ඇඳිරි නීතිය අතරෙත් රයිස් ඇන්ඩ් කරි.. ඔබ ඉන්න තැනට ම!.

කොච්චර රහ ජාති රහ බලන්න ලැබුණත්, ලංකාවෙ අපිට බත් නොකෑවොත් නින්ද යන්නෙ නෑ කියල දන්නව නෙ? ඉතිං මේ ඇඳිරි නීති කාලෙ නං හැමෝම වගේ ගෙවල්වල නිසා කට්ටියට තුන් වේලට ම ඇති තරං බත් කන්න හම්බෙනව ඇති. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ, මේ ටිකේ ම කන්න ලැබුණේ එක ම ජාති නේද? ඇඳිරි නීතිය නිසා එළිපහළියට බහින්නත් අමාරු නිසා, එක එක ජාතියෙ කරීස් ගෙදර හදන්න මේ දවස්වල ටිකක් අමාරුයි. ඒ නිසා, පොඩි වෙනසකට වගේ කඩේ බත් එකක රහ බලන්න ලැබුණොත් කොහොම ද! මේ කියන්න යන්නෙ ඒකට ක්‍රමේ..

ඔයා ඉන්නෙ කොළඹ අවට නං, මේ පහළ ලිස්ට් එකේ තියන කෑම කඩවලින් ලෑස්ති වෙලා ඉන්නව, ඇඳිරි නීතිය අතරෙ වුණත් ඔයා ඉන්න තැනට ම රයිස් ඇන්ඩ් කරි ඩිලිවර් කරන්න..

*ඇඳිරි නීතිය අතරෙ කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට්වල සම්පූර්ණ ලැයිස්තුව බලන්න, මෙතන ක්ලික් කරන්න.

Kaala Balan – Maha Gedara

කාල බලන් එකේ රයිස් ඇන්ඩ් කරි ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ. එයාලගෙ කෑමවල රස  ගුණ ගැන අපි හැමෝම දන්නවා. දේශීය කෑම වේලක යහගුණ එක්ක එන මේ අයගේ බත් පැකට් එකේ එළවළු හතරක් එක්ක මස්/ මාළුවලින් අපි කැමති දෙයක් අඩංගු වෙනවා.ඒගොල්ලන්ගේ පෝක් කරිය ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ අයගෙ කෑම ලබාගන්න පුළුවන් දවල් කෑම විදිහට විතරයි. වැඩි විස්තර දැනගන්න කාල බලන් එකේ ෆේස්බුක් පිටුවට ඇහැ ගහගෙන ඉන්න. එදිනෙදාට උයන එළවළු වර්ග ගැන එහෙම එයාල ඒකෙ විස්තර පළ කරනවා. මිල ගණන් පහත පරිදියි.

  • රත්මලාන නගරය ඇතුළත ඩිලිවරි නොමිලේ.
  • අමතන්න: 077899231 (වට්සැප් පමණි) / 0112626252

Galle Caterers

කොළඹ තියන පරණ ම කේටරිං සර්විස් එකක් වෙන ගෝල් කෙටරර්ස් දැන් රයිස් ඇන්ඩ් කරි ඩිලිවර් කරන්න ලෑස්තියි. හැබැයි මේ අය තනි පුද්ගලයෙකුට විතරක් කෑම ඩිලිවර් කරන්නෙ නෑ. මෙතනින් ගෙන්නගන්නවා නං පවුලේ හැමෝට ම කන්න පුළුවන් තරමේ ලොකු කෑම වේලක් තමයි ලබාගන්න පුළුවන්. මේ කෑම වේලට බත්, චිකන් හෝ වෙනත් මස් වර්ගයක් සහ එළවළු වර්ග හතරක් ඇතුළත්. සම්පූර්ණ කෑම වේල 6 දෙනෙකුට ප්‍රමාණවත්. ලන්ච්, ඩිනර් දෙක ම මෙයාලගෙන් ලබාගන්න පුළුවන්. මිල ගණන් පහත පරිදියි.

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: නුගේගොඩ, දෙහිවල, කොළඹ
  • අමතන්න: 0114949222/ 0114542240/ 0112728480/ 0114367755/ 0773971044 (වට්සැප් / ෆේස්බුක් මැසේජ්)

Cloud Kitchen By CHM

COi by Vichalya එකට ම අයිති ක්ලවුඩ් කිචන් එකක් වෙන මේක, 10 දෙනෙක් දක්වා පිරිසට බෙදාහදාගෙන කන්න පුළුවන් කෑම වේල් කීපයක මෙනු එකක් හඳුන්වලදීල තියනවා. ඒගොල්ලන්ගේ රයිස් ඇන්ඩ් කරිවලට අමතරව බීෆ් කරියත් සුපිරි බව මතක් කරන්න ඕන. මිල ගණන් පහත පරිදියි.

  • ඇණවුමක අවම ගාස්තුව රු. 2000 විය යුතුයි.
  • ගෙවීමේ ක්‍රමය: බැංකු ගෙවීම්/ කෑෂ් ඔන් ඩිලිවරි (ඉතිරි මුදල් දීමට සිදු නොවන අයුරින්, නියමිත මුදල ම ගෙවිය යුතුයි.)
  • අමතන්න: ඉන්ස්ටග්‍රෑම් මැසේජ්

Curry Pot

  • කරි පොට් එකෙන් ඩිලිවර් කරන්නෙ දවල් කෑම විතරයි.
  • පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 දක්වා විවෘතයි.
  • අමතන්න: 0112573800/ 0774702732/ 0773454962

Spice & Curry

  • ස්පයිස් ඇන්ඩ් කරි එකේ රයිස් ඇන්ඩ් කරිත් දවල් කෑම විදිහට ලබාගන්න පුළුවන්.
  • පෙ.ව. 11.00ට කලින් ඇණවුම ලබාදෙන්න ඕනෑ.
  • අමතන්න: 0112811949/ 0777255515

Currymuch

කරිමච් එකේ දවල් කෑම රු. 250 සිට ඉහළට ලබාගන්න පුළුවන්. මෙයාලගෙ ඉස්සො කරිය එහෙම පංකාදු නිසා පුළුවන් නං ට්‍රයි කරල බලන්න.

  • මධ්‍යහ්න 12.00 සිට ප.ව. 3.00 දක්වා විවෘතයි.
  • කොළඹ නගරය ඇතුළත ඩිලිවරි නොමිලේ.
  • අමතන්න: 0115975975

Con Amor

මෙතනින් ලැබෙන බත් එකේ ඔබ කැමති මස් හෝ මාළු වර්ගයක්, එළවළු දෙකක්, සලාදයක්, චට්නි/ අච්චාරු සහ පපඩම් ඇතුළත් වෙනවා.

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: දෙහිවල අවට ඩිලිවරි නොමිලේ, මොරටුව, ගල්කිස්ස, අත්තිඩිය, නුගේගොඩ, වැල්ලවත්ත, බොරලැස්ගමුව සහ රත්මලාන
  • කෑෂ්, කාඩ් සහ ඔන්ලයින් ගෙවීම් භාර ගන්නවා.
  • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 11.00 සිට ප.ව. 2.00 දක්වා විවෘතයි.
  • අමතන්න: 0777748768

Palmyrah (Hotel Renuka)

රේණුකා හොටෙල් එකේ පැල්මයිරා එකෙන් ලන්ච් වගේ ම ඩිනර් එහෙමත් ඩිලිවර් කරන්න ලෑස්තියි. හැබැයි මෙයාල ඩිලිවර් කරන්නේ බත් පැකට් විදිහට නෙමෙයි. ඒ වෙනුවට ඔයා කැමති විදිහට බත්, කරීස්, මස්මාළු වර්ග එහෙම වෙන වෙන ම ගන්න පුළුවන්. මෙයාලගෙ ජැෆ්නා ස්ටයිල් කරීස් එහෙමත් ට්‍රයි කරන්න අමතක කරන්න එපා.

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 01-08
  • ලන්ච් ඇණවුම්: පෙ.ව. 9.00 – පෙ.ව. 11.00, ඩිනර් ඇණවුම්: ප.ව. 4.00- ප.ව. 6.00
  • ඩිලිවරි සේවාව සපයන වේලාවන්: මධ්‍යහ්න 12.00 – ප.ව. 3.00, ප.ව. 7.00 – ප.ව. 9.00
  • ඇණවුමක අවම ගාස්තුව රු. 4000 විය යුතුයි.
  • ඇණවුම ඩිලිවර් කළ පසු කෑෂ් හෝ කාඩ් මඟින් ගෙවීම් කළ හැකියි.
  • අමතන්න: 0112573598/ 0771590889 (වට්සැප්)

Kaha Bath Gedara

මුළු පවුලට ම හරි යන්න කහ බත් සවානක් ගෙන්නමු ද? මෙතන තමයි හොඳ ම තැන. මෙයාලගෙ ඇඹුල් තියල් වගේ ම, මීගමු ස්ටයිල් ඉස්සො කරිය එහෙමත් නියමයි.

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: රාජගිරිය, නාවල, කෝට්ටේ, නුගේගොඩ, බත්තරමුල්ල, තලවතුගොඩ, මාලබේ සහ පැලවත්ත
  • අමතන්න: 0777660740 (වට්සැප්)
  • කෑෂ් ඔන් ඩිලිවරි සහ ඔන්ලයින් ගෙවීම් කළ හැකියි.
  • ඇණවුමක අවම ගාස්තුව රු. 2000 විය යුතුයි.
  • රු. 3000ට වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි නොමිලේ.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

From Dusk Till Dawn: The Visionary Behind Sri Lanka’s nightlife revolution

By Vimasha Weerawansha  If you’re into nightlife and crave bold, unforgettable flavors, Sheran de Fonseka’s

Highlights Trending

Shangri-La Colombo Ushers in the Festive Season with a Spectacular Christmas Tree Lighting Ceremony

The festive spirit came alive at Shangri-La Colombo as the hotel hosted its much-anticipated Christmas

Trending

Discover Global Tastes: A Flavorful Adventure at The Kingsbury Buffet

By Sharon Nonis The Kingsbury Colombo offers one of the finest buffet experiences in the

Trending

Authentic Fusion Paella at Ocean

From November 5th to 30th, Ocean at The Kingsbury, invites guests to enjoy an authentic

Trending

Radisson Hotel Kandy Achieves Safehotels Certification

Radisson Hotel Kandy joins Radisson Blu Resort Galle and Radisson Hotel Colombo in proudly achieving

Trending

Yamu Guide.

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide