පරණ ටෙලිනාට්‍ය මතක III; අතිශයින් ම 80,90 දශකවල දරුවන්ට පමණයි!.

ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමේ ඒකායන අරමුණ, මීට අවුරුදු දහයකට, විස්සකට කලින් නිර්මාණය වුණු හැම ටෙලිනාට්‍යයකම තිබුණා. කතා පිටපත විතරක් නෙවෙයි, ඒවාට රංගන දායකත්වය ලබාදුන්න නළු නිළියන්ගේ රංගන ප්‍රතිභාව, සංගීතය වගේ හැම අංශයකින්ම ඒ ටෙලි නාට්‍ය ගොඩාක් ඉදිරියෙන් තිබුණු බව සැකයක් නැතුවම කියන්න පුළුවන්.

මෑත කාලීනව නම් අපට ගොඩක්ම දැකගන්න ලැබෙන්නේ හරසුන් ඉන්දියානු, කොරියානු මෙගා ටෙලිවල කොපි බව හැබෑව. හැබැයි ඒවා නම් සෝඩා බෝතලේ කැඩුවා වගේ. සේරම එවෙලෙට විතරයි. විකාශය ඉවර වෙලා මාස තුනක් යන්නත් කලින් අපේ අයට මෙහෙව් ටෙලිනාට්‍යයක් තිබුණද කියලත් වගක් නැහැ. ඉස්සර ටෙලිනාට්‍යයි දැන් ටෙලිනාට්‍යයි අතරේ තියෙන වෙනස ඔන්න ඕක තමයි. 80, 90 දශකවල අපි දැකපු දේවල් ගැන ආසාවෙන් කතා කරන අපේ කට්ටියට රස විඳින්න පුළුවන් තවත් ටෙලිනළු කීපයක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

1. හිරුට මුවාවෙන්

හර්බට් රන්ජිත් පීරිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යය සමහර අය හැඳින්වූවේ “ඉඳි ආප්ප කතාව” කියලා. මොකද මේකේ කතාව ගෙතිලා තිබුණේ ඉඳි ආප්ප හදන ගෙදරක ගැහැණු ළමයෙක් වටා නිසා. මේ ගැහැණු ළමයාගේ නම ප්‍රීතිමාලි. ප්‍රීතිමාලිගේ පවුලේ අය කාලෙක ඉඳන් ඒ ගමේම ඉඳපු පොහොසත් ගෙදරකට ඉඳි ආප්ප සැපයුවා. ඔය ගෙදර ඉන්න සල්ලිකාර තාත්තගේ එක ම පුතා වුණේ කුසල්. කොහොමින් කොහොමහරි ප්‍රීතිමාලි සහ කුසල් අතරේ පොඩි ආදර සම්බන්ධතාවයක් ඇතිවෙනවා. හැබැයි තමන්ගේ හොඳම යාළුවත් ප්‍රීතිමාලිට ඇහැ දාගෙන ඉන්න වග කුසල්ට තේරුම් යන්නේ ඔය අතරේදීමයි. ඉතින් කුසල්ගේ ගෙදරින් මේ සම්බන්ධෙට කැමතිත් නැහැ. ඔය වගේ බාධක හමුවේ කුසලුයි, ප්‍රීතිමාලියි ආදරේ කරන හැටි කතාව පුරාම දැකගන්න පුළුවන්. කමල් අද්දරආරච්චි, චම්පා ශ්‍රියානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මානෙල් ජයසේන වගේ නළු නිළියන් ගොන්නක් මේ ටෙලිනළුවේ චරිතවලට පණ පෙව්වා. තරුණ කොලු ගැටයන් විදියට ශ්‍රියන්ත සහ කමල් කතා කරපු දේවල් ගැනත් මෙතනදී පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඔය “චකබ්ලාස්ට්” කියන වචනය අපේ වහරට ආවෙත් මේ දෙන්නගේ දෙබස්වලින්නේ.

2. දළ රළ පෙළ

සනෝජා බිබිලේ, සමිතා මුදුන්කොටුව, රොජර් සෙනවිරත්න, නිලන්ති විජේසිංහ ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණු දළ රළ පෙළ ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයක්. වලව්වක වැඩට යන සමිතා, එහේ ඉන්න හාමු මහත්තයත් එක්ක අනියම් සම්බන්ධයක් පටන්ගන්න හැටිත්, ඒ නිසා මේ පවුල් දෙක අතරේ ඇතිවෙන ප්‍රශ්නත් ඇසුරින් තමයි මේ කතාව ගලාගෙන ගියේ.

3. අඹුදරුවෝ

දෙමාපිය යෝජනාවෙන් එක වහලක් යටට වුණත්, වේලුන් සහ බබුන් ආදරයෙන් බැඳුණේ සංසාරේ පතාගෙන ආවා වගේ. අලුතෙන් හදන ගෙදරක් වගේ බොහොම සීරුවෙන් පියවරින් පියවර තමන්ගේ පවුල ගොඩනගද්දී, ඔවුන්ට මුහුණ දෙන්න වුණු හැල හැප්පිලිත් එමටයි. මේ චරිත අපි දැක්කේ ජයසේන ජයකොඩි මහත්මයාගේ අඹු දරුවෝ නවකතාවෙන්. ඒත් ඒ චරිත වලට ජීවය දෙන්න සමත් වුණේ අඹු දරුවෝ ටෙලි නාට්‍යයයි. පවුලක් හැදෙන හැටි, පරම්පරා ගාණක් තිස්සේ විකාශනය වෙන හැටි හරි අපූරුවට මේ කතාවෙන් පෙන්වනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි, ඉස්සර පවුල්වල අඹු දරුවන් අතරේ තිබුණු එකමුතුකම, ගෞරවය වගේ පණිවිඩත් මේකේ කතා සාරයේ තිබුණා. මාලනී ෆොන්සේකා, චම්පා ශ්‍රියානි, ඉන්ද්‍රජිත් නාවින්න, ජී.ආර්. පෙරේරා වගේ ප්‍රවීණ නළු නිළියන් රැසක් තමයි මේ ටෙලිනාට්‍යය හැඩ කළේ.

4. ගංගා සහ නිශ්ශංක

සිනා පිපෙනා මේ වසන්තය – නෙලා දෝතින් මලක් සේ

සිනාසී…මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ – වසන්තය මලක් සේ

මතකයි නේද මේ ලස්සන සිංදුව? මේක ඉස්සර වගේ ම අදටත් අපි හුඟක් ආසාවෙන් අහන ගීතයක්. මේක අඩංගු වුණේ ඒ දවස්වල විකාශය වෙච්ච ගංගා සහ නිශ්ශංක කියන ටෙලිනළුවේ. ඇත්තම කිව්වොත් මේ ටෙලිනාට්‍යය ඒ කාලේ ආව හොඳ තත්ත්වයේ ආදර කතාවලින් එකක්. අද තියෙන ආදර කතාවල වගේ සීනි බෝල බොළඳ ගතියක් මේකේ තිබුණේ නැහැ. ගායකයෙක්, සංගීතඥයෙක් වගේම රංගන ශිල්පියෙක් විදියට ලක්ෂ්මන් වීරසේකර මහත්මයාගේ හැකියාවන්, මේ ටෙලිනළුවෙන් අපට දැකගන්න ලැබුණා.

5. පළිඟු මැණිකේ

“පට් පට් ගාලා සම්තින් එකක් හොයාගන්න”

ඒරොප්පේ ගිහින් ගමට ආව සූරසේනගේ කටේ තියෙන්නේ ඔය කතාව ම විතරයි. රට ගිහින් ආවත් හරි, මිනිහා ගම පුරා ඇවිදින්නේ රටින් ගෙනාව කැසට් ප්ලේයර් එකත් කරේ තියාගෙන. හැමෝම ආසාවෙන් නරඹපු පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ මතක හිටින දර්ශනවලින් කීපයක් විදියට මේවා හඳුන්වන්න පුළුවන්. සූරසේනගේ චරිතය රඟපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයයි. සූරසේන ව අදහගෙන වගේ ඉන්න විජේපාල මල්ලිගේ චරිතය කළේ ජැක්සන් ඇන්තනී මහත්මයා. මේකත් අපි ඒ කාලේ බලපු හොඳ ම ටෙලිනළු අතරින් එකක් වග සැකයක් නැතුව ම කියන්න ඇහැකි.

6. අන්දර වැට  

කටුත් තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට

ඉන්න ඉන්න බැඳලා හදපු ගින්දර නැති අන්දර වැට

අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින් ගායනා වෙන මේ තේමා ගීතය ඇහුණාම අපේ හැමෝට ම මතක් වෙනවා ඇති, මේ ටෙලිනාට්‍යය මොකක්ද කියන එක. ඒ කාලේ තිබුණු ඒකාංගික ටෙලිනළු අතරින් ලොකු ආකර්ෂණයක් ලබාගත්ත ටෙලිනළුවක් තමයි මේ අන්දර වැට. සාමාන්‍ය ජීවිතේදී අපට සිද්ධ වෙන දේවල් ගැන, නා නා ප්‍රකාර මිනිස්සු ගැන මේකේ හැම කතාංගයකින් ම දැකගන්න ලැබුණා.

7. කුලවමිය

කුලවමිය ටෙලිනාට්‍යයේ චරිතවල නම් ගැන හරි මතකයක් අපට නැහැ. හැබැයි ඒකෙ ප්‍රධාන චරිත රඟපෑවේ වසන්ති චතුරානි, සහ ලකී ඩයස් දෙපළයි. ලකී ඩයස් රඟපෑවේ නීතීඥවරයෙක්ගේ චරිතයක්. වසන්ති චතුරානි ගුරුවරියක්ගේ චරිතයක් නිරූපණය කළා. විවාහ වෙලා ඉඳපු මේ දෙන්නගේ විවාහය දෙදරලා යන්න පටන්ගන්නේ ඔවුන්ට ඉපදුණු දරුවා මන්ද මානසික බව හඳුනාගැනීමත් එක්කයි. ඒ අතරේ ම ලකී ඩයස් තමන් ළඟට වැඩට එන තරුණ නීතීඥවරියක් එක්ක හාද වෙනවා. දික්කසාදය නිසා සමාජයෙන් එන ගැරහුම් හමුවේ නොසැලෙමින්, රැකියාවත් කරගෙන, තමන්ගේ මන්ද මානසික පුතාව ලෝකයට බරක් නොවී හදාගන්න කාන්තාවකගේ හැඟීම්බර කතාව කුලවමිය ටෙලිනළුවෙන් දැකගන්න ලැබුණා.

8. බැද්දේගෙදර

මේකත් ජයසේන ජයකොඩි මහත්මයාගේ නවකතාවක් ආශ්‍රයෙන් බිහිවුණු ටෙලිනාට්‍යයක්. ඒ බැද්දේගෙදර නවකතාවයි. අතීත ජන සමාජයේ තිබුණු එක ගෙයි කෑම සංකල්පය නිසා, සෙනෙහෙබර සොහොයුරන් දෙන්නෙක්ට මැදිවන බිරින්දෑ කෙනෙක්ගේ කතාවක් මේ ටෙලිනාට්‍යයෙන් අපට දැකගන්න ලැබුණා. මේ බිරිඳගේ චරිතය නිරූපණය කළේ චම්පා ශ්‍රියානි මහත්මියයි. ඉන්ද්‍රජිත් නාවින්න සහ ශ්‍රියන්ත මෙන්ඩිස් සහෝදරවරුන්ගේ චරිතවලට රඟපෑවා. ඒ හැරුණා ම, ට්‍රිලීෂියා ගුණවර්ධන, හේමසිරි ලියනගේ වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බැද්දේගෙදර ටෙලිනාට්‍යය තවත් හැඩ කළා.

9. සඳ අමාවකයි

සඳමාලි උතුරුකරේ දුෂ්කර ගම්මානයක සංගීත ගුරුවරියක්. මේ ගමට ම තිබුණේ ලංගමෙන් දාපු එක ම බස් එකක් විතරයි. මේ බස් එක එළවපු පීටර් අයියා සඳමාලිට වඩා අවුරුදු දහපහළොවකින් වැඩිමහල් කෙනෙක්. දවසක්දා කොළඹ තියෙන සංගීත තරගයකට ඉස්කෝලේ ළමයි ටිකකුත් එකතු කරගෙන යන්න සඳමාලිට සිද්ධවෙනවා. ඔය ගමන යන්න ඔවුන් තෝරගන්නේ පීටර් අයියගේ බස් එකමයි. බොහොම විනෝදෙන් ගිය ඒ ගමනේදී, මේ බස් එක අනතුරකට ලක්වෙනවා. ඒකෙන් සඳමාලිගේ පෙනීමත් අහිමි වෙනවා. මේකෙන් පීටර් අයියා පත් වෙන්නේ පුදුම සිත් තැවීමකට. සඳමාලිට මේ දේ වුණේ තමන්ගේ වරදින් කියලා හිතන ඔහු, ඇයව විවාහ කරගන්නවා. ඒත් පීටර් අයියා හදිසියේ ම මිය යන්නේ සඳමාලි ව ආයෙත් අසරණ කරමින්. ඒ වෙද්දී සඳමාලිට දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා. තාත්තා කෙනෙකුත්, රස්සාවකුත් නැතිව දරුවෙක් ව හදාගන්න දිරිය කාන්තාවකගේ කතාව මේ විදියට ගලාගෙන ගියේ සඳ අමාවකයි ටෙලිනාට්‍යයෙන්. දුලීකා මාරපන, ජයලත් මනෝරත්න, නයනා කුමාරි, ජගත් බෙනරගම වගේ නළු නිළියන්ගේ අති දක්ෂ රංගනය මේ කතාව පුරාවට ම දැකගන්න ලැබුණා.

10. ඉන්ගම්මාරුව

කොළඹ මුඩුක්කුවක ගෙවල් අටවාගෙන ඉන්න මිනිස්සු පිරිසකගේ කතාව තමයි ඉන්ගම්මාරුවෙන් අපි  දැක්කේ. එදිනෙදා ජීවිතේදී මේ අය මුහුණදෙන ගැටලු වගේ ම, රටේ දේශපාලනික, සමාජයීය සහ ආර්ථික කාරණා ඔවුන්ට බලපාන විදිය පෙන්වපු මේ ටෙලිනාට්‍යය විකාශය වුණේ 90 දශකයේ අග භාගයේදී. හැම කතාංගයක් අවසානයේදී ම වැදගත් පණිවිඩයක් ලබාදෙන්නත්, ඔවුන්ට හැකිවුණා. මුඩුක්කුවක ඉන්න පුද්ගලයන් විදියට පෙන්නුවත්, මේ හැම එකකින් ම නිරූපණය වුණේ සාමාන්‍ය ජීවිතේදී අපට මුණගැහෙන මිනිස්සුන්ගේ විවිධාකාර චරිතයි. ශ්‍රියානි අමරසේන, මානෙල් වානගුරු, මහේන්ද්‍ර පෙරේරා, එච්.ඒ. පෙරේරා වැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන් තොගයක් මේකේ චරිත නිරූපණය කළා.

තවත් මේ වගේ නියම ටෙලිනාට්‍ය ගැන මීට කලිනුත් ලිපි දෙකකින් අපි කතා කළා ඔයාලට මතක ඇති. ඒවත් පොඩ්ඩක් කියවලා බලන්නකෝ මේ ලින්ක් එකෙන්. ඒ විතරක් නෙවෙයි, ඔයාලා බලපු මේ වගේ ටෙලිනලු තවත් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්නකෝ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Must-Watch Movies This March at Scope Cinemas

Fans of Red Velvet can celebrate the group’s 10th anniversary with this heartwarming concert film.

Highlights Trending

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

MSIology: Dragonforged Dominance එළිදැක්වීමේ උලෙළේදී, MSI විසින් Norse මිථ්‍යා ප්‍රවාදය පාදක කරගත් RTX 50 ලැප්ටොප් මාලාව එළිදැක්වේ.

  පරිගණක ක්‍රීඩාකරුවන්, නිර්මාණකරුවන් හා වෘත්තිකයන් සඳහාම වන, ක්‍රියාකාරීත්වයට නව හැඩයක් ලබාදෙන, නවතම ලැප්ටොප් මාදිලි

Sinhala Trending

MSI Unveils RTX 50 Series Laptops Inspired by Norse Mythology at MSIology: Dragonforged Dominance Launch Event

New Lineup Redefines Performance for Gamers, Creators, and Professionals MSI, the world-leading gaming & creator

Highlights Trending

Romantic Valentine’s Buffet at The Dining Room, Cinnamon Lakeside

Love is a language best expressed through thoughtful gestures, unforgettable moments, and of course, exquisite

Highlights Trending

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Yamu Guide.

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide