කිචි කවාගන්නේ නැතුව හිනාවෙන්න, බලන්නම ඕනේ සිංහල කොමඩි චිත්‍රපටි 9ක්.

හිනාවෙන්න කවුද අකමැති? ඒ වුණාට සිංහල කොමඩි කියලා ලේබල් කරපු සමහර චිත්‍රපටි දැක්කම නම් ඉබේටම ඇඬෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි, හිනාගස්සන්න කියලා ඒ ඉන්න නළු නිළියෝ දඟලන දැඟලිල්ල දැක්කම. ඒ කියන දෙබස්වලට, රඟපෑම්වලට අපිම කිචි කවාගත්තත් හිනායන්නේ නැහැනේ.

හැබැයි කාලයක් ගියත් මතක් කර කර හිනාවෙන්න පුළුවන් හොඳ කොමඩි චිත්‍රපටත් මේ අතරේ නැතුවම නෙවෙයි. අවුරුදු 69ක් වගේ වයසැති ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය ඇතුලේ, මේ කාණ්ඩෙට වැටෙන චිත්‍රපටි කීපයක් ගැන මතකය අවදි කරගන්න අපි හිතුවා.

1. අල්ලපු ගෙදර

ඔයාලා සමහරවිට බලලා ඇති “අඩූත වීට්ටු පෙන්” කියන ඉන්දියානු දමිළ චිත්‍රපටිය.1960 අවුරුද්දේ බිහිවුණු මේ සිනමාපටය ඇසුරු කරගෙන තමයි ලංකාවේ “අල්ලපු ගෙදර" චිත්‍රපටිය නිර්මාණය වුණේ. දැන් කාලේ එන හින්දි කොපි වගේ නෙවෙයි, ලංකාවේ සිනමාව බාල්දු නොවෙන විදියට ඉන්දියානු ආභාෂය ගන්න මේ චිත්‍රපටිවලට පුළුවන්කම තිබුණා.

අල්ලපු වත්තේ ඉන්න සංගීතයට ඇලුම් කරන තරුණියකගේ හිත දිනාගන්න, තරුණයෙක් දාන උප්පරවැට්ටි තමයි මේකේ කතා සාරයේ තිබුණේ. ජෝ අබේවික්‍රම මහත්මයාගේ රංගනය, මේ චිත්‍රපටිය නරඹපු අයව සිනා සාගරයක ගිල්වන්න සමත් වුණා. 1965 වසරේදී බිහිවුණු “අල්ලපු ගෙදර” අධ්‍යෂණය කළේ එම්. මස්තාන් නම් දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක්.

2. කොළඹ සන්නිය

දොට්ට පිලට යන්න බඩ වැටියකට රිංගන අන්දරේට හම්බෙනවා නිලක්. ඕකට මැණික් සංස්ථාවෙන් රුපියල් කෝටියක්ම ලැබෙනවා. අතමිටත් සරු වෙච්ච එකේ, අන්දරේයි, ජාකොලිසුයි, අන්දරේගේ අක්කයි, දුවයි හතරදෙනාම යනවා කොළඹ පදිංචියට. පරණ පාර්ලිමේන්තුවටයි, ගලදාරි හෝටලෙටයි සාදුකාර දිදී මේ ගමන යන අතරතුරදී, මෙයාලා යන මොරිස් මයිනරේ වතුර ඉවරවෙලා ඒක මග හිටිනවා. ජාකෝලිසා කොහෙන්දෝ හොයාගත්ත රා මුට්ට්ටියක් වක්කරනවා ඒ වෙනුවට. ඊටපස්සේ වාහනේ යන්නේ රුවිතෙට. ෂහ්! මෙන්න මේ වගේ පණ යනකන් හිනාවෙන්න පුළුවන් විදියේ සිද්ධි ගොඩක් තියෙන චිත්‍රපටියක් තමයි කොළඹ සන්නිය.

1979 අවුරුද්දේ දිගහැරුණු කොළඹ සන්නිය චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ, දොන් සිරිසේන, සහ ෆ්‍රෙඩී සිල්වා වගේ නළු නිළියන් කිහිපදෙනෙක්ම රඟපෑවා. කොළඹ තියෙන යුරෝපීය ආරය හමුවේ, අන්දරේ ඇතුළු පවුලේ අයට මුහුණ දෙන්න වුණු අකරතැබ්බ ගැන මේ චිත්‍රපටිය පුරාවට දැකගන්න ලැබුණා. මේ සිනමාපටයේ “දුම් දම දම යන දුම් බර බාගේ දුම්බර දුම්බර දුම් බරබාගේ” ගීතය අදටත් අපි අතරේ හරිම ජනප්‍රියයි.

3. ඇර සොයිසා

හර්බට් රන්ජිත් පීරිස් මහත්මයා අතින්, 1984 අවුරුද්දේදී නිර්මාණය වුණු ඇර සොයිසා, ඉල ඇට කැඩෙන හිනාවලින් පිරුණු තවත් චිත්‍රපටියක්. බෝඩිමක නැවතිලා ඉන්න ගමන්, බෝඩිම් අයිතිකාරියගේ දුවගේ ආදරය දිනාගන්න නා නා විධ දහංගැට ගහන තරුණයෝ දෙන්නෙක් ගැන තමයි මේ සිනමාපටයේ තිබුණේ. ඉතින් සොයිසාත්, වඩිගපටුනත් තරගෙට වගේ දාන මේ උප්පරවැට්ටිවලට මැදිවෙන්න කාන්තිට සිද්ධ වෙනවා. ෆ්‍රෙඩී සිල්වා , විමල් කුමාර ද කොස්තා, දොන් සිරිසේන වගේ නළු නිළියන් කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටයේ රංගනයට දායක වුණා.

4. කෝලංකාරයෝ

හැඩට වැඩට ඉන්නට මට සැන් පව්ඩර් ගෙනත් දියව්

මඟුල් ගෙදර යන්නට මට බැල් බොටමක් මහල දියව්

ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගේ හඬින් ගැයෙන මේ සින්දුව ඇහෙද්දීම ඔයාලට මතක් වෙනවා ඇති මේ චිත්‍රපටිය මොකක්ද කියලා. ෆ්‍රෙඩී සිල්වා මහත්මයා වගේම,ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, විමල් කුමාර් ද කොස්තා වගේ අය බොහොමයක් දෙනා කෝලංකාරයෝ චිත්‍රපටයේ රඟපෑවා. හොඳට හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේකත්. 1991දී තිරගත වුණු කෝලංකාරයෝ, සුනිල් ආරියරත්න සහ තිස්ස නාගොඩවිතානයන්ගේ අධ්‍යක්ෂණයේ සුසංයෝගයක්.

5. බහුබූතයෝ

කොන්ක්‍රීට් වනන්තරේ මිරිඟු සර්පයා – තහනම් ගෙඩියකට ‍රැවටිලා

කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා – මලක් නොදු‍ටු උන් වාගේ දැලේ පැටලිලා

මතකයි නේද සින්දුව? නන්දා මාලිනිය ගායනා කරපු මේ ගීතය තිබුණේ 2001 අවුරුද්දේ තිරගත වුණු බහුබූතයෝ චිත්‍රපටියේ.

ලස්සනට රැවටිලා යක්ෂණියක්ව ගෙදරට වද්දගෙන ලැන්ටියි, බන්ටියි කරගත්තේ හරිම අකරතැබ්බයක්. සේරමත් පැත්තකින් තියමු, දුම් ගහලවත් මේ යක්ෂණිව එළවගන්න බැරි එකනේ වැඩේ. පළාතටම ඉන්න චණ්ඩියා වුණු සක්කර ගුණේට තියා, මේ ලෝකෙට පාත් වෙච්ච දිව්‍ය ලෝකේ දෙයියෙක්ටවත් බැරිවෙනවා ඒ වැඩේ කරන්න. ඔය විදියට ගලාගෙන යන බහුබූතයෝ චිත්‍රපටියේ හිනාවෙන්න පුළුවන් කොටස් එමටයි. රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, පබෝධා සංදීපනී තමයි මේකේ ප්‍රධාන චරිත රඟපෑවේ.

6. සිකුරු හතේ

“මඟුලක් කතා කොරනවා"

අපේ කතාබහට මේ වචන පෙළ එකතු වුණේ සිකුරු හතේ චිත්‍රපටියෙන්. දෙබස් ඇතුළෙන් බොහොම ස්වභාවික විදියට සිනහව මතු කරන්න හැකියාවක් තිබුණු, විජය නන්දසිරි මහත්මයා තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ. කපුකමෙන් ජීවිතය ගැටගහගන්න පුද්ගලයෙක්, තමන්ගේ දියණියට කසාදයක් හොයන විදිය සිකුරු හතේ සිනමාපටයේ කතා සාරයයි. සුසිලා කෝට්ටගේ, රොඩ්නි වර්ණකුල, හිමාලි සයුරංගි එහෙම රංගනයෙන් දාක වුණු මේ චිත්‍රපටිය තිරගත වුණේ 2007 අවුරුද්දේ.

7. මචං

“ජර්මනියට ගියාම සේරම අළුත්. මාත් අළුත්”

“ඔව් ඉතින්, උඹ මෙහෙදී කෙළවගත්ත හැටි එහේ උන් දන්නේ නෑනෙ”

කොමඩි චිත්‍රපටියක් විදියට එක එල්ලේම නම් කරන්න බැරි වුණත්, බලලා හොඳට හිනාවෙන්න පුළුවන් සිනමාපටයක් විදියට “මචං” හඳුන්වන්න පුළුවන්. මේකට පසුබිම් වුණේ ලංකාවේ සිදුවුණු ඇත්තම කතාවක් බව ගොඩක්දෙනා දන්නවත් ඇති.

එදිනෙදා වියදම ගැටගහගන්න, පොඩි පොඩි රස්සාවල්වල නිරත වුණු කණ්ඩායමක් ජර්මනියට යන්න උත්සහ කළා. ඒත් එක එක අඩුපාඩුකම් නිසා එයාලට ඒ වෙනුවෙන් ජර්මන් එම්බසියේ අනුමැතිය ලැබුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසා ලංකාවේ නැති හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදාගෙන, ජර්මනියේ තියෙන හෑන්ඩ්බෝල් තරගයකට යන්න එයාලා පෙළඹෙනවා. සැලසුම තිබුණේ ජර්මනියට යන්න විතරක්ම වුණත්, නොහිතපු විදියට එහෙදි හෑන්ඩ්බෝල් සෙල්ලම් කරන්නත් ඔවුන්ට සිදුවෙනවා. මේ හැමදේම අවසානයේදී පොඩි කණ්ඩායම් විදියට බෙදුණු මේ පිරිස රටවල් කිහිපයකට හොර රහසේම මාරුවෙනවා.

2008 අවුරුද්දේ තිරගත වුණු මචං චිත්‍රපටියේ කතාව ඔය වගේ එකක්. ධර්මප්‍රිය ඩයස්, දර්ශන ධර්මරාජ්, සුජීව ප්‍රියලාල්, මහේන්ද්‍ර පෙරේරා වගේ රංගන ශිල්පීන් මේ සිනමාපටයේ චරිත නිරූපණය කළා. මේ කතාවට පදනම් වුණු ඇත්ත පිරිස ගැන, අදටත් කිසිම ආරංචියක් නැති බව තමයි කියැවෙන්නේ.   

8.  කිං හන්තර්

“මන්ත්‍රී හොඳයි. ඇමති හොඳායි"

විජය නන්දසිරි මහත්මයාගේ විකට රංගනය හරි අපූරුවට දැකගන්න ලැබුණු තවත් චිත්‍රපටියක් විදියට “කිං හන්තර්” හඳුන්වන්න පුළුවන්. බල අරගලය කියන දේට එදා මෙදා කියලා වෙනසක් නැති බව තමයි මේකෙන් කියවුණේ.

අවුරුදු 300කට වගේ කලින් ඇතිවෙන කැරැල්ලක් ඇතිවෙනවා. පුරෝහිතගේ අවවාද අනූව, රජතුමාගේ හැඩරුවම ඇති වෙනත් කෙනෙක්ව (රූකඩ රජෙක්) පාවිච්චි කරලා සතුරා පළවා හරින්නත්, ඇත්තම රජතුමා ගුහාවක දීර්ඝ නින්දකට පත් කරන්නත් තීරණය වෙනවා. ඒත් හිතට එකඟව මේ දේ කරන්න ඇත්ත රජතුමා කැමතිවෙන්නේ නැහැ. ඒ නිසා එතුමා පළා යනවා. අන්තිමට අර කලින් කිව්ව දීර්ඝ නින්දට යන්නේ රූකඩ රජතුමායි.

අවුරුදු 300කට පස්සේ අපි මේ ඉන්න අනාගතයේදී අවදිවෙන රූකඩ රජතුමා අද සමාජයේ තියෙන දේවල් එක්ක ගැටෙන විදියත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. 2011 අවුරුද්දේ බිහිවුණු මේ චිත්‍රපටියේ මහේන්ද්‍ර පෙරේරා, අනර්කලී ආකර්ෂා වගේ නළු නිළියන් රැසක් රඟපෑවා.  

9. සුහද කොකා  

කාලෙකට උඩදී ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු එතුමා ටෙලිනාට්‍යය, ඇත්තටම අපට පෙරළි පෙරළි හිනාවෙවී බලපු ටෙලිනාට්‍යයක්. ඒකෙ ඉඳපු රාජ මන්ත්‍රී, සුමනසිරි, ලියන මහත්තයා, වික්‍රමසූරිය මාමා, සුමුදු වගේ චරිතවල මතකයන් ආයෙත් සැරයක් අලුත් කරන්න, 2015දී තිරගත වුණු “සුහද කොකා" චිත්‍රපටියට හැකිවුණා. ගිරිරාජ් කෞශල්‍ය මහත්මයා තමයි මේ සිනමාපටය අධ්‍යෂණය කළේ.

ඇත්තම කිව්වොත්, හොඳ විකට චිත්‍රපටියක් නම් කී සැරයක් බැලුවත් අවුලක් නැහැ;බලපු පළමුවෙනි සැරේ වගේම හිනා යනවා. ඔයාලටත් මතක් වෙන ඒ වගේ තවත් චිත්‍රපටි තියෙනවද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide