ගාන්ධිව දන්නවා, ඒත් නාතුරාම්ව දන්නවද?.

Photo: moviemint.com

ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට. අද දවස ඉන්දියාවට බොහොම සුවිශේෂ දවසක්. ඒකට හේතුව මීට අවුරුදු 69කට කලින් අද වගේ දවසක, ඒ කියන්නේ 1948 ජනවාරි 30 වෙනිදා තමයි ඉන්දියාවට නිදහස් සටනේ ප්‍රධාන නායකයෙක් වගේම ලෝකයේම පිළිගත් අවිහින්සාවාදියෙක් වුණ මහත්මා ගාන්ධි නාතුරාම් ගොඩ්සේගේ වෙඩි පහරට ලක්ව තමුන්ගේ අව්රුදු 78ක ජීවිත ගමන ඉවර කළේ.

මහත්මා ගාන්ධි ගැන හැමතැනම ලියවිලා තියෙනවා. හැමොම දන්නවා. හැබැයි කවුද මේ මහත්මා ගාන්ධිව මරපු නාතුරාම්?

නාතුරාම් උපදින්නේ 1910 මැයි මාසේ 20 වෙනිදා පුන්නේ ප්‍රදේශයේ බ්‍රාහ්මණ පවුලකට දාව. ඉන්දියාව තරම් කුලවාදෙ මුල් බැසගත්ත වෙන රටක් නැති තරම්. ඔහුගේ පියා තැපැල් සේවකයෙක් වන විනායක් වාමන්රාඕ ගොඩ්සේ ඒ වගේම මව වෙන්නේ ලක්ෂ්මී.

නාතුරාම් කියන්නේ ඔහුගේ ඇත්ත නම නෙමෙයි‍. ඔහුගේ ඇත්ත නම විනායක් රාමචන්ද්‍ර ගොඩ්සේ වුණත් ඔහුට නාතුරාම් කියන නම පටබෑඳිච්ච එක පිටිපස්සේ තියෙන්නේ ගොඩ්සේ පවුල මුහුණ දීපු අවාසනාවන්ත සිදුවීම් පෙළක්.

අපලේ නහයේ

නාතුරාම් කියන්නේ ගොඩ්සේ පවුලේ පළවෙනි ළමයා නෙමෙයි. නාතුරාම්ගේ දෙමවුපියන්ට නාතුරාම්ට කලින් පිරිමි ළමයි 3 දෙනෙකුත් ගැහැණු ළමයෙකුත් ලැබෙනවා. හැබැයි පිරිමි ළමයි තුන්දෙනාම පුංචි කාලෙදිම මියයනවා. කුලවාද අතින් වගේම මිත්‍යා විශ්වාස අතිනුත් ඉන්දියාවට ලැබෙන්නේ බොහොම ඉහළ තැනක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් නාතුරාම්ගේ දෙමව්පියන් විශ්වාස කරනවා මෙහෙම වෙන්න හේතුව තමුන්ගේ පවුලට වැදිලා තියෙන සාපයක් කියලා. ඉතින් මේ සාපය නිසා පුංචිකාලේ නාතුරාම්ට සිදුවෙනවා නහයට කරාබුවක් දාන්න. නහයට දාන කරාබුවට මාරතී භාෂාවෙන් කියන්නේ නාත් කියලා. නාතුරාම් කියන එකේ තේරුම නහයට කරාබුවක් දාපු රාම් කියන එක. නාතුරාම්ට බාල සොහොයුරෙක් ලැබෙනකම්ම මේ කරාබුව පළඳින්න ඔහුට සිද්ද වුණා.

නාතුරාම් 5 වසර වෙනකම් මූලික අධ්‍යාපනය ලබාගන්නේ ඒ ප්‍රදේශයේ තිබුන පාසලක වුණත් 5 වසරෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට පුන්නේ නගරයේ තියෙන ඉංග්‍රීසි පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කරනවා. මේ කාලයේදී නාතුරාම් මහත්මා ගාන්ධිගේ භක්තිමත් අනුගාමිකයෙක් වගේම ඔහුට ලොකු ගෞරවයක් දක්වපු තැනැත්තෙක්. හැබැයි අධ්‍යාපනයට නාතුරාම් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. පාසල් ගමන නවත්තලා දේශපාලන ක්‍රියාකාරිකයෙකු විදියට රෂ්ත්‍රිය ස්වයංසේවක සන්ගම් සහ හින්දු මහසභාවට එකතුවෙන්නේ ඒක නිසා.

හින්දු මහසභාව වෙනුවෙන් මාරතී භාෂාවෙන් අග්‍රානි නමින් පුවත්පතක් නිකුත්කරන්න ප්‍රධානත්වයක් ගන්නේ නාතුරාම්. පස්සේ කාලෙකදී “හින්දු ආග්‍රානී” විදියට ප්‍රසිද්ධ වෙන්නේ මේ පුවත්පත.

වීරයයි ද්‍රෝහියයි අතරේ වෙනස කෙස් ගසකට සමයි?

මුලදී නාතුරාම්ට මහත්මා ගාන්ධි කෙරෙහි ලොකු ගෞරවයක් තිබුන වුණත් පසුකාලීනව නාතුරාම්ගේ මහත්මා ගාන්ධි ගැන තිබුනු විශ්වාසය බිඳවැටෙනවා.

ගාන්ධි පටන්ගත්ත මාරාන්තික උපවාස නිසා හින්දූන්ගේ අනන්‍යතාවයට සහ අයිතිවාසිකම්වලට හානියක් වන බවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එකත් අසාධාරණ බව සහ ජාතිදෝහී ක්‍රියවක් බවට නාතුරාම් තුල තිබුන දැඩි විශ්වාසයක්. නාතුරාම්ට අනුව මහත්මා ගාන්ධි කියන්නේ හින්දු ජාතියත් නිදහස් සටනත් පාවාදුන් ද්‍රොහියෙක්.

මේකට ඇති එකම විසඳුම විදියට නාතුරාම් සළකන්නේ මහත්මා ගාන්ධි ඝාතනය කිරීම.

මේ සඳහා ඔහු වගේම තවත් ගාන්ධි විරෝධියෝ සය දෙනෙකු එකතුවන ඔහු මහත්මා ගාන්ධි ඝාතනය කරන්න පිඹුරුපත් සකස්කරනවා. ඔවුණ් මහත්මා ගාන්ධිව ඝාතනය කරන්න පළමු උත්සාහය දරන්නේ 1948 ජනවාරි 30 වෙනිදා. ඒත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.

Photo: thevoiceofnation.com

අධෛර්යයට පත්නොවන නාතුරාම් මහත්මා ගාන්ධි ඝාතනය කරන්න තවත් උත්සාහයක් ගන්නවා. මේ අවස්ථාවේදී වැඩේ අසාර්ථක නොවීමට මහත්මා ගාන්ධිගේ ඝාතනය තමුන් විසින්ම සිදු කිරීමට නාතුරාම් බාරගත්තා. මේ සඳහා තෝරගත්ත දවස 1948 ජනවාරි 30 වෙනිදා. මහත්මා ගාන්ධි තමුන්ගේ සවස පූජාව ඉවරකළා විතරයි. වෙලාව 5.17යි. නාතුරාම් සෙමින් පූජාව අවසන්කර නැවත නිවස බලා යමින් සිටි ගාන්ධි ළඟට පැමිණියා. මහත්මා ගාන්ධිට සිය හිස නමා ආචාර දැක්වූ නාතුරාම්ගේ උරහිසට අතතැබූ ගාන්ධිගේ පරිවාර තරුණියක් “බාපුට දැනටමත් පරක්කු වෙලා” යයි පවසමින් මහත්මා ගාන්ධිව නිවස තුළට රුගෙනයාමට උත්සාහකළා. නමුත් නාතුරාම් ඇයව පසෙකට තල්ලු කර ඔහු සඟවාගෙන පැමිණි බෙරෙටා වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලය මහත්මා ගාන්ධිගේ පපු ප්‍රදේශයට එල්ලකර ක්‍රියාත්මක කළා. ඉන් නිකුත් වූ  උණ්ඩ 3 මහත්මා ගාන්ධිගේ පපුවට කිඳා බැසීමට ගතවුණේ මොහොතක් පමණයි.

ඉන් අනතුරුව නාතුරාම් පලායාමට උත්සාහ කරන නමුත් මහත්මා ගාන්ධිගේ බ්‍රිලා නිවසේ සේවකයෙකු වන රාඝු නායක් නාතුරාම් පසුපස හඹාගොස් ඔහුව අල්ලාගැනීමට කටයුතු කළා.

මෙම ඝාතනය සම්බන්ධ නඩු විභාගය පන්ජාබ් මහාධිකරණයේ පැවැත්වුණ අතර1948 නොවැම්බර් 8 වන දින නාතුරාම් හට මරණ දඬුවම නියම වුණා.  මහත්මා ගාන්ධිගේ පුතුන් දෙදෙනා විසින් මෙම දඬුවම ලිහිල් කරන ලෙස එවකට ඉන්දීය අගමැති වූ ජවහල්ලා නේරුගෙන් ඉල්ලාසිටි නමුත් එසේ කිරීම නේරු විසින් ප්‍රතික්ෂේප කළා.1949 නොවැම්බර් 15වන දින අම්බාලා බන්ධනාගාරයේ දී නාතුරාම්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණා.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide