ලන්දේසින්ගෙ ලම්ප්‍රයිස් ලංකාවෙදි රස බලන්න!.

කටට රහට, හොඳ පදමට කුළුබඩු එක්වුනු ඔතෙන්ටික් රයිස් එකක් කන්න ආසයිද?

එහෙනම් ඉතින් ලම්ප්රයිස් තමයි. මොකද ඔතෙන්ටික් කිව්වට ලම්ප්රයිස්වල තියෙන්නෙ ඉතිං අපිට ම හරියන අපේම ජෙනුඉන් රසක්නෙ.

හැබැයි ඉතින්, වැඩේ කියන්නෙ ලම්ප්රයිස් අපිට එන්නෙ නම් ලන්දේසීන්ගෙන්. ඊටත්, ඒක හැදන්නෙත් එයාලගෙ ම ක්‍රමයකට. කුළුබඩු රසයි, ළා සැරගතියයි, පැණිරසකුත් හෙමින් සැරේ ගැලපෙන්න හැදෙන මේ ලම්ප්රයිස් ඔතන්නෙත් කෙහෙල් කොළේක නිසා… අනේ මන්දා මට නම් හිතෙන්නෙම ඒක නම් අපේම කෑමක් කියල. අනික ඒ බතත් එකත් එක්ක එන චිකන් හරි බීෆ් හරි, කලවම් කරි හින්දුමේ රසනෙ!

ෂැහ්, වැඩිය ඕන නෑ ඒකම ඇති බත් ගිලින්න හොඳ හැටියට.

අන්න ඒ නිසාමයි අපි කල්පනා කළේ හොඳ ලම්ප්රයිස් අතරිනුත් හොඳම ලම්ප්රයිස් ටිකක් කන්න, කොළඹ අවටින් කියාපු ම කඩ ටිකක් ඔයාලට කියන්න. එතකොට ඔය ඉඳල හිටල හරි ගිහිල්ල, බැරියැ රස බලන්න, බඩ පැළෙන්න නේ..!

The Fab

කොළඹ පැත්තෙ වගේ ම කොළඹින් පිටත් සුපිරි ම ලම්ප්රයිස් එකක් රස බලන්න කියාපු ම තැනක් තමයි ෆැබ් එක. පංකාදු පහට තියෙන මෙයාලගෙ ලම්ප්රයිස් එක, ලම්ප්රයිස් ෆෑන්ස්ල අතරෙත් සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකද මෙයාලා ඔරිජිනල් ම විදියට ලම්ප්රයිස් හදනවනෙ. චිකන් ස්ටොක් එකෙන් තම්බපු සම්බ හාලෙ බතයි, මිරිස් තුනපහ අඩු නැතුව දාලා හදපු චිකන් කරි හින්දුමයි, ඉස්සො රස නූලට තියෙන්න හදපු අර සීනි සම්බෝලෙ වගේ එකයි, වම්බටු පැහියයි, අළු කෙහෙල් හින්දුමයි, අපි කට්ලට් කියන හැබැයි හරිම නම ‘ෆ්‍රිකැඩල්’වෙන බැදුමයි. ආයෙ ඉතින් නොම්මර එකයි ඈ…

හැබැයි එකක් මතක තියාගන්න. ෆැබ් එකෙන් ලම්ප්රයිස් ගන්නව නම් අඩුම තරමෙ එකට කලින්වත් යන්න ඕන. මොකද හොඳම කොළිටි නිසා, ඉක්මනට ඉවර වෙනවා…

VOC Cafe (Dutch Burgher Union)

ඔරිජිනල් ම ලම්ප්රයිස් ඔරිජිනල් ම කට්ටියගෙ අතින්… රස බලන්න, යන්න තුම්මුල්ලෙ වී. ඕ. සී. කැෆේ එකට. අනික එතන චිකන් විතරක් නෙවෙයි පෝක්, බීෆ් ලම්ප්රයිස් එහෙමත් තියෙනවනෙ. නියම ගානට කුළුබඩු දාලා, හීනියට ලියල හදන මස් කරි හින්දුම නිසා තමයි මෙයාලගෙ ලම්ප්රයිස් සෑහෙන්න නැගල යන්නෙ. හැබැයි ඉතින් එහෙමයි කියල කූනිස්සො මැල්ලුම, වම්බටු පැහුම, ෆ්‍රිකැඩල් එකේ එහෙම අඩුවක් නෑ. අර එකම අවුල තියෙන්නෙ ගාණ ටිකක් වැඩි එක තමයි. හ්ම්… රු. 700ටත් එහා මගෙහිතේ.

Green Cabin

ශ්‍රී ලංකන් ලම්ප්රයිස්?

අන්න එයින් එකක් කනව නම් මෙන්න නියම තැන. ‘ග්‍රීන් කැබින්’. මෙයාලගෙ ලම්ප්රයිස් එකෙයි ඔරිජිනල් එකෙයි වෙනස තමයි අර හීනියට ලියල හදන චිකන් කරි හින්දුම වෙනුවට, ඒ රසටම වගේ හදපු තඩි චිකන් පලුවක් එන එක. ඒකයි ඉස්සො සම්බල් එක වෙනුවට ගොඩක් දුරට සීනි සම්බල් එන එකයි. ඒ හැරුණාම ඉතින්, අනිත් ටික නම් එලෙසමයි. හැබැයි ඉතින් බත ටිකක් සැරයි. ඒ නිසා… කෝක් බඩියක් වගේ තිබ්බ නම් රම්පෙට පොරි හැළෙයි, ඈ…

Sponge

මෙන්න අපේ රසට ලම්ප්රයිස් හදන, අනිත් හොඳම තැන. මෙයාලගෙ නම් දෙයියනේ කියල එක වෙනසයි තියෙන්නෙ. ඒ ඉස්සො මැල්ලුම වෙනුවට සීනි සම්බල් එන එක විතරයි. අනිත් ඔක්කොම වගේ ඉතින් ඔරිජිනල් තමයි. හැබැයි… රස නම් පොඩ්ඩක් වෙනස්. ඒ, මෙයාලා පාවිච්චි කරන කුළුබඩු තනිකරම ශ්‍රී ලංකන් නිසා වෙන්න ඕන. හැබැයි ඉතින් ගාණෙ හැටියට නම්… සුපිරිම ලම්ප්රයිස් එක මචං..! 

Gihan's Family Restaurant

ම්… හොඳ නරක දෙක මැද, රස පදම ගොඩ දාගන්න උත්සාහ කරන ලම්ප්රයිස් එකක්. පොඩි පොඩි අවුල් ගොඩක් තියෙනව ඒකෙ හැදෙන්න. එකක් තමයි තෙල් වැඩි එක. අනිත් එක පාවිච්චි කරන කුළුබඩුවල කොලිටිය මීට වැඩිය හොයල බලල ගත්ත නම් හොඳයි මගෙහිතේ. ඒ හැරුණාම ඉතින් බත තනිකර ම කහබත්, බිරියානි අතර එකක්. මොකද ඒකෙ කජු එහෙමත් තියෙනවනෙ. එතකොට… චිකන් එකත් නෝමල් ම කරි චිකන් එකක්. අනේ මන්දා ඉතින්. කොහොම හරි කෝක් බඩියක්වත් තිබ්බෙ නැත්නම් ‘ගිහාන්ස් ලම්ප්රයිස්’ නම් ගොඩ ගන්න බැරි ගානයි,

හ්ම්…

ඔය හැරුණාම ඉතින් තව… බැම්බු රූම්, හොටෙල් නිපොන්, ඩොන්ස් ඩෙලි වගේ තැන්වලත් සුපිරි ලම්ප්රයිස් ටිකක් තියෙනව. ඔය පුළුපුළුවන් වෙලාවලට ගහිල්ල බලන්නකෝ… හැබැයි බලල අපිටත් කියන්න හොඳේ. මොකද අපිත් ආසයිනෙ දැනගන්න විස්තරේ!

කොකා කෝලා අනුග්‍රහයෙනි..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Trending.

A Night to Remember at Excel World’s Indian Food Festival

Excel World came alive on the evening of January 11th with the grand opening of

Highlights Trending

Dine as Much as Your Heart Desires this Chinese New Year at The Kingsbury’s Yue Chuan

Celebrate the vibrant traditions of the Chinese New Year with a culinary experience like no

Trending

A Glittering Start to 2025: Sheraton Kosgoda’s Spectacular NYE Gala

Sheraton Kosgoda Turtle Beach Resort welcomed the new year in grand style with its highly

Trending

MSI Unveils New Laptop Lineup Featuring NVIDIA GeForce RTX 50 Series at CES 2025

Experience the Extreme Performance of NVIDIA GeForce RTX 50 Series Across 5 Different MSI Laptop

Trending

Graze Kitchen Presents “Timeless Taste of India” – An Exquisite Indian Culinary Showcase

Hilton Colombo's renowned Graze Kitchen invites guests to indulge in India's vibrant and diverse flavors

Trending

Mount Lavinia Hotel Marks “220 Years of Love” with Wedding Offers and NTB Amex Partnership

Mount Lavinia Hotel, Sri Lanka’s most iconic destination for romance, hosted an interactive briefing on

Trending

Yamu Guide.

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide