හවස් වෙද්දී එලියට එන ගෝල් ෆේස් එකේ ස්ට්‍රීට් ෆුඩ්.

ගෝල් ෆේස් කියන්නේ කොළඹ නගරයට ලස්සන කැන්දන දේවල් අතරින් ප්‍රධානතම අංගයක්. ලංකාවට එන විදේශිකයන් විතරක් නෙවෙයි ලංකාවේ දුර පළාත්වල ඉන්න ඇත්තොත් හෝ ගාන පොකුණ බලන්න එන්නේ මේ පැත්තට. යාළුවොත් එක්ක සෙට් වෙන්න, ගෙදර අයත් එක්ක පොඩ්ඩක් විනෝද වෙලා එන්න විතරක් නෙවෙයි, නිදහසේ ටිකක් කතා කර කර ඉන්න කැමති පෙම්වතුන්ටත් යන්න පුළුවන් තැනක් විදියට ගෝල් ෆේස් එක ප්‍රසිද්ධයි.

ගෝල් ෆේස් එකේ ලස්සන හොඳටම පෙන්නේ හවස් වරුවට තමයි. ලා රතු පාටින් හැඩගැන්වුන අහසෙන් ඉර බැහැගෙන යන හැටි මෙතනට හරිම ලස්සනට පේනවා. ඒ විදියට ඉර බැහැගෙන යද්දී ගෝල් ෆේස් එකේ එක පෙළට ඇරෙන කඩවල්, කෑම කරත්ත ටිකෙන් එකකට හෝ ගොඩ වෙලා කටට රහට දෙයක් කාලා නැත්තම්, ගෝල් ෆේස් එකට ආවත් ආවේ නෑ වගේ. ඇත්තම කිව්වොත්, ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ්වල එක්තරා පැතිකඩක් අපට මේ ගෝල් ෆේස් එකේ තියෙන කඩවල්වලින් දැකගන්න, රස විඳින්න ලැබෙනවා.

ඉතින් රස නහර පිනවන මේ කෑම වර්ග මොනවද? අපි පොඩි රවුමක් ගිහින්ම එමු.

1. ඉස්සෝ වඩේ

ගෝල් ෆේස් එක ප්‍රසිද්ධ ඉස්සෝ වඩේවලට කිව්වොත්, ඒ කතාවෙත් ඒ හැටි වැරද්දක් නැහැ. ගෝල් ෆේස් පැත්තට ඇවිල්ලා මේ සුප්‍රසිද්ධ ඉස්සෝ වඩේ එකක් කාලා නැත්තම්, ඇත්තමයි ඒ ගමනත් අසම්පූර්ණයි. මතුපිටින් ඉස්සෝ හතර පස් දෙනෙක් දාලා, ස්පයිසි රසට හදපු මේ ඉස්සෝ වඩේ උණු උණුවෙම ගන්න පුළුවන් කෑම කරත්ත පෙළක්ම ගෝල් ෆේස් එකේ තියෙනවා. පොඩියට කපපු රට ළූණු ටිකක් එක්ක සැර හොද්දකුත් ඉහලා මේ වඩේ එකක් පිළිගැන්වෙන්නේ රුපියල් 30ක් වගේ මුදලකට.

2. ඉස්සෝ මිශ්‍ර කරපු වඩේ

මේකත් ඇත්තටම ඉස්සෝ වඩේ ජාතියක්ම තමයි. එකම වෙනස වඩේ එක මතුපිටින් ඉස්සෝ අතුරනවා වෙනුවට, ඉස්සෝ මිශ්‍ර කරපු පරිප්පුවලින් වඩේ එක හදලා තිබීම. සාමාන්‍ය ඉස්සෝ වඩේ එකක් රවුම් හැඩයක් ගත්තත්, මේ වඩේ එක ඊට වඩා ටිකක් ලොකුවට, කොටුවක් හැඩේට තමයි හදලා තියෙන්නේ. ගෝල් ෆේස් එක අද්දරට හවස් වරුවට එන කෑම කරත්ත හැම එකේම වගේ රුපියල් 50ක් මුදලකට විකිණෙන මේ වඩේ එක උඩත් රසම රස මිරිස් හොදි වගේම හීනියට කපපු ළූණු ටිකක් එහෙම වරදින්නේ නැහැ.

3. බැදපු කකුළුවන්

ගෝල් ෆේස් කෑම කරත්තවලට තරමක් මෑතක ඉඳන් එකතු වුණු කෑම වර්ගයක් තමයි මේ ගැඹුරු තෙලෙන් බැදපු කකුළුවන්. සයිස් එකේ හැටියට රුපියල් 50, 100 සහ 200 ගණන්වලට තමයි මේවා විකිණෙන්නේ. මේවා හොඳට මස් ඇති කකුළුවන් බව නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. රට ළූණු කපලා දාලා, මිරිස් හොදි ටිකකුත් උඩින් ඉහලා දෙන නිසා හොඳ ස්පයිසි රසක් මේවයින් එනවා.

4. BBQ

කොළඹ පැත්තෙන් අඩු ගාණට හොඳ බාබෙකියු කන්න පුළුවන් තැන්වලින් එකක් තමයි නානාගේ කඩේ. එක කඩයක් නෙවෙයි, නානාගේ කඩවල් තුන හතරක්ම ගෝල් ෆේස් පිට්ටනියේ තියෙනවා. මේ කඩවල්වලින් කොයි එකට ගියත් එකම වගේ කෑම තමයි ගන්න ලැබෙන්නේ. සෝස් එහෙම තවරලා, කටට සැරට රස පදමට හදපු බාබෙකියු චිකන් කෑල්ලක් රුපියල් 300කට වගේ මෙතනින් මිලදී ගන්න පුළුවන්. ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් එහෙම උඩින් ඉහලා, රවුමට කපපු රට ළූණු එක්ක සලාද කොළයක් වගේම, තක්කාලි සෝස් ටිකක් එහෙම දාලා තමයි මේ බාබෙකියු පිළිගැන්වෙන්නේ. ඒ ඇරුණම, කෝටුවක අමුණපු බාබෙකියු චිකන් වින්ග්ස් පෙළක් පවා ගන්න පුළුවන් නානාගේ කඩෙන් රුපියල් 250ක් වගේ මුදලකට. චිකන් විතරක් නෙවෙයි, ඉස්සෝ, දැල්ලෝ, බීෆ් වගේ මස් මාළු වර්ගත් බාබෙකියු කරලා නානගේ කඩෙන් ගන්න පුළුවන්. කොහොම වුණත්, මේ බාබෙකියු එවෙලේම හදලා දෙන නිසා තමයි මේවයේ රස හුඟක්ම වැඩි.

5. කොත්තු

නානාගේ කඩේ කොත්තුව ගැන ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. ඇති පදමට මිරිස්, ලුණු, තුනපහ දාලා, යහමින් චිකන් හෝ බීෆ් දාලා හදන මේ කොත්තුවල රස නම් ආයේ කතා දෙකක් නෑ, සුපිරි. පිලාවුස්වල කොත්තුවලට වඩා පොඩ්ඩක් සයිස් එකෙන් අඩු වුණත්, නානාගේ කඩේ කොත්තුවේ රස බලන්න එ්කෙන් බාධාවක් නැහැ. කට්ටිය එක්ක එකට වාඩි වෙලා, මුහුදු හුළඟ වැදි වැදි කනකොට මේ කොත්තුවේ රස තවත් වැඩිවෙනවා කියලයි අපේ නම් අදහස. රුපියල් 250 වගේ ඉඳන් ඉහල ගණන් වලට රස වැහෙන කොත්තුවක් ගන්න පුළුවන් නානාගේ කඩෙන්.

තව මොනවද?

කලින් අපි කිව්ව වඩේ විකුණන කරත්තවලින් පරාටා, මසල වඩේ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඒත් ඉස්සෝ වඩේවලට තමයි ඉතින් ජයටම වෙළඳාම තියෙන්නේ. නානාගේ කඩේ පැත්තේ යනවා නම්, හොඳ රසට ඩෙවල් කරපු කකුළු කරියක් එක්ක ෆ්‍රයිඩ් රයිස් වගේ ජාතිත් ඔයාලට කාලා බලන්න පුළුවන්. හැබැයි ගෝල් ෆේස් එක දිගේ ඇවිදින ගමන් කන්න ඕනේ නම් බාබෙකියු වගේ කෑමක් තමයි හරියන්නේ.

මේ ඇරුණාම අච්චාරු විකුණන කරත්ත දෙක තුනකුත් තියෙනවා මේ හරියේ. අන්නාසි අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු  වගේ දේවල් මේ අච්චාරු කරත්ත වලින් ගන්න පුළුවන්. ඒත් රෑ 7න් වගේ පස්සේ නම් එයාලව හොයාගන්න නැහැ.

දැන් ඉස්සරහට එන්නේ සරුංගල් කාලෙනේ. සති අන්තෙක ඉර බැහැගෙන යන වෙලාව අල්ලලා සරුංගලයක් එහෙම අරන් ගෝල් ෆේස් පැත්තේ යන්න ඔයාලත් බලන් ඇති. මුහුදු හුළඟ වැදි වැදී ඉන්න මේ වගේ වෙලාවට දැනෙන පොඩි බඩගින්න නිවාගන්න වගේම, ආව ගමන තවත් රසවත් කරගන්න පුළුවන් විදියක් තමයි ගෝල් ෆේස් එකේ තියෙන මේ ස්ට්‍රීට් ෆුඩ්.

අපි මෙතන සඳහන් කරලා නැති, ඔයාලා ගෝල් ෆේස් එක පැත්තේ ගිහින් කාලා තියෙන තවත් මේ වගේ කෑම ජාති තියෙනවානම්, පහතින් කමෙන්ට් කරන්න. මොකද අපේ යාළුවන්ටත් එතකොට ඒ ගැන දැනගන්න පුළුවන්නේ.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Heritance Hotels and Resorts Partners with Galle Literary Festival as Exclusive Opening Night Sponsor

Heritance Hotels and Resorts, the flagship brand of Aitken Spence Hotels, proudly announces its continued

Trending

A Night to Remember at Excel World’s Indian Food Festival

Excel World came alive on the evening of January 11th with the grand opening of

Highlights Trending

Dine as Much as Your Heart Desires this Chinese New Year at The Kingsbury’s Yue Chuan

Celebrate the vibrant traditions of the Chinese New Year with a culinary experience like no

Trending

A Glittering Start to 2025: Sheraton Kosgoda’s Spectacular NYE Gala

Sheraton Kosgoda Turtle Beach Resort welcomed the new year in grand style with its highly

Trending

MSI Unveils New Laptop Lineup Featuring NVIDIA GeForce RTX 50 Series at CES 2025

Experience the Extreme Performance of NVIDIA GeForce RTX 50 Series Across 5 Different MSI Laptop

Trending

Graze Kitchen Presents “Timeless Taste of India” – An Exquisite Indian Culinary Showcase

Hilton Colombo's renowned Graze Kitchen invites guests to indulge in India's vibrant and diverse flavors

Trending

Yamu Guide.

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide