ශ්‍රී ලංකාවේ ඉපැරණි සිතුවම් ලෙස සලකනු ලබන්නේ දැනට වැදි ජනතාව ඇඳි චිත්‍ර වේ. මෙකී චිත්‍ර ප්‍රාග් ඓතිහාසික සිතුවම් ලෙස හැඳින්වීමට නොහැකි නමුත් තන්තිරිමලේ, බිල්ලෑව, මඩකලපුවේ කදුරු පොකුණ, කිරි පොකුණ, අරංගොඩගල, ගමකන්ද, ගල්ගේ, කුඩුම්බිගල, ලේනම, බඹරගස්තලාව, ගනේගම, රජගල, කොනත්තෙගොඩගල, දොරවක, හෙනන්නේගල, සංගමන්කන්ද, මණ්ඩාගල්ගෙ, මොලගොඩ, දිඹුලාගල, හැවල එළිය, ඌරාකන්ද, හුලන්නගේ, ගොනාගොල්ල, පදවිගම්පොල, කොටියාගල, හක්බෙලිකන්ද, බුදුගල, කන්දේගම, නැව්ගල, ආඬියාගල, මණ්ඩගල්ගේ, උඩුගේ කන්ද, මලයඩි කන්ද, පිහිල්ලේගොඩ, කෝමරිකාගල, කෝනත්තෙගොඩගල, අළුගල්ගේ යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙන් ද සාධක ලැබී තිබේ.
තව ද කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දොරවක, ඌරාකන්ද හා රත්නපුර දිස්ත්‍රික්කයෙහි බුදුගලින් ද, වවුනියා දිස්ත්‍රික්කයෙහි කොන්ගාරයක්කුලමින් හා හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් හවලඑළිය වැනි දිවයින පුරා ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.
තන්තිරිමලේ ‘වැදි චිත්‍ර ගුහාව’
අනුරාධපුර තන්තිරිමලේ ගුහාවේ වැඩිපුර දැකිය හැක්කේ රේඛා මඟින් කරන ලද සත්ව රූප හා මිනිස් රූප කිහිපයකි. ඒ අතරින් බොහෝ ඒවා සුදු පාටින් ඇඳි කුරුටු රූප වේ. සත්වරූප වලින් කිහිපයක් පැතලි ලෙස වර්ණ කොට තිබේ. රතු සහ කළු පුල්ලි සහිත කොටියෙකුගේ රූප, දුනු ඊතල රැගත් මිනිස් රූප, ගව, මොනර හා තලගොයි රූපද මෙහි දක්නට ඇත. එම සිතුවම් වසර 4000 ක් තරම් පැරණිය. ආදි මානවයා තම සිතුවම් වලට යොදා ගත්තේ සත්ව දඩයමය. ඒ අනුව ලංකාවේ ප්‍රාග් ෙඑතිහාසික ලෙන් බොහෝමයක් තුළ ඇඳ තිබෙන්නේ මිනිස් රූප, සත්ව රූප සහ දඩයම් රූපමය.
දොරවක
කෑගල්ලේ බෙලිගල, වරකාපොළට නුදුරු මල්දෙනිය වතුයායේ පිහිටා තිබෙන දොරවක කියන්නෙ එකකින් අනෙක දරා සිටින විශාල ගල් පර්වත දෙකකින් සෑදුණු ස්වාභාවික ගල් ලෙනකි. පළලින් අඩු උසින් අඩි 55 ක් පමණ වූ ගල් පර්වත දෙකක් ඉහලින් යාවෙන සේ ලෙනක හැඩයක් ගෙන ඇත. මෙහි උස අඩි 55කි. මූලික පුරාවිද්‍යා පරීක්ෂනට අනුව මෙම ස්ථානයෙහි ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ බවත්, එම චිත්‍ර ඔවුන්ගේ බවත් තීරණය කර ඇත. මෙම චිත්‍ර ඇඳ ඇත්තේ පොළොවේ අඩි 6ක පමණ උසකිනි. ඒවා ජ්‍යාමිතික හැඩයන්ගෙන් යුක්තය. චිත්‍ර ඇඳීම සඳහා ගල් බිත්තිය තවත් ගලකින් කපා සකස් කර ඇති බවද පෙනේ. ‘ඇත සහා පැටවා’ යනුවෙන් ප්‍රසිද්ධ චිත්‍රයක් වේ.
බිල්ලෑව
අනුරාධපුර, බිල්ලෑවෙ පිහිටි මෙම ගල් ලෙන්හි බිත්ති මත රේඛා භාවිතා කරමින් චිත‍්‍ර නිර්මාණය කර ඇත. අලි රූප මෙන්ම බහු මාධ්‍යයෙන් නිම කල චිත‍්‍රද වේ. තවද ගෙයක් තුල සිටින මිනිසුන් දෙදෙනෙකු ගේ රූප හා හඳුනා නොගත් සංකේතද බිල්ලෑවෙන් හමුව ඇත.
හුලංනුගේ
මේවා ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්ය. ඇතුපිට නැගි ඇත් ගොව්වා ලෙසින් ප්‍රසිද්ධය. ඒ හැරුනු කොට එම ලෙන තුල සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒවායෙහි මිනිස් රූප, සත්ව රූප, සතුන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංඛේත හා හඳුනාගත නොහැකි යම් යම් සටහන් ද වේ. නමුත් බහුල වන්නේ ඇත් හා අලි රූපය. ඊට හේතුව බෙහෝදුරට මෙය ලාහුගල වනෝද්‍යානය ආසන්නයෙහි පිහිටීමය. සුදු, අළු හා රතු යන වර්ණ තුනෙන්ම මෙම සත්ව රූප ඇඳ ඇත. හස්ති රූපයන්ට අමතරව කබර ගොයි රූප ද හදුනගත හැකිය. තවද වලිගය රහිත පාදවල ඇඟිලි තුනක් ඇති උරග වර්ගයේ සත්ත්වයෙක්ද, ඉබ්බාගේ හැඩය ගන්නා සත්ව රූපයක් ද හඳුනාගත හැකිය. මානව රූප දක්වන එක් සිතුවම් පෙළක එක් මිනිසෙකුගේ හිසෙහි හා කණෙහි යම් ආභරණයක් හෝ පළඳනාවක් දක්වා ඇත. හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ක්ෂේත‍්‍රයේ වැදගත් සිතුවම් අතර සතුන් මත නැගි මානව රූප වැදගත් වේ.
ඉර නිරූපණය කිරිමේදී දික් අතට ඉරි හතරක් මගින් ජේදනය කර රවුමකින් ආවරණය කරමින් නිරූපණය කර ඇත. හඳ සම්පුර්ණයෙන් ම වෘත්ත හැඩයක් වර්ණ ගන්වා එය ආවරණය වන පරිදි නැවත රවුමක් ඇඳ ඇත.