සීතල නැතිකර ගන්නත් එක්ක බොමුද උණු සුප් කෝප්පයක්?; රු. 300ට අඩුවෙන් චිකන් සුප් බොන්න කියාපු කඩ 8ක්.

මේ දවස් වල රටේ වෙන හැම දෙයක්ම ඉවස ගත හැකි, අමාරුවෙන් හරි බදු ගැහිල්ලත් ඉවස ගත්ත කියමුකො. වැස්සත් එක්ක හවස් ජාමෙට එන සීතලනෙ ඉවසන්න බැරි.

ඉස්සර නම් සීතල මැකෙන්න අරක්කු කාලක් හරි කටේ හලා ගත්තා. ඒත් දැන්! අරක්කු මතක් වෙද්දිත් දුවන්න හිතෙන ගාණයි. කාලක් ගන්නත්, දෙන්නෙක්ට සෙට් වෙන්න වෙලා තියෙන්නෙ. හැරත් අමුණල කරල හරි තනියෙන් ගත්තොත් පහුවෙනිදා වේලක් දෙකක් බඩ ගින්නෙ.

ඇත්තටම මොකද මේකට කරන්නෙ? මම කිව්වෙ අරක්කු ගණන් බස්සන්න ගේමක් දෙන එක නෙවෙයි, ඒ වෙනුවට බොන්න වෙන දෙයක් හොයා ගන්න එක.

දෙතුන් දෙනෙක්ගෙන්ම ඔය ගැන අහල බැලුවට හරි හමන් උත්තරයක් ලැබුනෙ නැති නිසා මම හිතුවා තනියම කල්පනා කරන්න. වැඩේ කියන්නෙ විනාඩියක් දෙකක් කල්පනා කරද්දිම මට ආවා කියන්නකො මරු අදහසක්.

මේකත් බීමක් තමයි, එකම අවුල තියෙන්නෙ කොච්චර බිව්වත් බඩ පිරෙනව මිසක් බඹර පදමට එන්නෙ නැති එක. ඒත් අවුලක් නෑ, ඇඟට හොඳයිනෙ කියල හිත හදා ගමු.

මේ ‘රස, චිකන් සුප්’

1. Lion Pub

සාමාන්‍යයෙන් රු. 300, 400 වගේ ගණන් වලට රසම සුප් බොනව නම් කියාපුම තැනක් තමයි ගල්කිස්සෙ ලයන් පබ් එක. විශේෂයෙන්ම චිකන්, ක්‍රැබ් වගේ සුප් වලට. හීනියට ලියපු චිකන්, කෝර්න්, ලාවට එකතු වුනු එළවලු රස, එතකොට ලුණු ගම්මිරිස් එහෙමත් පදමට තියෙනව මෙයාලගෙ සුප් එකේ. උණු උණුවෙ මේසෙට එන සුප් කෝප්පෙ සයිස් එක දැක්කාම නම් දෙන්නෙක්ට ඇතියි කියල හිතෙන්න ඉඩ තියෙනව. ඒත් බලන්න එපැයි බොන්න පටන් ගත්තට පස්සෙ, කාටත් හොරා බීගෙන බීගෙන යන්න හිතෙයි. ඒ තරම් රස.

2. Salad Guru

හෙට සෙනසුරාදානෙ, යන්න රේස් කෝස් වල ගුඩ් මාර්කට් එකට. එතන තියෙනව සැලඩ් ගුරු කියල කඩයක්. සුප් විතරක් නෙවෙයි නියම එළවලු පළතුරු ටිකක්, එතකොට ස්වාභාවික රසයෙන් අනූන සැලඩ් ටිකක් එහෙමත් රස බලන්න බැරි කමක් නෑ. මෙයාලගෙ චිකන් සුප් එකේ වගේම අනිත් සුප් වලත් දියාරු ගතිය ටිකක් වැඩි වුනාට රස නම් සෑහෙන්න හොඳයි. එතකොට ගානට තැම්බුනු චිකන් කෑලි, එළවලු කෑලි එහෙමත් හැපෙන නොහැපෙන ගාණට තියෙන නිසා උණු උණුවෙන් රස බලද්දි මරේ මරු.

3. Tori House

කොළඹ 05, සීබෙල් ඇවිනියු වල තියෙන ටෝරි හවුස් එකෙත් තියනව පට්ට චිකන් සුප් එකක්. හොඳ උකුවට වගේම චිකන් කෑලිත් හැපෙන ගාණට තියෙන්නෙ. එතකොට ලාවට එන කෝර්න්, එළවලු රසකුත් එකතු වෙලා නිසා රස කර කර බොන්න පුලුවන්. බඩත් හොඳ හැටි පිරෙන තරමෙ ලොකු දීසියක මේසෙට එන මෙයාලගෙ චිකන් සුප් එකේ ගාණ තමයි ටිකක් වැඩි. රු. 350ක් විතර වෙනව.

4. Amarawathi Restaurant

කටට රහට අඩුම ගාණකට චිකන් සුප් එකක් රස බලනව නම් මෙන්න තැන, කොල්ලුපිටිය දෙකේ කණුවෙ අමරාවතී රෙස්ටුරන්ට් එක. සුප් එක ඇති වෙන්නෙ නම් එක්කෙනෙක්ට විතරයි. හැබැයි තරමක් උකුවට වගේම චිකන් කෑලි එහෙමත් ලාවට හැපෙන ගාණට එකතු කරල තියෙන්නෙ නිසා බඩ කට වගේම හිතත් පිරෙනකම්ම රස බලන්න පුලුවන්. ලුණු ගම්මිරිස්‍ පදමත් අහල දැම්ම වගේ. කොහොම වුනත් ගාණ රු. 275යි නිසා පොකට් එක වාසියි

5. Chutneys

කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තියෙන චට්නි රෙස්ටුරට් එක ඉන්දියන් කෑම වලට ප්‍රසිද්ධ වුනාට මොකද චිකන් වලින් දාන වැඩ කිඩත් මෙයාලා ලඟ තියෙනව. ඒ අතරෙ මෙයාලගෙ චිකන් සුප් එකටත් තියෙන්නෙ හොඳ ඉල්ලුමක්. රු. 350ක් වගේ වුනාට හොඳ උකුවට, චිකන් කෑලි කටට හැපෙන ගාණට එකතු කරල තියෙන නිසා තලු මර මර රස බලන්න පුලුවන්.

6. Chinese Dragon Cafe

සුපිරිම චිකන් සුප් එකක් රස බලන්න පුලුවන් තවත් තැනක්. තියෙන්නෙ බම්බලපිටිය මිලාගිරි ඇවිනියු එකෙයි, කොටුව ඩච් හොස්පිටල් කිට්ටුවයි රාජගිරිය හංදියෙයි. ඒ හැරුණාම වත්තල මීගමුව පාරෙත් එකක් තියෙනව.

චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ සුප් තරමක් දියාරු වුනාට චිකන් කෑලි, එළවලු කෑලි එහෙම කටට රසට හොඳට හැපෙන්න තියල තමයි හදල තියෙන්නෙ. මේ සුප් එකක් උණු උණුවෙ මේසෙට එද්දි දැනෙන සුවඳට කටට කෙලත් උනනව. ගාණ රු. 350ක් වුනාට මොකද පාඩුවක් නම් නෑ. මොකද බඩ පැලෙන්න හිත පිරෙන්න බොන්න පුලුවන් තරමෙ ලොකු දීසියක් පුරවල එනවනෙ.

7. The Red Pineapple

කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන රෙඩ් පයිනැපල් එකෙත් රස චිකන් සුප් තියෙනවා කියල ආරංචියි. හොඳ ඝනට හැදුණු සුප් එකක්ලු. හැබැයි චිකන් කෑලි එහෙම සෑහෙන්න පොඩියට, දියවෙන ගාණටම තැම්බිලා එන නිසා හප හප රස බලන්න නම් බැරි වෙයි. ඒ වුනාට මොකද ලුණු ගම්මිරිස් පදම, ලාවට එකතු වුනු එළවලු රස හොඳ හැටි තියෙනවනෙ. ගාණත් රු. 300ක් වගේ තමයි වෙනව කියන්නෙ.

8. Olive’s Kitchen & Grill

චිකන් සුප් කිව්වට මෙයාලා ලඟත් තියෙන්නෙ චිකන් කෝර්න් සුප්. හැබැයි පට්ට රසයි. රු. 300ට අඩුවෙන් බොන්න පුලුවන් රසම සුප් එකද මන්දා. ලා දියාරු ගතියකුත් එක්ක එන මේ සුප් දීසිය හොඳ හැටි බඩ පුරව ගන්න පුලුවන් තරම් ලොකුයි. චිකන් කෑලි වගේම කෝර්න් කෑලිත් ලාවට හැපෙන්න තියෙනව. ලුණු ගම්මිරිස් පදමත් නියම ගාණට. වැඩි කතා ඕන නෑ, අදම ගියත් පාඩු නෑ කියල කට ඇරල කියන්න පුලුවන් තැන.

අපි 8කට කොටු කලාට ඔයාලා එහෙම කොටු වෙන්න එපා. තව සුප් කඩ තියෙනව නම් කමෙන්ට් කරන්න. ඒක නෙවෙයි අපි ලඟදිම දවසක රු. 500ක් 600ක් වියදම් කරල සැපට ඉඳන් සුප් බොන්න පුලුවන් කඩ ටිකකුත් කියන්නම්. එතකොට කට්ටියට ඒවටත් ගොඩ වෙන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Celebrate the Season with The Kingsbury’s Festive High Tea Buffet at Churros

Celebrate the most wonderful time of the year with a Festive High Tea Buffet at

Trending

A Limited-Edition Christmas Masterpiece: Hazelnut & Passion Yule Log Train by Shangri-La Colombo

This festive season, Shangri-La Colombo unveils an exclusive culinary treasure - the Hazelnut & Passion

Trending

Colombo’s Most Anticipated Holiday Sing-Along Is Back in Town!

This December, the festive spirit is set to hit a high note as Christmas Crescendo,

Trending

Cook, Dine, and Celebrate the Season with Tabletop Teppanyaki at Tenkū

This Christmas, Tenkū offers a one-of-a-kind dining experience that puts you in control of the

Trending

A Taste of the Atlantic at The Kingsbury’s Ocean

This festive season, Ocean, The Kingsbury’s celebrated seafood restaurant, invites you to embrace a world

Trending

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

Yamu Guide.

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide