අපූරු සවාරියක්! රු. 6000ට වනගත රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්.

ආයෙත් ඕං දිග නිවාඩුවක්. වැස්සත් එක්ක ගෙදරට වෙලා ඉඳපු අයට සුපිරි චාන්ස් එකක්. ඒ නිසා බල බල ඉඳල හරියන්නෙ නෑ. හනික ලෑස්ති වෙන්න ඕන. මොකද පොඩ්ඩ පරක්කු වුනොත් බුකින්ග් නැති වෙනවනෙ. හැරත් වැස්සට සරු වෙලා කොළ පාටට දිස්න දෙන සොබාදහමත් එක්ක දවස් දෙක තුනක් නිදහසේ ගත කරන්න මේ අවුරුද්දට ලැබෙන අන්තිම චාන්ස් එකත් එක්කනෙ. ඉතින්.. කොහේ හරි දුර බැහැර පැත්තකට ගිහින් කැලේ කොලේ ඇවිදලා, කඳු නැගලා, සතා සීපාවා කුරුළු කොබෙයියො ටිකකුත් දැක බලාගෙන හැන්දෑවට පොඩි අඩියක් එක්ක ගිණිමැලයක් වටේට රොක් වෙලා සිංදුවක් කියාගෙන රිලැක්ස් වෙනව කියන්නේ… සුප්ප තමයි.

වැඩේ කියන්නෙ ඒකට පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව. මොකද මේ දවස්වල වනගත නවාතැන් ඔක්කොම වගේ බිසීනෙ. අනික සුද්දොත් යන එන කාලෙ නිසා ගණනුත් ටිකක් වැඩියි. හැබැයි, එහෙමයි කියල ඔයාලා අදහස අත් ඇරගන්න එපා. මොකද අපි ඉන්නවනෙ,

ඔයාලා ලෑස්ති වෙන අතරට රට වටේ හොයල හොයලා… අපි හොයා ගත්තා, අතේ තියෙන ගාණට රැයක් ගත කරන්න කියාපු වනගත නවාතැන් ටිකක්. ඒවයින් 6ක් තියෙනව ඔන්න පහලින්. බීච් සයිඩ්, රේන් ෆොරස්ට්, ඩ්‍රයි සෝන් වගේම නැෂනල් පාර්ක් අවටින් එහෙමත්. ඉතින් ඒ අතරින් හිත යන එකක් තෝරල කරල බුක් කරන එක ඔයාලගෙ වැඩක්. හැබැයි ඉක්මන් නොකලොත්… ඒකත් ඔයාලගෙ වැරද්දක් වේවි හොඳේ!

1. Atha Safari, Udawalawe (076 2331918)

(රු. 4000)

උඩවලව 96 හංදියෙන් ටිකක් ඇතුලට වෙන්න පිහිටල තියෙන මේ පුංචි මැටි කබානා ටිකේ ලස්සන, ගිහිල්ලම තමයි බලන්න ඕන. මොකද මේක අමුතුම ගතියක් තියෙන තැනක්. ඒ වගේම තමයි සුපිරි ගමේ අත්දැකීමක් ගන්නත් කියාපු තැන. ඔය අතරට අලි රොතු බුරුතු පිටින් මුණ ගැහෙන අපූරු සෆාරියක් එහෙම ලෑස්ති කරගන්නත් මෙයාලට කියල පුලුවන්. හැරත් ගමේ රහට හායි හූයි ග ගා රස බලන්න වැව් මාළු, පොලොස් ඇඹුලක් වගේ එක්ක කෑම බුෆේ එකකුත් මෙයාලගෙ තියෙනවනෙ. අනික හැන්දෑවෙ ගිණිමැල, බාබකියු පාර්ටිය එහෙමත් මෙතන වරදින්නෙ නෑ.

2. Sigiri Queens, Sigiriya (071 2981460)

(රු. 3000)

පිදුරංගල ඉස්සරහම වගේ, සීගිරිය පේන මානයේ… කැළේ ඇතුලටම වෙන්න තියෙන අපූරු නවාතැනක්. නිදහස වගේම සොබා සෞන්දර්යයත් උපරිමයි. අනික ඔක්කොම ට්‍රී හවුස් නිසා සාමාන්‍ය නවාතැනක අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් ලබන්නත් පුලුවන්. මෙයාලගෙ කෑම බීම එහෙමත් සෑහෙන්න හොඳයි කියල ගියපු ගොඩ දෙනෙක් කියනව. කෙසේ වෙතත් කුරුළු කොබෙයියො, සතා සීපාවා පිරිච්ච වට පිටාවයි, වෙල් යායවල් ටිකයි නිසා වනගත අත්දැකීමක පහස නම් උපරිමයි කියල වගකීමෙන්ම කියන්න පුලුවන්.

3. Sinharaja Gate Cabanas, Deniyaya (070 2293786)

(රු. 5000)

මීදිරිපිටිය පිවිසුමට ලඟින්ම පිහිටපු තවත් අපූරු නවාතැනක්. හදල තියෙන්නෙ පුංචි කඳුගැටයක මුදුනත අල්ලල, මුලු මනින්ම ලී වලින්. ඒ නිසා ඈතට වගේම ලඟටත් මේ කබානා ටික හරිම ලස්සනයි. අනික සුව පහසුවත් උපරිමයි. නැතත් ඉතින් හතර වටින් ඇහෙන කුරුළු සද්ද ටිකයි, හීතල හුලං පොදයි එක්ක මොන අඩුපාඩුද කිව්වලු. අවංකයෙන්ම තිබ්බත්, අමතක වෙලා යන ගාණයි. උදෙන්ම නැගිටල, කැළේ කොළේ හොඳ රවුමක් ගහල ගඟෙන් නාලා කරලා දවල් කෑමට එන විදියට ගමන ප්ලෑන් කරගත්ත නම් ඔයාට පුලුවන් හිතේ හැටියට රිලැක්ස් වෙලා හැන්දෑවට ගිණිමැල පාර්ටියටත් වාඩි වෙන්න. වාඩි වෙලා ඉතින් රැහැයි සද්දෙත් එක්ක තාලෙට සිංදුවක් මුමුණන්න, බොංගො එකක් අරගෙන පොඩි තට්ටුවක් දාන්න.., විතරක් නෙවෙයි, ලාවට පොඩි ෂොට් එකක් එහෙම දාන්නත් බැරියැ!

4. That’s Why, Trinco (077 1756290)

(රු. 5000)

නිකම් පිග්මි ගෙවල්වල හිටිය වගේ. හැබැයි බීච් එකේ. ඒකත් නිකම් නෙවෙයි, සුන්දර නිලාවැලි බීච් එකේ. හොඳ හැටි සුවපහසු මේ කබානා ටිකේ විශේෂත්වය වෙන්නෙත් ඒවයෙ හැඩයමයි. ඒ හැරුනාම මෙතනට යන ඔයාට රස වෑහෙන සීෆුඩ් කෑම ටිකකුත් රස බලන්න පුලුවන්. එතකොට… ස්නෝකෙලින්ග්, ඩයිව්න්ග් වගේ ඇක්ටිවිටීස් වලට සෙට් වෙන්නත් එහෙම නැත්නම් බෝට් රයිඩ් වගේ ෆැමිලි ඇක්ටිවිටීස් වලට සෙට් වෙන්නත් පුලුවන් කමක් තියෙනව. හැබැයි ඒ කොහොම වුනත් හැන්දෑවෙ ගිණිමැල, බාබකියු පාර්ටියයි බෝතල්, බොංගො ගිටාර් අඩුම කුඩුම ටිකයි නම් ඔන්න අමතක කරගන්න එපා හොඳද!

5. Athgira River Camping, Udawalawe (0474 937399)

(රු. 6000)

උඩවලව, වලවේ ගඟෙන් කැඩුන පොඩි අතු ගංගාවක් අයිනෙ තියෙන මේ කෑම්ප් සයිට් එකත් වනගත අත්දැකීමක් ගන්න කියාපු තැන. මොකද මෙතන ගොඩක් ඉදිකිරීම් කරල තියෙන්නෙ ලී, මැටි වගේ දේවල් වලින්. අනික කැළේ කොළේට හානි කරල තියෙන්නෙත් ගොඩක්ම අඩුවෙන්. හැබැයි මෙතනම අධි සුඛෝපභෝගී කොටේජ් කීපයකුත් තියෙනව, පූල් එකක්, ලස්සන උද්‍යානයකුත් එක්කම. ඒ හැරුනාම වැව් ඉස්මත්තක විව් එකක් සෙට් වෙන සුප්ප ප්ලේස් කිපයකුත් තියෙනව. කට්ටිය කියන විදියට නම් මෙයාලගෙ කෑම බීම, සර්විස් එක එහෙමත් නොම්මර එකයි. කොහොම වුනත්, මෙතනත් අර සැඳෑ ගිණිමැල පාර්ටිය නම් අඩු පාඩුවකින් තොරවම, අනිවා!

6. Eco Tree House, Habarana (077 7198540)

(රු. 4000)

අලි විමානෙට මායිම්ව, ඉදිවුනු අපූරු ට්‍රී හවුස් එකක්. වැඩේ කියන්නෙ ඇත්තටම මේක හේනක පැලක් වගේ. මොකද පාවිච්චි කරපු ලී, අඩුපාඩු මොනවත් ෆිනිෂ් කරල නෑ. එහෙමයි කියල මෙතන සුවපහසුවෙ අඩුපාඩුවකුත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කෑම බීම, සුපිරි ගමේ රහට තියෙනව කියල ගොඩ දෙනෙක් කියනව. ඒ වගේම තමයි හබරණ, මින්නේරිය සෆාරි යන්නත් ජීප් එහෙම කොයි වෙලෙත් ලෑස්ති පිට. ඔක්කොමත් හරි හැන්දෑවට ගහෙන් බැහැල, පාමුල ලන්තෑරුම්, ගිණිමැල එළියෙන් පොඩි අඩියකට සෙට් වෙද්දිනෙ ෆීලින්ග් එක. හප්පේ… ෆුල්ම වයිල්ඩ් ඈ!

එච්චර තියෙද්දි ඉතින්… තව මොන වනගතද, නේ? ඔය මදෑ මෙදා පාර නිවාඩුවට. හැබැයි ඉතින් ගිහින් ඇවිත් අපිටත් කියන්න ඕන අත්දැකීම්, හොඳද. මොකද අපිත් ආසයිනෙ ඉතින් ඕවා අහලා දැනගන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Heritance Hotels and Resorts Partners with Galle Literary Festival as Exclusive Opening Night Sponsor

Heritance Hotels and Resorts, the flagship brand of Aitken Spence Hotels, proudly announces its continued

Trending

A Night to Remember at Excel World’s Indian Food Festival

Excel World came alive on the evening of January 11th with the grand opening of

Highlights Trending

Dine as Much as Your Heart Desires this Chinese New Year at The Kingsbury’s Yue Chuan

Celebrate the vibrant traditions of the Chinese New Year with a culinary experience like no

Trending

A Glittering Start to 2025: Sheraton Kosgoda’s Spectacular NYE Gala

Sheraton Kosgoda Turtle Beach Resort welcomed the new year in grand style with its highly

Trending

MSI Unveils New Laptop Lineup Featuring NVIDIA GeForce RTX 50 Series at CES 2025

Experience the Extreme Performance of NVIDIA GeForce RTX 50 Series Across 5 Different MSI Laptop

Trending

Graze Kitchen Presents “Timeless Taste of India” – An Exquisite Indian Culinary Showcase

Hilton Colombo's renowned Graze Kitchen invites guests to indulge in India's vibrant and diverse flavors

Trending

Yamu Guide.

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide