වර්කිං ෆ්‍රොම් හෝම්.. ගෙදර ඉඳන් නිවැරදි ක්‍රමයට ඔෆිස් එකේ වැඩ කරන්නෙ මෙහෙමයි.

වර්කිං ෆ්‍රොම් හෝම්.. මේ දවස්වල නිතර කියවෙන වචන ටිකක්. කොරෝනා වෛරසය ලංකාවේ ව්‍යාප්ත වීම අවම කරගැනීම සඳහා රජය විසින් නිවාඩු දින සහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම නිසා, හුඟක් රජයේ වගේ ම පෞද්ගලික අංශයේ ආයතන, සේවකයන්ට තමන්ගෙ නිවසේ ඉඳන් ම කාර්යාලයේ වැඩ කරන ක්‍රමයක් අනුගමනය කරන්න අවස්ථාව සලසල දුන්නා. මේ ක්‍රමය ලංකාවේ සමහර ක්ෂේත්‍රවල, සමහර ආයතනවල කොහොමටත් ක්‍රියාත්මක වෙමින් පවතින නිසා බොහෝ දෙනෙකුට මේක අලුත් දෙයක් නෙමෙයි.

හැබැයි පළවෙනි වතාවට මේ අත්දැකීමට මූණ දෙන අයට, මේක හරියට කරන විදිහ ගැන ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කළා, සාමාන්‍යයෙන් යමු එකේ අපි, ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරද්දි අනුගමනය කරන දේවල් කීපයක් ඕගොල්ලන්ට කියන්න. මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත්, ‘වර්කිං ෆ්‍රොම් හෝම්’ සාර්ථක කරගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙයි..

අන්තර්ජාලය

වර්කිං ෆ්‍රොම් හෝම් කියන්නෙ කාර්යාලයේ එකිනෙකා සමග අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙමින් කෙරෙන දෙයක් නේ. ඒ නිසා ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව ශක්තිමත් ද කියල හොඳින් හොයා බලන්න වෙනවා. ඔබේ කණ්ඩායමට ඔබව සම්බන්ධ කරගන්න බැරි වුණොත් මේ වැඩේ සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ.

අන්තර්ජාලය විතරක් නෙමෙයි, ඔබේ රාජකාරියේ ස්වභාවය අනුව ඔබට අවශ්‍ය වෙන අනෙකුත් තාක්ෂණික උපකරණ (උදා: ලැප්ටොප්, හෙඩ්සෙට්) සහ මෘදුකාංග ඔබ ළඟ තියන බවටත් වග බලාගන්න.

නියමිත තැනක්

හැම ගෙදරක ම ඔෆිස් රූම් එකක් නෑනේ. හැබැයි ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරනවා නම් ඒ සඳහා ම වෙන් වුණ තාවකාලික තැනක් හදාගන්න වෙනවා. අවට සද්දබද්දවලින් බාධා නොවෙන, පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන, හොඳට ආලෝකය සහිත ඉඩක් මේකට වෙන් කරගන්න. ගෙදර සාලේ වගේ තැනක වැඩ කරන්න ගියොත් බාධා වෙනවා වැඩියි. ඔෆිස් මේසෙ වගේ ම නැතත්, වැඩ කරන්න හිත එකඟ කරගන්න පුළුවන් පරිසරයක් මේ වැඩේට අවශ්‍ය වෙනව.

වැඩ කරන්න නිදන කාමරේ පාවිච්චි කළත් වරදක් නෑ, හැබැයි ඇඳ දැක්කම වැඩ කරන එක අමතක වෙනව නං ඒ වැඩේ හරි යන්නෙ නෑ. ඒ වගේ ම ලැප්ටොප්, ෆෝන් වගේ ඒවා චාජ් කරන්න තැනක් ළඟ තියනවද කියලත් හොයල බලන්න. බැටරි ලෝ වුණාම ලැප්ටොප් එක උස්සගෙන වෙන තැනකට දුවන්න වුණොත් ප්‍රශ්න ගොඩයි.

පිජාමා එකෙන් එළියට

ඔෆිස් යන දවසට උදේ පහට නැගිටිනවා නං, ගෙදර ඉන්න දවසටත් උදේ පහට නැගිටින්න ඕන නෑනේ. ටිකක් පරක්කු වෙලා අවදි වුණාට කමක් නෑ. හැබැයි පුරුදු වෙලාවට වැඩ පටන්ගන්න එක තමයි හොඳ. කීයටවත් නිදන ඇඳුමෙන් වැඩ කරන්න පටන්ගන්න එපා. උදේ අවදි වෙලා පිරිසිදු වෙලා ඇඳුම් මාරු කරගෙන ම වැඩට බහින්න. නැගිට්ට ගමන් නිදන ඇඳුමෙන් නිදිමතේ ම ගිහින් ලැප්ටොප් එක ඉස්සරහ වාඩි වුණාට වැඩ කරන්න ඔළුව හදාගන්න බැරි වෙයි!

පැය ගණන

ඔෆිස් එකේ වැඩ කෙරෙන්නෙ උදේ 8.30 ඉඳන් හවස 5.30 වෙනකන් නම්, ගෙදර ඉඳන් වැඩ කරන දවස්වලටත් ඒ වෙලාව ඔෆිස් වැඩවලට වෙන් කරගන්න උත්සාහ කරන්න. වැඩ කල් නොදා නියමිත වෙලාවට භාර දෙන්න වගේ ම, ගෙදර කටයුතුවලට බාධා නොවෙන්නත් ඒක උපකාරී වෙයි.

සමහර ආයතන ගෙදර ඉඳන් වැඩ කරන්න විශේෂිත කාල රාමු සපයනව නේ. එහෙම ඒවා ලැබිල තියන අයට ඒවට අනුගත වෙන්න පුළුවන්. ඔබ කාලය කළමනාකරණය කරගැනීමට ටිකක් දුර්වලයි නම්, එලාම් එකක් හරි, ටයිම් ට්‍රැක් කරන ඇප් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්.

විවේක කාලය

කාර්යාලයේ වැඩ කරද්දි ලැබෙන ලන්ච් බ්‍රේක්/ ටී බ්‍රේක් එහෙම ගෙදරටත් වලංගු බව අමතක කරන්න එපා. ගෙදර ඉඳන් වැඩ කරන අතරෙ ම නියමිත වෙලාවට කෑම කන්න, තේ එකක් බොන්න, බිස්කට් එකක් කන්නත් කාලය වෙන් කරගන්න. හැබැයි මේ ගන්න බ්‍රේක් එක ඕනවට වඩා දික් කරගෙන කම්මැලි වෙන්න එපා. ඔෆිස් එකේදි අනුගමනය කරන කාල රාමුවට ම හැඩ ගැහෙන්න.

ගෙදරදොරේ වැඩ

ඔය කොච්චර කිව්වත් ගෙදර ඉද්දි ගෙදරදොරේ වැඩ පේනකොට හිත එකඟ කරගෙන ඔෆිස් වැඩ කරන්න අමාරුයි නේ? මේක ඔබේ රාජකාරි කටයුතුවලට හරි ම නරක බලපෑමක්.

ඔබේ පවුලේ අයත් එක්ක කතාබහ කළාට, ගෙදරදොරේ වැඩට උදව් වුණාට කමක් නෑ, හැබැයි ඒක රාජකාරියට බාධාවක් කරගන්න එපා. ඔෆිස් වැඩ ඉවර කරලා හෝ අර උඩ කියපු බ්‍රේක්ස් ගන්න අතරෙ ඒවා කරන්න ඔබට පුළුවන්. අමතක කරන්න එපා, ගෙදර වැඩයි ඔෆිස් වැඩයි බැලන්ස් කරගන්න එක එදිනෙදාට විතරක් නෙමෙයි, ජීවිතේට ම අත්‍යවශ්‍යයි.

ඔයාට ම තෑග්ගක්

නියමිත වෙලාවට වැඩ කළොත් ඔබට පුළුවන් වෙයි ටිකක් කලින් රාජකාරි කටයුතු ඉවර කරන්න. එහෙම දවසට ඔබට ම තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක ෆිල්ම් එකක් වෙන්න පුළුවන්, කෑමක් බීමක් වෙන්නත් පුළුවන්. වැඩ කටයුතු කල් දාන්නෙ නැතුව වෙලාවට කරගන්න, මේ ක්‍රමයෙන් ඔබට ම උත්තේජනයක් සපයගන්න පුළුවනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide