවාඩු දවස්වලත් වැඩ වැටෙන එක වගේ ප්‍රශ්න අතරෙ වුණත් ගෙදර ඉඳන් වැඩකරන එකේ වාසිත් නැත්තෙම නෑ. ගමන් වියදම් සහ කෑමබීම, ඇඳුම් පැළඳුම් වගේ දේවලට යන වියදම් ටික අඩුවීම, ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගතකරන්න පුළුවන් වීම, වැඩකරන අතර ගෙදර දොරේ වැඩත් වෙනදට වඩා වැඩිපුර කරගන්න පුළුවන් වීම වගේ ප්‍රායෝගික වාසිවලට අමතර ව වෙනදට වඩා පොත්පත් කියවන්න, ෆිල්ම්, ටීවි සීරිස් බලන්න, ළමයි (හෝ සුරතල් සත්තු) එක්ක සෙල්ලම්කරන්න, ආසා කරන කෑම ජාති හදාගෙන කන්න වගේ වෙනදට වඩා නිවාඩුපාඩු සුඛෝපභෝගි ලයිෆ්ස්ටයිල් එකකට දන්නෙ ම නැතුව අපි ටික ටික ඇබ්බැහි වෙලා. මේකට හොඳම සාක්ෂිය තමයි නෙට්ෆ්ලික්ස් ඇතුළු වීඩියෝ ස්ට්‍රීමිං සර්විස් පහුගිය අවුරුද්ද ඇතුලත අත්කරගත්ත පෙර නොවූ විරු වර්ධනය.
රෝස, රතු තැඹිලි සහ වසංගත ඇඟවුම්: #MoogaterPictures pic.twitter.com/7ZE6FZ27cG
— Kanchana Amilani (@moogater) December 6, 2020
සාමාන්‍යයෙන් රෑට දත් මදින එක, උදේ නැගිටලා වතුර එකක් බොන එක වගේ එදිනෙදා ජීවිතේට අදාළ පුරුදු ඇතිකරගන්න උපදෙස් දෙන ගොඩක් දෙනෙක් කියන ප්‍රසිද්ධ කතාවක් තමයි අමාරුවෙන් හරි මාසයක්, එහෙම නැතිනම් මේ දේවල් එක දිගට කරන්න පුළුවන් වුණොත් ඉන් පස්සෙ අපේ මොළයට ඒක පුරුද්දක් වෙනවා කියන එක. මේ නිශ්චිත දින ගාන විද්‍යාත්මක ව පිළිගන්නෙ නැති වුණත් කාලය වැඩිවෙන්න වෙන්න යම් දෙයක් ගැන අපට ඇතිවෙන පුරුදු ශක්තිමත් වෙනවා කියල එක තමයි සාමාන්‍ය පිළිගැනීම. දැන් අවුරුද්දක විතර ඉඳන් අපි ගොඩදෙනෙක් මේ ගෙදර ඉඳන් වැඩකරන එකට පුරුදුවෙලා ඉන්නෙ. ගොඩක් දුරට මේ අවුරුද්දෙත් සැලකිය යුතු කාලයක් අපට මේක කරගෙන යන්න සිද්ධවේවි. ඉතිං මුළු ලෝකෙ ම ජනතාව හුරුවෙලා ඉන්න මේ අලුත් ජීවන රටාව ඉවරවුණු දවසට මොකක් වෙයිද? කොරෝනා වසංගතය ඉවරවෙලා ආපහු පරණ විදියට උදේ පාන්දර නැගිටලා බත්මුල් බැඳගෙන බස්වල කෝච්විවල එල්ලිලා සතියෙ දවස් පහම ඔෆිස් දුවන ජීවන රටාවකට ආපහු යන්න හිත හදාගන්න අපට පුළුවන් වේවිද?
#MoogaterPictures pic.twitter.com/SBxRQRBLp6
— Kanchana Amilani (@moogater) January 13, 2021
මේ ගැන කැනඩාවේ කරපු සමීක්ෂණයකට සහභාගි වුණු අයගෙන් 73%ක් ම කොරෝනා කාලෙ ඉවරවුණාට පස්සෙත් දිගට ම ගෙදර ඉඳන් වැඩකරන්න කැමත්ත ප්‍රකාශකරලා තිබුණා. කැමති අයට දිගට ම ගෙදර ඉඳන් වැඩකරන්න පුළුවන් කියලා ට්විටර්, රෙඩිට් වගේ සමාගම් දැනටමත් තමන්ගෙ සේවකයන්ට දැනුම්දීලා තියෙනවා.
හැබැයි ලෝකෙ තියෙන හැම ජොබ් එකක් ම ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි නෙ. ඒ වගේ ම ගෙදර ඉඳන් කරන්න පුළුවන් වුණත් ඔෆිස් එකක හෝ සාමූහික ව කරනවට වඩා ඵලදායිත්වය හෝ ගුණාත්මක බව අඩුවෙන්න පුළුවන් රැකියාත් තියෙනවා. (ඒ වගේ ම ගෙදර ඉඳන් කරද්දි ඔය ඵලදායිත්වය සහ ගුණාත්මක බව වැඩිවෙන්න පුළුවන් ඒවත් තියෙනවා). හැබැයි අර සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙන විදියට ලෝකෙ ජනගහණයෙන් බහුතරයක් ගෙදර ඉඳන් වැඩකරන එකට කැමති වුණොත්, ඒ කියන්නෙ ආයතනවල ඉහළ ඉඳන් පහළට යනකල් ම වැඩිපුර ඉන්නෙ මේ අලුත් ක්‍රමයට කැමති අය නම් ඒ ආයතන ලේසියෙන් ම මේකට තල්ලුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනිත් අතට ලෝකේ ප්‍රධාන පෙලේ ආයතනවල මේ වගේ ට්‍රෙන්ඩ් එකක් පටන්ගත්තට ම අනිත් පොඩි ආයතනත් ඒක අනුගමනය කරන්න ට්‍රයි කරනව නෙ. ඉතිං වැඩකරන අයගෙ පැත්තෙන් මේකට ලොකු කැමැත්තක් තිබුණට සමහර ආයතන සහ සමහර සේවාවල ගුණාත්මක තත්ත්වය පහළ වැටෙන්නත් මේක බලපාන්න පුළුවන්. ඉතිං ගොඩක් ආයතනවලට ඊළඟට එන අවුරුදු කීපය ඔෆිස් එකෙන් ගෙදරටත්, ගෙදරින් ඔෆිස් එකටත් මාරුවෙමින් දේවල් අත්හදාබලන කාලයක් වේවි.
Cover Photo: Kachana Amilani